Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිනමාව නම් වූ මාධ්‍ය ලොව පැතිර යාමෙන් පසුව ලෝකයේ නිර්මාණය වූ චිත‍්‍රපට සියල්ල අතරින් මෙතෙක් ලොව වැඩිම ආදායමක් ඉපැයූ චිත‍්‍රපටය බවට පත්ව තිබෙන්නේ ඇවටාර් චිත‍්‍රපටය බව පසුගියදා ෆෝබ්ස් සමීක්ෂණ ස`ගරාව වාර්තා කර තිබිණි. 2009 වසරේ දෙසැම්බර් මස ප‍්‍රදර්ශනය ආරම්භ කෙරුණු ඇවටාර් චිත‍්‍රපට වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායම වැය කර තිබූ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 237කි. හොලිවුඩයේ අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණය මත නිර්මාණය වූ ඇවටාර් චිත‍්‍රපටයේ කතා රචකයා වන්නේ ද ඔහුම වීම විශේෂත්වයකි. ඉතාම දුර්ලභ ලෝහයක් සොයා යන පෘථිවි වැසියන් කීප දෙනෙකුට පෘථිවියේ සිට ආලෝක වර්ෂ දහස් ගණනක් දුරින් පිහිටි ග‍්‍රහ මණ්ඩලයකට අයත් ග‍්‍රහයෙකුගේ චන්ද්‍රයෙකු මත ජීවත් වන, මිනිසාට බොහෝ සෙයින් සමාන රූපයක් සහිත ජීවීන් කොට්ඨාසයක් හමුවීමත්, ඔවුන් සතුව ඇති ඉහත කී දුර්ලභ ලෝහය ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා පෘථිවි වැසියන් ඔවුන්ට එල්ල කරනු ලබන ආක‍්‍රමණයත් පිළිබඳ කතාව ඇවටාර් චිත‍්‍රපටයෙන් නිරූපණය වී තිබේ.
මෙම චිත‍්‍රපටය ලෝකයේ රටවල් 88ක ප‍්‍රදර්ශනය වී තිබූ අතර ඉන් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.788 ක් නොහොත් මිලියන 2788ක් ලෙස වාර්තා වේ. එය මෙම චිත‍්‍රපටය සඳහා වැය කළ මුළු මුදල මෙන් දොළොස් ගුණයක් පමණ වන මුදලකි. අද දක්වාම ඇවටාර් චිත‍්‍රපටය සඳහා දැඩි ඉල්ලූමක් පවතින බැවින් එහි තවත් කොටසක් පිළිබඳව සිතීමට තමාට අවශ්‍ය නැති බව වරක් ජේම්ස් කැමරන් මාධ්‍ය සාකච්ඡුාවක දී පවසා තිබිණි. නමුත් ඇවටාර් චිත‍්‍රපටයට වසර 10 ක් පිරෙන 2019 වසරේ ඇවටාර්  හි දෙවැනි කොටසක් නිකුත් කරන්නට අදහසක් පවතින බව පසුගිය කාලයේ විවිධ වෙබ් අඩෙවි ඔස්සේ ප‍්‍රකාශ විය.
පිටස්තර ග‍්‍රහ ලෝකයක තොරතුරු පිළිබඳ කතාවක් වූ ඇවටාර් චිත‍්‍රපටය නිර්මාණය කිරීමේ දී මුහුණ පාන්නට සිදු වූ අපහසුතා පිළිබඳව වසර අටකට පසු කැමරන් සී එන් එන් ඔස්සේ වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. චිත‍්‍රපටයේ පිටපත ලියන අතර පිටසක්වල ග‍්‍රහ ලෝකයක ජීවීන් කුමන ආකාරයේ භාෂාවක් කතා කරන්නේ ද යන්න පිළිබඳව පර්යේෂණ කළ බවත් අවසානයේ ඉතියෝපියානු, පර්සියානු සහ චීන යන භාෂා තුනම යොදාගෙන නවතම භාෂාවක් නිර්මාණය කරන්නට එම භාෂා පිළිබඳ විද්වතුන්ගේ උදව් උපකාර ලබා ගත් ආකාරය පිළිබඳව ඔහු පැහැදිලි කර තිබිණි. මේ අනුව මෙම භාෂා ත‍්‍රිත්වය යොදා නිර්මාණය කළ නව භාෂාව ඇවටාර් චිත‍්‍රපටයේ පිටසක්වල චරිත ර`ගපාන නළු නිළියන්ට සහ හ`ඩ කැවීම් සිදු කරන ශිල්පීන්ට පුහුණු කරවීම සඳහා මාස හතරක පමණ කාලයක් ගත වූ බව ද ඔහු පවසා තිබේ.
