Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසර මිලියන දෙකක් පැරණි අශ්ව ‍පොසිලයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඌටා ප්‍රාන්තයේ පවුලක් උද්‍යාන අලංකරණ කටයුත්තක යෙදී සිටියදී පැරණි අශ්වයකුගේ ‍පොසිල කොටස් කිහිපයක් හමුවී තිබෙන අතර මේවා වසර මිලියන දෙකකටත් වඩා පැරණි බව පැවසෙයි. මෙසේ හමුවූ අස්ථි කොටස් පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණෙන්නට හැකියාවක් නොතිබුණු නිසා පවු‍ලේ සාමාජිකයන් අසල කෞතුකාගාරයක සේවයේ යෙදී සිටි ප්‍රාෂාණිභූත විද්‍යාඥයකු වූ රික්හන්ටර්ගේ සහය විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ මේ ‍පොසිල ඌටා නිම්නයේ අයිස් යුගයේදී ජීවත් වූ අශ්වයකුට අයත් බවය. මෙම ‍පොසිල කොටස් හමු වී ඇති ආකාරයේද විශේෂත්වයක් තිබේ. ඒ මේවා ස්වභාවිකවම පසට යට වූ ‍පොසිල් කොටස් පමණක් නොවන නිසාය. මෙහිදී පෙනී යන්නේ මේ අශ්වයා මරණයෙන් පසු මෙතැන භූමිදානය කොට ඇති බවය. මෙහිදී අනුගමනය කොට තිබෙන්නේ මිනිසකු මිය ගිය පසු භූමිදානය කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපාටියකි. මෙය ඉතා විරල හමුවීමක් බවද මෙය සිදු වූ සමයේදී මෙය ජලයෙන් යට වී තිබුණු බිම් පෙදෙසක් බවද මේ නිසා කුමක් හෝ විශේෂත්වයක් මේ ‍පොසිල ශේෂ පසුපස  තිබෙන බවද රික්හන්ටර් පවසයි. මේ ‍පොසිල දුටු විගසම මෙය මැමත් සතෙකුට අයත් නොවන බව තමා දැනගත් බවද මෙය ෂෙට්ලන්ඩ් වර්ගයේ ‍පෝනියකුට අයත් බවද ඔහු පවසයි. මෙහි තවමත් හිස කොටස සොයාගැනීමට නොහැකි වී ඇති අතර ඉදිරියේදී එය සොයා ගන්නට හැකි වනු ඇතැයි හන්ටර් විශ්වාසය පළ කරයි.
 
නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.