Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුගාබේගේ පත්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය අවලංගු කරයි


Mugabe

එල්ල වූ බලවත් විරෝධය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සන්නාම තානාපතිවරයෙකු ලෙස සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා තීරණය කොට තිබේ. මෙම තීරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ ඊට  විවිධ පාර්ශ්වවලින් එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගෙන තීරණය අවලංගු කළ බව ඔහු කියයි. ‍පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා සිම්බාබ්වේ රජය දක්වන දායකත්වය අගයන බව ඔහු මුලදී පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන්නන් කියන්නේ මුගාබේගේ තිස්හත් වසරක පාලන කාලයේ මුල් විසි වසර තුළ ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රය පුළුල් කළද වසර දෙදහසේ එරට ඇති වූ ආර්ථික උද්ධමනයෙන් පසු සෞඛ්‍ය බෙහෙවින් පිරිහුනු බවය. රට තුළ ඔසු හිඟ බවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට නිසි වෙලාවට වැටුප් නොලැබෙන බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.