මෙම චිත‍්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ පිටසක්වල ග‍්‍රහ ලෝකයක ජීවත් වන සතුන් විසින් නගන ශබ්ද සඳහා නව ශබ්ද නිර්මාණය කිරීමයි. පොළෙ`ගකුගේ වන් සමක් ඇති හිවලූන්, කකුල් හයක් ඇති බල්ලන්, පියාපත් යුගල් හතර බැගින් ඇති පක්ෂීන් වැනි සතුන් වෙනුවෙන් ශබ්ද නිර්මාණය කිරීම මිනිසා වෙනුවෙන් නව භාෂාවක් නිර්මාණය කිරීමට වඩා අපහසු වූ බව කැමරන්ගේ අදහසයි. මේ වෙනුවෙන් සතුන් විසින් නගන ශබ්ද පටගත කිරීම සඳහා ඇමේසන් වනාන්තරයේ සහ කොස්ටරිකාවේ වනාන්තරවල ඉදි කළ අට්ටාල මත සවි කරනු ලැබූ ශබ්ද පටිගත කිරීමේ උපාංගයක් මගින් මාස දෙකක් පමණ නොනවත්වා සත්ව ශබ්ද පටිගත කර තිබූ අතර එම ශබ්ද එකිනෙක සංයෝජනය කර නව ශබ්ද නිර්මාණය කර පිටසක්වල සතුන්ගේ ශබ්ද ලෙස චිත‍්‍රපටයට යොදා ගත් ආකාරයද ඔහු පැහැදිලි කර තිබේ.
නිෂ්පාදන කණ්ඩායමේ මීළ`ග අභියෝගය වූයේ පිටසක්වල ජීවීන් සඳහා ඇඳුම් නිර්මාණය කිරීමේ කාර්යයි. මේ වෙනුවෙන් ඇමෙරිකානු සහ බි‍්‍රතාන්‍ය මෝස්තර නිරූපණ ශිල්පීන් 23 දෙනෙකු යොදා නිර්මාණය කළ ඇඳුම් නිර්මාණ 60ක් පමණ විමසුමට ලක් කර තිබූ අතර ඉන් තෝරා ගත් නිර්මාණ තුනක් එකිනෙක මිශ‍්‍ර කර පිටසක්වලයන් සඳහා ඇඳුම් නිර්මාණය කළ බව ද ඔහු පවසා තිබිණි. නිර්මාණ කාර්යන් අතරින් වැඩිම වියදමක් දරන්නට සිදු වී තිබුණේ තාක්ෂණික අංශය සඳහාය. එනම් රූගත කරණු ලැබූ සහ පටිගත කරනු ලැබූ සියල්ල සංස්කරණය කිරීමේ ක‍්‍රියාවලිය සඳහාය. එය මුළු චිත‍්‍රපටය සඳහා වැය වූ මුදලින් සියයට 80ක් බවද කැමරන් පවසා තිබේ. 
 
දුලංජලී මුතුවාඩිගේ

පෘථිවියේ උසින් වැඩිම ස්ථානය හිමාල කඳු පන්තියට අයත් එවරස්ට් කන්ද බව අපි දනිමු. නමුත් එහි කිසිම කෙනෙකුට දිගු කාලයක් ජීවත් වීමේ හැකියාවක් නැත. එසේ නම් ලෝකයේ ඉහළින්ම ජීවත් වන්නෝ කවුරුන් විය හැකි ද? මේ කියන්නට යන්නේ ඉතා දුෂ්කර වූ ද පිටිසර වූ ද ගම්මානයක් ගැනය. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ හිමාචල් ප‍්‍රාන්තයේ වන අතර එම ගම්මානය කාසා නම් වූ කොට්ඨාසයට අයත් වූවකි. මෙම ගම්මානය නම් කර ඇත්තේ ‘කොමික්’ යනුවෙනි. එය පෘථිවියේ ඉහළින්ම පිහිටි ගම්මානය ලෙස නිල වශයෙන් නම් කිරීමක් සිදු වී නැති වුව ද මේ වනවිට එය ලෝකයේ ඉහළින්ම පිහිටි, මිනිසුන් ජීවත් වන ස්ථානය ලෙස සැලකිය හැකි බව භූ විiාඥයන්ගේ මතයයි.
