lakbima.lk

මොස්කව් හා බීජිං නගර අතර ඇති යුදමය සබැඳියාව තව තවත් ශක්තිමත් කරමින් රුසියාව සීතල යුද්ධයෙන් පසුව පැවැත්වෙන ලොව විශාලතම යුද අභ්‍යාසයට චීනයට ඇරයුම් කර තිබේ. පෙර පැවති සෝවියට් සංගමයේ සාමාජිකයකු නොවන රාජ්‍යයක් සමඟ රුසියාව පවත්වන පළමු හමුදා (මිලිටරි) අභ්‍යාසය ලෙස ඉතිහාස ගත වෙමිනි.

මෙහිදී රුසියානු හා චීන යුද ටැංකි,  ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා හා ප‍්‍රහාරක ජෙට් යානා සිය ගණනක් හා දෙපාර්ශ්වයේම සෙබළුන් දහස් ගණනක් උරෙනුර ගැටෙමින් යුද වදින අතර එය දැවැන්ත මිත‍්‍රශීලී සංදර්ශනයක් බව පැවැසේ. මෙමඟින් කලාපයේ භූ දේශපාලනය යළි සැකසෙනු ඇති බවටද ඉඟි පළ කෙරී ඇති අතර මොස්කව් සමග හීන වී යන සබඳතා මෙම මිලිටරි ව්‍යායාමය නිසා අලූත් කිරීමට ඉඩ ලැබෙන බවට චීන පාර්ශ්වය මත පළ කර ඇත.

ඨඡුඋ යනුවෙන් හැඳින්වෙන දේශපාලනික අවදානම් පිළිබඳ උපදේශන සේවයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන ෆ්ලොරොන්ස් කාහිල්  පවසා සිටියේ බීජිං හා මොස්කව් ද්විත්වයම ඔවුන්ට පැවරෙන සම්බාධක හා මුහුණ පෑමට සිදු වන වෙළෙඳ යුද්ධවල ප‍්‍රතිඵලය නව සන්ධානයන් ගොඩනගා ගැනීම බව මෙම අභ්‍යාසයෙන් පෙන්වා දෙන බවයි. ”ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රමුඛත්වය යටතේ දියත් වන ජාත්‍යන්තර පිළිවෙතක් දෙස එදිරිවාදී හැඟීමකින් බලන තාක් මොස්කව් හා බීජිං අතර තරගයකට වඩා සහයෝගය පැවතීමේ ඉඩකඩ ඉහළයි.” ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

භට කණ්ඩායම් 300,000ක් සහ 40,000 කට අධික රථ සමූහයක් යොදා ගනිමින් දින  7ක් පුරා පැවැත්වූ මෙම ‘වොස්ටොක්‘ යුද අභ්‍යාසයට සමගාමීව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂිජිත් පෙන්ග් අතර සාකච්ඡුාවක් වලැයිටොස්ඔක් හි පැවැත්විණි. ඒ රුසියාව විසින් සිය බලවත් අසල්වැසියා වූ චිනය තම කණ්ඩායමට එක් කරගැනීමට දියත් කළ උත්සාහයක සාර්ථක වීමක් ලෙස එම සාකච්ඡුාව දැක්විය  හැක.

”මෙම විශාල අභ්‍යාසය සැලසුම් කර ඇත්තේ බාහිර ප‍්‍රතිවාදීන්ගෙන් එල්ලවිය හැකි ආක‍්‍රමණවලට ලබා දිය හැකි පිළිතුරු මවා පෙන්වීම උදෙසායි.” Carnegie Moscow Center හි ආසියානු පැසිෆික් වැඩසටහනේ රුසියානු සභාපති ඇලෙක්සැන්ඩර් ගබයි මෙසේ පවසා සිටියේ ය. ”දශක ගණනාවක් තිස්සේ චීනය සැලකුණේ එම ප‍්‍රතිවාදීන්ගෙන් එකෙකු ලෙසයි. දැන් ඔවුන්ට සහභාගි වීමට ඇරයුම් කිරීම නිසා අනෙකුත් ආක‍්‍රමණිකයන්ට එදිරිව චීනය මිත‍්‍ර පාක්ෂිකයෙකු ලෙස දැක්වෙනවා.” චීනයත් රුසියාවත් අතර පවතින 4200 km දිගු මායිම පසුගිය සියවස තිස්සේම දෙපාර්ශ්වයේම ප‍්‍රශ්නවලට හේතු විය. ඒ අතර දේශසීමා ගැටුම් බොහොමයක් ද වේ. කෙසේ වුවත් මෑත කාලයේ දී පටන් ඔවුන් වඩා ශක්තිමත් වෙළෙඳ, බලශක්ති ආයෝජන හා ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. දෙරටේ නායකයන් අතර, 2014 මොස්කව් වෙත බටහිර සම්බාධක පැනවීමෙන් පසු ඇති වූ පෞද්ගලික මිත‍්‍රත්වයක් මීට  පෙරමුණ ගෙන තිබේ.

මෙ වන විට චීනය සහ උතුරු කොරියාව අතර ගොඩනැගෙමින් පවතින හොදහිත හා උතුරු දකුණු කොරියානු රාජ්‍ය අතර වර්ධනය වෙමින් පවතින යහපත් සැබෑ සම්බන්ධතාද සලකන කළ රුසියානු චීන නව මිත‍්‍රත්වය ඇමරිකාවට ප‍්‍රබල අභියෝගයක් වනු ඇතැයි විදෙස් විත්ති විචාරකයෝ පවසති.

මිහිදිනී හපුආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.