lakbima.lk

 

ලොව පුරා ආන්දෝලනාත්මක වූ දුම්රිය අතුරුදහන් වීම් අතරින් 1911 දී හට ගත් ‘සැනෙටී’ දුම්රිය ඛේදවාචකය ප්‍රමුඛ ය. එම දුම්රිය ඉතාලියේ  රෝමයේ සිට ලොම්බාර්ඩ් කඳුකරය වෙත යාමට  පිටත් වූයේ 106 ක් මඟීන් සමඟ  ය.  ඒ 1911 ජුනි 14 වන දින පැවති විශේෂ දුම්රිය චාරිකාවක් සඳහා ය. මේ සඳහා සහභාගි වූයේ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන් බව සැළකේ.

කිලෝ මීටර් එකකින් සමන්විත ලොම්බාර්ඩ් උමඟට  ඇතුළු වී මඳ වේලාවකින් ඉන් පිටතට ගිය දුම්රියක සලකුණු නොවිණ. ගමන් ගත් මඟීන් 106 න් දිවි බේරාගෙන තිබුනේ මඟීන් දෙදෙනෙක් පමණී. නමුදු ඔවුන්ගේ ද සිහි මඳ තත්වයේ පැවතිණ.

කෙසේවෙතත් අතුරුදහන් වූ දුම්රිය පිලිබඳ ඔවුන් කියා සිටියේ මීදුමක් වැනි සුදු දුමාරයක් මුලු මැදිරි හරහා ගලා ගිය බවයි. ඒ අතර මිනිසුන් විලාප දුන් බවත් හැකි තරම් වේගයෙන් ඔවුන් දුම්රිය වෙතින් ඉවත් වූ   බවත් ය. පසුව හටගත් පළමු ලෝක යුද්ධයේ බෝම්බ දැමීම් හේතුවෙන් මෙම උමඟ සම්පූර්ණයෙන් වැසී ගොස්  තිබූ අතර දුම්රියෙන් අතුරුදහන් වූ පුද්ගලයන් 106 පිලිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීය.

වාසනාවට මෙන් 1926 දී දුම්රිය මඟියෙක් විසින් පැරණි පුවත්පත් රැසක් පරික්ෂාවට ලක් කිරීමේ දී අපූරු වාර්තාවක් හමුවිය. එය 1845 දී ලියූ සටහනකි. එම සටහනට අනුව මෙක්සිකෝවේ දී ඉතාලියානුවන් යැයි කිව හැකි පුද්ගලයන් 104 ක් පිළිබඳ වාර්තාවක් පළ වී තිබිණ. පුදුම සහගත ලෙස ඔවුන් එහි උන්මත්තකාගාරයක රඳවනු ලැබ ඇත. ඔවුන් පැළඳ සිට ඇත්තේ ද එකී රටට සරිලන ඇඳුමින් ද නොවේ. ඔවුන් අතර තිබූ සුරුට්ටු රඳවනයක 1907 යැයි සටහන්ව ඇත. එම සුරුට්ටු රඳවනය තවමත් මෙක්සිකෝවේ පවතියි.

මෙම අද්භූත දුම්රිය  අතුරුදහන් වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ මත පළ කරමින් සිටියි.  නමුත් ‍එදින පිටත් වූ දුම්රිය මේ වන විට බොහෝ රටවල දර්ශනය වි ඇත. එසේ දර්ශනය වී ඇත්තේ රුසියාව, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය හා රොමේනියාව වැනි රාජ්‍යයන් තුළ ය. මෙම සියලු රටවලට මෙම දුම්රිය දර්ශනය වී ඇත්තේ එන්ජිම සහිතව ජනෙල් වසා ගත් කුඩා මැදිරි 3 ක් සමගිනි.

ක්‍රිමියාව තුළදී දුටු දුම්රිය රේල් පීලි මතින් ධාවනය නොවී ගොස් ඇත. තවත් සමහරෙක් මත පළ කරන්නේ යම් කිසි කාල තරණයකට මෙම  දුම්රිය ලක් වන්නට ඇති බවයි.  කෙසේවෙතත් නිසි විද්‍යාත්මක පරික්ෂණයකින් හෝ කිසිදු සාක්ෂියකින් 1906 දී අතුරුදහන් වූ දුම්රිය සොයා ගත නොහැකි වීම පුදුම සහගත ය.

 

කරුණු උපුටාගැනීම අන්තර්ජාලයෙනි

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.