2016 වසර වනවිට කොමික් ගම්මානයේ පවුල් 42කට අයත් පුද්ගලයින් 114 දෙනකු ජීවත් වන බව ගණනය කර තිබේ. ලෝකයේ ඉහළින්ම පිහිටි ගම්මානය වීම නිසාම කොමික් ගම වසරේ සෑම දිනකම හිමෙන් වැසී පවතී. මෙම ගම ‘කොමික්’ යනුවෙන් නම් කර ඇත්තේ ද ඒ නිසා ය.  කොමික් යන වචනයේ අරුත හිමෙන් වැසුණු සැවුලා යන්නයි. කොමික් ගම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4587ක් ඉහළිනි. එනම් අඩි 15027ක් ඉහළට වන්නටය. අපට තේරුම් යන ආකාරයට කියන්නේ නම් සමනල කන්ද මෙන් දෙගුණයක පමණ උසකිනි. 
කොමික්හි වැසියන්ට වසරේ දින 365 ම පවතින්නේ එක සේ සීතල කාලගුණයකි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 7ට වඩා වැඩි වන්නේ නැති තරම්ය. මෙම ගම්මානයේ සිට බලන හැම පැත්තෙන්ම පෙනෙන්නේ අහසත් මීදුමත් පමණි. මේ නිසාම කොමික්හි වැසියන්ට දැනෙන්නේ තමන් අහසේ පාවෙමින් ජීවත් වන්නාක් වැනි හැ`ගීමක් බව ඔවුන් පවසති. කොළ පැහැ විශාල ගස් වෙනුවට ඔවුන්ට දකින්නට ලැබෙන්නේ හිම වැටී සුදු පැහැ වූ අතු සහිත ගස්ය. කොමික් හි වැසියන්ගෙන් වැඩි පිරිසක් බෞද්ධයන්ය. මේ නිසාම මෙම ගමට බෞද්ධ විහාරයක් තිබේ. එමෙන්ම මෙය සිසුන් 35 දෙනෙකු ඉගෙන ගන්නා පාසලකින් සහ එක් වෛiවරයෙකු සහ හෙදියන් හතර දෙනෙකු සේවය කරන රෝහලකින් ද යුක්තය.
කොමික් ගම්මානයට ආසන්නයෙන්ම පිහිටා තිබෙන්නේ කාසා නගරයයි. ඒ කිලෝ මීටර් 18ක පමණ දුරකිනි. විවිධ කාර්යයන් සඳහාත් විවිධ භාණ්ඩ මිලදී ගැනීම සඳහාත් කොමික් වැසියන් සතියකට දෙවරක් කාසා නගරයේ පැවැත්වෙන වෙළෙඳපොළ වෙත යා යුතු වේ. මෙම ගමන සඳහා කොමික් වැසියන් භාවිත කරනු ලබන්නේ ඉන්දියානු රජයෙන් යෙදවූ එකම එක බස් රථයකි. එය දිනපතා උදෑසන කොමික් නගරයේ සිට කාසා නගරය වෙත ගමන් කරයි. එම ගමන සඳහා පැය එක හමාරක් පමණ ගත වන අතර බස් රථය ආපසු කාසා සිට කොමික් දක්වා ගමනාරම්භ කරන්නේ සවස පහට ය. කොමික් වැසියන්ගෙන් වැඩි දෙනෙකුට පෞද්ගලික වාහන නොමැති වීම නිසා මෙම බස් රථය ඔවුන්ට අගනා මෙහෙයක් ඉටු කර දෙයි. ඉන්දියානු රජයෙන් යෙදවූ මෙම බස් රථය හැරුණු විට වෙනත් කිසිම වාහනයක් මෙතරම් ඉහළින් පිහිටා ඇති කොමික් ගම්මානය වෙත ගමන් කරන්නේ නැත. එසේ වන්නේ ඒ තරමටම මෙම ගමන දුෂ්කර වන බැවිනි.
කොමික් ගම් වැසියන්ගෙන් සියයට 95ක්ම කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙති. ඔවුන්ගේ වගාවන් සීතල ප‍්‍රදේශවල වැවෙන භෝග වර්ග, කිරි ගවයින් ආදියට සීමා වී පවතී. එය මෙම ගම්මානයේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ද වේ. එළවළු පලතුරු වර්ග වගා කර ඒවා නගරයට ගෙන ගොස් විකුණා මුදල් ඉපැයීම මගින් ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ආර්ථික රටාව ගොඩනැගී ඇත. අවශ්‍යතා ඉතා සරල වුව ද මොවුන්ගේ ජීවිතය ඉතාම දුෂ්කරය. ජීවිතය කොපමණ දුෂ්කර වුව ද කොමික් හි වැසියන් ඉතා සතුටින් ජීවත් වෙති. ඒ මන් ද යත් ලෝකයේ අන් සැමටම වඩා ඉහළින්ම ජීවත් වන්නෝ ඔවුන් වන බැවිනි.
