lakbima.lk

මහජන ඡන්දයෙන් ජයගෙන රටේ අගමැති වුවත් කලින් කරමින් සිටි රැකියාව අත් නොහළ අපූරු මිනිසෙකු වෙත පසුගිය සතියේ ලෝකයේම ජනමාධ්‍ය ඇස යොමුව තිබුණි. ඔහු භූතානයේ අගමැති ලොටේ ෂෙරිංය.

1968 වසරේ සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස උපන් ලොටේ වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයකි. ඔහු මෞත‍්‍රවේදය පිළිබඳ වෛද්‍ය පුහුණුව සපුරාගෙන ඇත්තේ විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයෙනි. එය ඔහුගේ පශ්චාත් උපාධියයි. අවසානයේ ඔහු ආපසු භූතානයට එන්නේ එම පුහුණුව ලත් එරට ප‍්‍රථම ශල්‍ය වෛද්‍යවරයා වශයෙනි.

අද ඔහු රටේ අගමැතිවරයාය. එහෙත් සතිඅන්තය ඔහු ගතකරන්නේ අගමැතිවරයා ලෙස නොවේ. සෙනසුරාදා දවස ගතවෙන්නේ රජයේ රෝහලේය. ඔහු ලෙඩුන් බලයි. ඒ දවසේ ඔහු වාට්ටුවේ නැත්නම් සිටින්නේ ශල්‍යාගාරයේය. එද ඉතා සතුටිනි.

’මානසික ආතතියෙන් මිදෙන්න මට ඒක හොඳයි. සමහරු ගොල්ෆ් ගහනව. තව අය දුනුශිල්ප කරනව. මම කැමති සැත්කම් කරන්න.’ යනුවෙන් ලොටේ වෛද්‍ය වෘත්තියේ තවමත් යෙදෙන්නේ ඇයිදැයි ඇසූ විට පිළිතුරු දෙයි.

වෛද්‍ය ලෝගුව ඇඳ වෙද නලාව අත දරා කලබළකාරී කොරිඩෝ අතරින් ඇවිද යන වෛද්‍යවරයා ගැන කිසිවෙකුට වගක් නැති සෙයකි. රෝහල් කාර්යමණ්ඩලය සුපුරුදු පරිදි තම කාර්යයන්හි නියැලෙති. මේ වැඩකරන්නේ තම රටේ අගමැතිවරයා යැයි කිසිවෙකුට නොසිතේ.

ලොටේ ෂෙරිංගේ බිරිය හෙවත් අගමැති ආර්යාව ද වෛද්‍යවරියකි. ඔවුනට එක් දියණියක සිටින අතර තවත් ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු ඔවුන්ගේ භාරයට ගෙන හදාවඩා ගන්නා බව පැවසේ. ලොටේට අනුව ඉරිදා යනු පවුලේ දවසයි. එදින ඔහු පවුලේ සාමාජිකයන් හා ගතකිරීමට වෙන්කර ඇත.

බ‍්‍රහස්පතින්දා උදය කාලයේ වෛද්‍ය සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ ඉගැන්විම් කටයුතු හා උපදේශනය සඳහා ඔහුගේ කාලය වෙන්වේ.

භූතාන අග‍්‍රාමාත්‍යවරයාගේ ජනපි‍්‍රය කතාවක් අන්තර්ජාලයේ ඇත. සාර්ථක ඉගෙනුමක් සඳහා අවශ්‍ය වන්නේ දේශන නොව සාකච්ඡා බව ඔහු එහි පවසයි. හොඳ වෛද්‍යවරයෙකු වීමට නම් පළමුව හොඳ මනුෂ්‍යයෙකු විය යුතු බව හේ අවධාරණය කරයි.

සැබැවින්ම මේ භූතානය නමැති කුඩා බෞද්ධ රටේ භෞතික සංවර්ධනයත් සමග උතුරායන්නේ ආධ්‍යාත්මික ගුණාංගයන් බව පෙනේ. එහි දියුණුව මැනෙන්නේ සතුට නමැති දර්ශකයෙනි. එහි ජනයා බොහෝ ප‍්‍රීතිමත්ව වෙසෙති.
භූතානයට රූපවාහිනියක් ලැබෙන්නේ 1999දීය.

එහි අගනුවර වන තිම්පු නුවර සංඥා විදුලි පද්ධතියක් නැත. දුම්කොළ වෙළඳාම සපුරා තහනම්ය. රජය පරිසර සංරක්ෂණයට උපරිම දායකත්වයක් ලබාදෙයි. එරට භූමියෙන් 60%ක් වනාන්තර වශයෙන් තබා ඇත. එරට ආයු අපේක්ෂණ කාලය ඉහළ යමින් ඇත. ළදරු මරණ, බෝවන රෝග අඩුවෙමින් ඇත.

භූතානයේ ෙදාස්තර අගමැති ලොටේ  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධියකට ද හිමිකම් කියයි. මේ අපූරු අගමැතිවරයාගේ අදහස තමා මියෙන තෙක් වෛද්‍ය වෘත්තියේ යෙදීමයි. තමා රෝහලේදී රෝගීන් වඩා හොඳ තත්ත්වයකට පත්කරන්නා සේම අගමැතිවරයා වශයෙන් රට යහපත් කිරීමට කටයුතු කරන බව හේ පවසයි.

”සතියේ දිනවල මම කාරෙක එළවගෙන යද්දී හිතන්නේ රෝහලට යෑම සඳහා ආපහු එන්න ලැබෙන්න කියලයි’ කෙතරම් අපූරු මානුෂික ගුණාංගයක්ද? නිහතමානිකමක්ද?

 ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී

  1. පෞද්ගලික ආරක්ෂිකාවගේ ආරක්ෂාව තායිලන්ත රජු යටතට
  2. ඇමෙරිකාවට ආදායම් බදු ගෙවන බ්‍රිතාන්‍යයේ අලුත් කුමාරයා
  3. වසර මිලියන පන්සීයක් පැරණි ග්‍රේට් කැනියන් නිම්නය
  4. බෘෘනායි රාජ්‍යයේ සමලිංගිකයන්ට අලුත් නීතියක්
  5. ලොව බරින් වැඩිම දැරිය ආලියා සලීම්
  6. සුඩානයේ යුද්ධය වෙනුවෙන් පාප්වහන්සේගේ වැඳ වැටීම
  7. අවුරුදු 65,000කට පසු මානව වර්ගයාට අලුත් නෑයෙක්
  8. ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්
  9. බ්‍රෙක්සිට් නිසා මේ තවත් අමාරුවේ
  10. රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට
  11. කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි
  12. වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?
  13. ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය
  14. රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි
  15. ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ
  16. අල්කයිඩාවේ මීළඟ නායකයා ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සාද?
  17. “අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ
  18. කාල් මාක්ස්ගේ සොහොන්කොතට සති දෙකක් තුළ ප්‍රහාර දෙකක්
  19. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  20. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  21. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  22. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  23. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව
  24. අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල
  25. ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.