lakbima.lk

අසිරිමත් මිනිස් සිරුර

ස්වාභාවික නිර්මාණ අතරින් සංකීර්ණම සහ අසිරිමත්ම නිර්මාණය විදියට සැලකෙන්නේ මිනිස් සිරුරයි. මිනිස් සිරුරේ අස්ථි පද්ධතිය නිසා තමයි අපිට හොඳට කෙළින් හිටගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අස්ථි පද්ධතිය ගොඩාක් ශක්තිමත් වෙන්න  ඕනේ. හැබැයි මිනිස් සිරුරේ තිබෙන සියලූම අස්ථිවලින් ශක්තිමත්ම අස්ථිය නම් අපි නිකමටවත් හිතන්නේවත් නැති එකක්. ඒ තමයි හකු අස්ථිය. එහෙමත් නැත්නම් යටි හනුව සහිත අස්ථිය. හකු අස්ථියේ ශක්තිමත් බව සමාන කරන්න පුළුවන් අස්ථියක් මිනිස් සිරුරේ නැහැ. හරියටම කියනවා නම් පාදයේ පිහිටලා තිබෙන ජංඝාස්ථිය වගේ දොළොස් ගුණයකින් හකු අස්ථිය ශක්තිමත් බවින් යුක්තයි. ඒ නිසා කවුරුහරි කිව්වොත් ”හක්ක කැඩෙන්න ගහනවා” කියලා, බය නැතිව ”හා ගහන්න” කියලා කියන්න. මොකද ඇත්තටම හකු අස්ථිය කැඩෙන්න ගහන්න නම් බැරි තරම්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.