 
දුලංජලී මුතුවාඩිගේ 

පුදුම හතෙන් එකක් ලෙස නම් දරා ඇති චීනයේ අරුම පුදුම තාප්පය නොහොත් චීන මහා ප‍්‍රාකාරය පිළිබඳව අප පුදුම සහගත තොරතුරු අසා ඇත්තෙමු. එසේ අසා ඇති තොරතුරුවලින් සමහර කරුණු මිථ්‍යාවන් බව ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඉන් කරුණු කීපයක් මෙසේය.
 
සඳ මත දී දැකිය හැකි මිනිස් ශ‍්‍රමයෙන් නිර්මාණය කළ එකම නිර්මාණය බව
සඳ මතදී පවා චීන මහා ප‍්‍රාකාරය නූලක් ලෙස දැකිය හැකි බව පළමුවරට පවසනු ලැබුවේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පියෙකු සහ මානව විiාඥයෙකු වූ රොබර්ට් රිප්ලි විසින් ‘රිප්ලීස් බිලීව් ඉට්  ඕ නොට්’ නම් වූ ස`ගරාවය. ඒ 1932 වසරේදීය. සඳ සහ පෘථිවිය අතර දුර කිලෝ මීටර් 3,84,400ක් පමණවේ. එවන් දුරක පිහිටි පෘථිවිය මත වූ යම් වස්තුවක් මිනිස් ඇසට පෙනෙන්නේ යැයි පැවැසීම තරමක විචාරාත්මක කරුණකි. මිනිසකු පළමු වරට සඳ මත පා තැබුවේ 1949 වසරේදීය. ඒ නිසා රිප්ලි මෙය පවසා ඇත්තේ හිතළුවක් ලෙස මිස ඇත්ත වශයෙන්ම දැක නොවේ. 2003 වසරේදී අභ්‍යවකාශ ගත වූ චීන ජාතික ගඟනගාමියෙකු වූ යැං ලිවෙයි පවසා තිබෙන්නේ චීන මහා ප‍්‍රාකාරය තමන්ගේ රටේ නිර්මාණයක් බව බැවින් එය සඳ මතදී දැකිය හැකිවීම තමන්ට ආඩම්බරයක් වුවද ඇත්ත වශයෙන්ම එය කිලෝ මීටර් දෙලක්ෂයක් පමණ වන දුරකදී පවා නොපෙනී යන බවයි. සඳේදී පවා දර්ශනය වෙන්නට නම් චීන මහා ප‍්‍රාකාරය නූලක් ලෙස නොව විශ්කම්භය සැතපුම් 4000ක් පමණ වන තැටියක් ලෙස පිහිටිය යුතුය.

චීන මහා ප‍්‍රාකාරය Great wall ලෙස හැඳින්වීම 
චීන මහා ප‍්‍රාකාරයට Great wall යන නම තබා ඇත්තේ කවුද යන්න පිළිබඳව ඇත්තේ ගැටලූවකි. නමුත් බිලියන 1.4ක් පමණ වන චීන ජනතාව මෙන්ම රටවල් කීපයක මග පෙන්වන්නන්ද චීන මහා ප‍්‍රාකාරයට Great wall කියන්නේ නැත. චීන වැසියන් එය හඳුන්වන්නේ Chang Cheng යන නමින් වන අතර එහි නිවැරදි අරුත long wall යන්නයි. චීන කවියන් මෙම ප‍්‍රාකාරය හඳුන්වන්නේ Purple Wall fyda Earth Dragon යනුවෙනි. චීන ජාතිකයන් Great wall ලෙස හඳුන්වන්නේ රසවත් වයින් වර්ගයකි.
 
ඉදි කර ඇති කාල වකවානුව
චීන මහා ප‍්‍රාකාරය ඉදි කරන ලද කාල වකවානුව ලෙස අප අසා ඇත්තේ ක‍්‍රිස්තු පූර්ව 7 වන සියවසයි. එනම් චීනයේ පළමු අධිරාජ්‍යයා ලෙස සලකන Qin Shi Huang අධිරාජ්‍යයාගේ කාල වකවානුවයි. නමුත් ඇත්ත වශයෙන්ම චීන මහා ප‍්‍රාකාරය එකවර ඉදිකර අවසන් කරන ලද ඉදි කිරීමක් නොවේ. එය විවිධ අධිරාජ්‍යවරුන්ගේ කාලවලදී ඉදි කරනු ලදුව ඉදි කිරීම් අවසන් කරන ලද්දේ 16 වෙනි සියවසේදී පමණ බව ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසයි.
