Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබාමා සිතුවම් විකිණීමට

44හැවිරිදි අති දක්ෂ චිත‍්‍ර ශිල්පිණියක වුණු ඇමී ෂෙරල්ඞ් විසින් අඳින ලද බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමාගේ සිතුවම් දෙකක් පසුගිය සතියේ ඔබාමා යුවළ අතින්ම නිරාවරණය කෙරුණා.
ඔබාමා යුවළ වගේම ඇමී කියන්නෙත් කළු ජාතික කාන්තාවක්. ඇය බෝල්ටිමෝවල දුප්පත් පවුලක ඉපදිලා චිත‍්‍ර ශිල්පය නිසාම ජනප‍්‍රිය වුණු කෙනෙක්. මේ වෙද්දී රටවල් කීපයකම චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වා ඇති ඇය තමන්ගේ සිතුවම් විකුණලා ලබා ගන්න මුදල්වලින් සියයට 65ක් විවිධ දක්ෂතා සහිත දරුවන් වෙනුවෙන් වෙන් කරන්න පදනමක් පිහිටුවලා තියෙනවා.
ඇය මේ වතාවේ ඔබාමා යුවළගේ චිත‍්‍ර ඇන්දේ පළමුවෙනි වතාවටයි. මේ චිත‍්‍ර දෙක මේ වෙද්දිත් විවෘත වෙන්දේසියක වෙන්දේසි වෙමින් පවතිනවා. ඔබාමා යුවළට කැමති කෙනෙකුට දැනටත් පුළුවන් ඒ චිත‍්‍ර දෙක මිලදී ගන්න. ඒ මුදල් බැර වෙන්නෙත් කලින් කියපු පදනමටම තමයි.
 
දුලාංජලී මුතුවාඩිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.