Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුපර්මෑන්ගේ පෙම්වතිය මෙලොවින් සමුගනියි

සුපර්මෑන්ගේ පෙම්වතිය වූ ලොයිස් ‍ලේන්ගේ චරිතය රඟපාමින් ජනප්‍රිය වූ නිළි මාගෝ කිඩර් මියගිය බව වාර්තා වන අතර ඒ වන විට ඇගේ වයස අවුරුදු හැට නමයකි. මොන්ටානා ප්‍රාන්තයේ තම නිවස තුළදී ඇය මියගිය බව ඇගේ අවමඟුල් කටයුතු භාරව සිටින අවමඟුල් සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. 1970 හා 80 ගණන්වලදී සුපර්මෑන්ගේ චරිතය රඟපෑ ක්‍රිස්ටෆර් රීව් සමග ඔහුගේ පෙම්වතිය ලෙස රඟපාමින් ඇය ජනප්‍රිය වූවාය. කැනඩාවේ උපත ලැබූ ඇය 2005 වසරේදී ඇමෙරිකානු පුරවැසි බව ලබාගත් අතර කලාවෙහි නිරත වන අතර කාන්තා අයිතිවාසිකම් හා දේශපාලන කටයුතුවලද පෙරමුණ ගත්තාය. ඇගේ මරණයට හේතුව ප්‍රකාශයට පත්කොට නොමැත.
 
නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.