 
ඉදි කිරීමට හේතුව
චීන මහා ප‍්‍රාකාරය ඉදි කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂක ප‍්‍රාකාරයක් ලෙසය. මෙම ප‍්‍රාකාරයේ උස මීටර් 8ක් (අඩි 26ක් පමණ) වන අතර පළල මීටර් 9කි. (අඩි 29.5 ක් පමණ). භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත සටන් පැවැති එවැනි කාලයක ජීවත් වූ සන්නාහ සන්නද්ධ භටයන්ට මීටර් අටක් උස තාප්පයක් පැන ගන්නට තරම් හැකියාවක් නොතිබුණේද යන්න පිළිබඳව ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය ප‍්‍රශ්න කරන්නේ අවඥා වෙනි. මේ නිසා චීන මහා ප‍්‍රාකාරය ඉදි කරන්නට මෙතුවක් හෙළි නොවූ වෙනයම් රහස් හේතුවක් ඇති බව ඔවුන්ගේ අදහසයි.
 
මිනිස් සිරුරු මිලියනයක් මතින් ප‍්‍රාකාරය ඉදි කර ඇති බව
චීන මහා ප‍්‍රාකාරය ලෝකයේ දිගම සුසාන භූමිය නමින්ද හඳුන්වනු ලබයි. එයට හේතුව මෙම ප‍්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවැති කාල වකවානුවල වැඩ කරමින් සිටියදී විවිධ අනතුරු සහ අධික තෙහෙට්ටුව හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණන මිලියනයක් පමණ වන බව වාර්තා වන බැවිනි. එසේ මිය ගිය කම්කරුවන් ප‍්‍රාකාරය පාදමේ වළ දමා ඇති බවටද වාර්තාවේ. එබැවින් මෙය ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප‍්‍රාකාරයක්’ ලෙස හැඳින්වේ. නමුත් එහි කිසිම සත්‍යයක් නැති බව ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසයි. ප‍්‍රාකාරය ඉදි කිරීමේදී හදිසි අනතුරුවලින් කම්කරුවන් මිය ගොස් තිබුණද ඔවුන්ගේ සිරුරු ප‍්‍රාකාර පාදමේ වළ දමා ඇති බවක් මින් හැඟවෙන්නේ නැති බවත් කාව්‍යමය ලෙස පමණක් ‘මිනිස් සිරුරු මිලියනයක් මතින් ඉදි කළ ප‍්‍රාකාරයක්’ලෙස හඳුන්වනු ලබන බවත් ඔවුන්ගේ අදහසයි.
 
දුලාංජලී මුතුවාඩිය

ප්‍රසව හා නාරිවේද විෂයෙහි පීතෘවරයා ලෙස විරුදාවලියෙන් පිදුම් ලැබූයේ 19 වන ශතවර්ෂයේ විසූ ඇමෙරිකානු ජාතික ජේ.මැරියන් සිම්ස් වෛද්‍යවරයායි. වෛද්‍ය ඉතිහාස ‍පොතේ රන් අකුරෙන් ලියැවුණු ඔහුගේ නම අකාමකා දැමීමට පසුගිය සතියේ නිව්යෝක්හි සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානයේ සිම්ස්ගේ ප්‍රතිමාව අභියසට රැස් වූ ඇමෙරිකානු අප්‍රිකානු කාන්තාවෝ නිව්යෝක් බලධාරීන්ට බලකර සිටියහ. තඹ ලෝහයෙන් නිම වූ එම ප්‍රතිමාව 1892 වසරේ ස්ථාපිත කරනු ලැබූවකි.
ඊට අමතරව වෛද්‍ය විද්‍යාවේ හා මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් සිදුකළ අමරණීය සේවාවට ගෞරවයක්  වශයෙන් ආරෝග්‍යශාලා, විශ්වවිද්‍යාල, පුස්තකාල ඇතුළු අනෙකුත් ‍පොදු ස්ථානයන් හි ස්ථාපිත කරනු ලැබ ඇති මැරියන් සිම්ස් වෛද්‍යවරයාගේ ප්‍රතිමා සියල්ල ද ඉවත් කිරීමට වහා පියවර ගන්නැයි කාන්තාවෝ නිව්යෝක් බලධාරීන් වෙත ප්‍රබල ඉල්ලීමක් කළහ.
