Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආම්ලික ගතිය වැඩිවීම නිසා මුහුදු ජීවීන්ට දැඩි අනතුරක්

USea

මුහුදේ ආම්ලික ගතිය වැඩිවීම නුදුරු අනාගතයේදීම මුහුදු ජීවීන්ට දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇති කරන බව වසර අටක් තිස්සේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ. නූතන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සියලු මුහුදු ජීවීන්ට දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇති කරන බවට සැක පළවෙයි. විද්‍යාඥයන් දෙසීය පනස්දෙනෙක් සහභාගිවී කළ මෙම පරීක්ෂණයේදී මෙම තත්ත්වය විශේෂයෙන් බිලිඳු වියේ පසුවන මුහුදු ජීවීන්ට බලපාන බව සොයාගෙන තිබිණි. ඒ අනුව වර්තමානය හා සසඳන විට මෝර පැටවෙකු ගැටවරවිය දක්වා වැඩීම හතරින් එකකින් අඩු වන බව කියැවේ. මෙම පරීක්ෂණ කටයුතු ජර්මනියේ මූලිකත්වයෙන් පවත්වන ලදී. ලබන නොවැම්බරයේදී ජර්මනියේ පැවැත්වෙන දේශගුණ සමුළුවේදී මෙම වාර්තාව සාකච්ඡාවට ගැනෙනු ඇත.
 නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.