lakbima.lk

ග්වාටමාලා කියලා කියන්නේ මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකොව කිට්ටුව තිබෙන රටක්. ග්වාටමාලාවේ අරුම පුදුම විවාහ සිරිතක් ගැනයි මේ කියන්න යන්නේ. ඔවුන්ගේ විවාහ මංගල උත්සව අවසන් වෙන්නේ මහා ගිනි ජාලාවකින් කිව්වොත් නිවැරදියි. ඒ මෙහෙමයි. දේවස්ථානයේ සිදු කරන විවාහ පූජාවෙන් පස්සේ මනාලයාගේ නිවසේ දී උත්සවයක් පැවැත්වෙනවා. මේ උත්සවයේ ප‍්‍රධාන අංගය තමයි පෝසිලේන් සීනුව. ඉස්සෙල්ලාම පෝසිලේන්වලින් හදපු විශාල සීනුවක් අරගෙන මේ සීනුව ඇතුළට විවාහ උත්සවයේ තිබෙන සෑම කෑම වර්ගයකින්ම ටික ටික දානවා. ඊට පස්සේ අලූත් මනාල යුවළ දේව පූජාවෙන් පස්සේ නිවසට ඇතුළු වෙද්දිම මනාලයාගේ අම්මා කරන්නේ අර සීනුව පුළුවන් තරම් වැරෙන් පොළොවේ ගසන එකයි. එතකොට ඒකෙ තිබුණු කෑම වර්ග ඔක්කෝම සී සීකඩ විසිරෙනවා. ඔය අතරෙ ආරාධිත අමුත්තන්ට කෑමට ආරාධනා කරනවා. ඔවුන් ආහාරගෙන අවසන් වුණාට පස්සේ කරන්නේ අර සී සීකඩ ගිය කෑම ඔක්කොම එකට එකතු කරලා ගිනි ගොඩක් ගහන එකයි. ගිනි ගොඬේ විශාලත්වය වැඩි වෙන තරමට තමයි මනාල යුවළට ආශිර්වාද වැඩි වෙනවා කියලා විශ්වාස කරන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.