වසර 172කට පසු කාන්තාවන් විසින්ම නිව්යෝක් නගරයේ පෙළපාළි යමින් සිදුකරන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කෙතරම් දුරට සදාචාරාත්මක ද යන්න ඇමෙරිකානු බලධාරීන්ට විසඳා ගත නොහැක ගැටලුවක් බවට පත්ව ඇත.
ප්‍රසව හා නාරිවේද විෂයට අදාළ ජේ. මැරියන් සිම්ස් වෛද්‍යවරයාගේ පර්යේෂණ කටයුතුවල දී කළු ජාතික වහල් කාන්තාවන් පමණක් යොදාගමිනින් ඔවුන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් සිදුකළ  පර්යේෂණ කටයුතු කළු සුදු භේදයේ තවත් එක අඳුරු පැතිකඩක් හෙළි කරන්නක් බව වෛද්‍යවරයාට එරෙහි වූ ඔවුන්ගේ එක් චෝදනාවකි.
කිසිදු නිර්වින්දන ක්‍රියාවලියකින් තොරව කාන්තාවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය හා බැඳුණු ශල්‍යකර්මයන් සිදුකළ අමානුෂික පිළිවෙත දැඩිලෙස හෙලා දැකීම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ මූලික අරමුණ වී ඇත. ඔපියුම් (අබිං) භාවිතය හැර දරු උපත් හෝ ගර්භාෂ ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා වෙනත් දියුණු නිර්වින්දන ක්‍රමවේදයක් ද එවක තිබි නැත. උද්ඝෝෂකයින් සිය දැඩ විරෝධය පානු ලැබූයේ ඇඳුම් ආයිත්තම් රත් පැහැයෙන් වර්ණගන්වා සිය විරෝධය කුමණ අරමුණක් සඳහා ද යන්න ප්‍රති නිරූපණය කරමිනි.
දරු උපත් ඉතිහාසය අතිශයින්ම කටුක හා විශ්මයජනක සිදුවීම්වලින් ගහන වුවකි. එවකට ගමේ වින්නඹු අම්මා පාරම්පරික දැනුමින් සන්නද්ධ ප්‍රසව හා නාරිවේදනීය ලෙස ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළද නොදන්නා සෞඛ්‍යමය ගැටලු මත ළදරුවන්ගේ හා ගැබිනි මව්වරුන්ගේ මරණ අනුපාතය නොසිතූ විරූ ඉහළ අගයක් ගෙන තිබූ බව සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.
මේ තත්ත්වය මානව හිමිකම් අහිමි ඇමෙරිකානු අප්‍රිකානු වහල් සමාජය තුළ වඩාත් බැරෑරුම් ගැටලුවක් ලෙස ඉස්මතුව දැනෙන්නට විය. විසඳුම් සොයාගන්නට තරම් මෝරා වැඩුණු විෂයානුබද්ධ දැනුම් හා සෞඛ්‍ය පුරුදු පිළිබඳ කියාදෙන දියුණු හා පිළිගත් ප්‍රසව හා නාරිවේද ප්‍රතිකාර සඳහා ක්‍රමවේදයක් සොයා ගැනීමට කිසිදු කළු හෝ සුදු ජාතික වෛද්‍යවරයකු උනන්දු වූයේ ද නැත.
මෙම ඛිෙදවාචකය පිළිබඳ අකම්පාල වූ එක් සුදු ජාතිකයෙක් පසුකලකදී ඇමෙරිකාවේ ලැන්කැස්ටර් නම් ගම් පියසේ උපත ලැබූවේ 1813 වසරේදීය. ළමා කල සිටම වෛද්‍ය විද්‍යාව පිළිබඳ උනන්දුවක් දැක් වූ ඔහු ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව 1834 දී පෙන්සිල්වේනියාහි ජෙෆසන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ද දිනාගත්තේය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ දී ඔහු වඩාත් අවධානය යොමු කොට තිබුණේ ප්‍රසව හා නාරිවේද විෂයන් කෙරෙහි වීමද විශේෂත්වයකි. ජේ. මැරියන් සිම්ස් නම් නමින් ඔහු වෛද්‍යවරයෙකු ලෙස සිය ප්‍රථම රාජකාරියේ දීම ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් පළමු කළු ජාතික ගැබිනි මව්වරුන් දෙදෙනාටම ජීවිතවලින් සමුගන්නට සිදු විය.
