
වගාවෙන් භූමි අලංකරණය කරන ශිල්පීන් බොහෝ සිටියත් සමස්ත වගා බිමම එකම සිතුවමක් බවට පත්කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ස්ටැන්ය. කැන්සාස් පෙදෙසේ වෙසෙන ඔහු වසර 40ක් තිස්සේ මේ කාර්යයේ යෙදී සිටී.
වැන් ගෝ නමැති චිත්ර ශිල්පියාගේ ප්රකට නිර්මාණයක් වන ‘ඔලිව් ගස්’ නමැති චිත්රය ස්ටෑන් ශාක ඇසුරින් නිම කිරීමට සමත්ව ඇත. ඒ මනස්කාන්ත නිමැවුම වෙනුවෙන් හෙතෙම සම්මානයටද පාත්ර වූයේය.
තම නිර්මාණ කාර්යය ප්රායෝගික වටිනාකමක් සහිත බවත් එය මිහිතලය මත කෙරෙන සජීවී නිර්මාණයක් බවත් ඔහු පවසන්නේය. ළමුන්, කලාකරුවන්, ගොවීන් ආදී විශාල පිරිසක් සමග එක්ව සැලසුම් කර නිර්මාණය කරන මෙම කලා කෘතියෙන් අවසන සිදුවන්නේ වගා කිරීමයි. අවසාන ප්රතිඵලය කෘෂි අස්වැන්නයි.
භූමි නිර්මාණ කිරීමේදී ස්ටෑන්ට ගොවිබිමේ පස් පෙරළීම, පැළ සිටුවීම, වල් නෙළීම ආදී කටයුතු රැසක නියැලීමට සිදුවේ. මෙසේ ඔහු අතින් සිදු කෙරෙන්නේ අත්හැරදමන ලද ප්රදේශයකට සජීවී අගයක් දීමයි. කලාත්මකව රටා මැවුණු වගාබිමක වැඩකිරීමේ සතුට මේ කාර්යයේ යෙදෙන සියලූ දෙනාට හිමි වනු ඇත.
‘මෙය සාර්ථක වුවහොත් වසර දෙකක් ඇවෑමෙන් ජනතාවට භාර කරනවා. මගේ කලාව ඒකයි.’ ස්ටෑන් පවසයි.
මේ දිනවල ස්ටෑන් සිටින්නේ චීනයේය. ඔහු එහි තවත් වගා චිත්රයක නිර්මාණ කටයුතුවල නියැලෙමින් සිටී. අනතුරුව අක්කර ගණනාවක භූමියක් වගාවෙන් විචිත්ර කිරීමට ඔහු ආපසු කැන්සාස් වෙත පැමිණිය යුතුවේ. ස්ටෑන් ලවා සා ඕ පාලෝහි භූමියක සුවිසල් උඩුකය සිතුවමක් නිර්මාණය කිරීමටද යෝජනා වී ඇති අතර ආර්ථික හා දේශපාලනමය ගැටලූ කිහිපයක් නිසා එය නවතා ඇති බව සඳහන් වෙයි.
ඒ.ජී.රේණුකා ප්රියදර්ශනී
ප්රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.