මොවුන්ගේ මරණ පිළිබඳව වගකීම් භාරගත් සිම්ස් වෛද්‍යවරයා කියා සිටියේ ගැබිනි මවකගේ දරු උපත් ක්‍රියාවලිය ආශ්‍රිත ශාරීරික අඟපසඟයන් හි ඇතිවන සංකූලතා හෝ රෝග නිධානයන් පිළිබඳ තමාට හෝ ගැබිනි මව්වරුන්ට තිබූ අවබෝධය ඉතාමත් දුර්වල හා අවම මට්ටමක පැවැතීම එම මරණවලට හේතු වූ බවයි.
එමෙන්ම සමකාලීන සෙසු වෛද්‍යවරුන්ද ප්‍රසව හා නාරිවේද සංකූලතා පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනීමකින් සන්නද්ධ වූවන් නොවූ බවද වෛද්‍ය ජේ. මැරියන් සිම්ස් ස්වයං චරිතාපදානය ලියමින් කියා සිටී. එම සිදුවීමෙන් අධෛර්යමත් නොවුණු මැරියන් සිම්ස් වෛද්‍යවරයා සිය පර්යේෂණ කටයුතුවල දිගින් දිගටම නියැළෙමින් දරු උපත්වලදී ලොවට අහිමිවන ජීවිත බේරාගැනීමෙහිලා විසඳුමක් සොයමින් දිවා රෑ වෙහෙසුණේය. 
එවන් පර්යේෂණ සඳහා අවශ්‍ය ශල්‍යවෛද්‍ය උපකරණ කිසිවක් නොවීය. සිම්ස් වෛද්‍යවරයා විසින්ම නිපදවාගත් ස්පෙකෙයුලම් හෙවත් දර්පන තලයක් හා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ගෙතුම් සඳහා රිදී රැහැන් උපයෝගී කරගනිමින් සාර්ථක ශල්‍යකර්ම 12ක් සිදුකළ බැව් වාර්තා වී ඇත සිග්මාකාර කැතීටරය ද  සිම්ස් වෛද්‍යවරයාගේ හඳුන්වාදීමකි. එම කැතීටරය සිම්ස් සිග්මොයිඩ් කැතීටරය නමින් භාවිතා කරනු ලැබේ.
ප්‍රසව හ නාරිවේද විෂයට අදාළ රෝගීන් පරීක්ෂා කිරීමේදී හා ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවේදී රෝගියා සිටිය යුතු ඉරියව් හා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සිමස් න්‍යාය ලෙස අදටත් භාවිත කෙරේ.
19 වන ශත වර්ෂයේ ඔහු විසින් කළු ජාතික වහල් කාන්තාවන් හා සිදුකෙරුණු නාරි හා ප්‍රසවවේද විෂයට අදාළ පර්යේෂණ කටයුතු නොවන්නට 19 වන ශත වර්ෂයේ කෝටි සියයක් වූ ලෝක ජනගහනය 21වන ශත වර්ෂය වනවිට කෝටි 750ක් නොවන්නට ඉඩ තිබුණි.
 
සරත් අමරකෝන් 

දත්ත මධ්‍යස්ථානයක් යනු ඔබට ඇතැම් විට දුලබ අත්දැකීමක් නොවනු ඇත. එහෙත් මේ කියන්නට යන්නේ, සාමාන්‍ය දත්ත ගබඩාවක් පිළිබඳව නොවේ. සැලසුම් කර ඇති පරිදි, සකසා අවසන් වන විට, එය ලොව මතෛක් බිහි වූ විශාලතම දත්ත ගබඩාව වනු ඇත. වාර්තාගත ප්‍රමාණයේ මෙකී දත්ත ගබඩා පහසුකම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ, ආර්ක්ටික් කවය තුළ පිහිටා ඇති, බෝලැංගන් නෝර්වේජියානු නගරයේදීය.
බෝලැංගන් යනු, ජලයෙන් හා කඳුවලින් වටවූ, ඕනෑම බාහිර අවදානමකින් ආරක්ෂා වීමට හැකි ස්වභාවික දිග අගලකින් සමන්විත ප්‍රදේශයකි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ කොලොස් (kolos) සමාගම පවසන්නේ, මෙම ප්‍රදේශයේ පවතින ශීත දේශගුණික කාලගුණය විසින් මෙහි බලශක්ති පිරිවැය සියයට හැටකින් පමණ අඩුකරනු ඇති බවය. එමෙන්ම මෙය ලොව පවතින “දත්ත බලකොටුවක්” වනු ඇති බවද එම සමාගමේ අදහසයි. 
අදාළ ව්‍යාපෘතිය සඳහා දැනටමත්, නෝර්වේජියානු පෞද්ගලික ආයෝජකයන්ගෙන් ඩොලර් මිලියන ගණනක් රැස් කර ඇති අතර, තවදුරටත් එක්සත් ජනපදයේ ආයෝජන බැංකුවක් සමග එක්වී ඊට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම දත්ත ගබඩාව තුළින් මූලික වශයෙන් මෙගා වොට් හැත්තෑවක පමණ ධාරිතාවක් ලබා දෙනු ඇති බවත්, පසුකාලීනව මෙගා වොට් දහසක පමණ ධාරිතාවකින් යුක්තව දත්ත ගබඩා කිරීමේ පහසුකම ඇති කිරීමට හැකි වනු ඇති බවත්, කොලොස් සමාගම පවසයි.
එය එදා මෙදා තුර කාලයේ බිහි වූ විශාලතම ධාරිතාව වන අතර, මීට පෙර නිර්මාණය වී ඇති දත්ත ගබඩාවල උපරිම ධාරිතාව පෙන්නුම් කර ඇත්තේ, මෙගා වොට් සියයත්, දෙසීයත් අතර ප්‍රමාණයක පමණි. දෙදහස් දහතුන වසරේදී ස්වීඩනයේද මෙවැනි දත්ත ගබඩාවක් නිර්මාණය වී ඇති අතර, එහි ධාරිතාව වන්නේ මෙගා වොට් එකසිය විස්සක් පමණි. 
එමෙන්ම මෙම දත්ත මධ්‍යස්ථානය නිර්මාණය කිරීම තුළින් සෘජු නව රැකියා දෙදහසත්, තුන්දහසත් අතර ප්‍රමාණයකින් බිහිවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති. ඊට අමතරව ප්‍රදේශයේ දැනට පවතින රැකියා දසදහසත්, පහළොස් දහසත් අතර ප්‍රමාණයකට අනුබල සපයන ස්ථානයක් බවටත්, මෙම දත්ත මධ්‍යස්ථානය පත්වනු ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ඇසළ සඳ මෝදු වේගෙන එන හෝරාවේ හැන්දෑ අහස මෙන් විසිතුරු ලෙස ඇඳ පැළඳ ගත් 21 හැවිරිදි ලුයිසා හාග්ර් කාර්ය බහුල නිව්යෝක් නගරයේ මං මාවත් ඔස්සේ ''ඇට්ලාන්ටික් මාවතේ පිහිටි උමං දුම්රිය ස්ථානයට පිය නැගුවේ මොහොතකින් උදාවන ඒ සොඳුරු මොහොතේ සිය පෙම්වතා හා මිමිණීමට ඇති දහසක් දේ සිත්හි ගොනු කරගනිමිනි. සතියකට වරක් උදාවන ඒ මිහිරි හෝරා කිහිපය කල්පයක් මෙනි. 
බ්‍රසීල ජාතික ඈ ගෘහ නිර්මාණ ශිල්ප හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. පෙම්වතා වන ඉංග්‍රීසි ජාතික ''ජෝර්ජ් බ්‍රවුන් ද නිව්යෝක් හි ඉගෙනීම ලබන ශිෂ්‍යයෙකි. කොයි මොහොතක හෝ ලුයිසා මගීින් අතරින් මතුවෙතැයි යන අපේක්ෂාවෙන් ඔහු උමං දුම්රිය ස්ථානයට වී නොඉවසිලිමත්ව බලා සිටියි. 
මුණගැසුණු සැනෙන් උණුසුම් ලෙස සිප වැළඳ ගත් දෙපළ නිවැරදි තත්පරයට හරියටම සවස 7 කණිසමට වේදිකාවට ළඟාවන උමං දුම්රිය මැදිරියට ගොඩ වැදීමේ ‍පොරයට සූදානමින් සිටියහ. ජෝජ්ගේත් ලුයිසාගේත් දෑත් කිටි කිටියේ එකට බැඳිණි. දුම්රිය ළඟාවන තුරු ප්‍රේමාර්ද්‍ර දෑස් ලොකු කතාවක පැටලිලාය. බෘෘක්ලින් නගරයේ සාප්පු සවාරියක් සහ වීදි භෝජනාගරයකට ගොඩ වැදීම ඒ කතාවේ ප්‍රධාන මාතෘකා විය. 
නගරාන්තර ප්‍රවාහන අධිකාරිය නිව්යෝක් නාගරිකයන්ගේ ප්‍රවාහන පහසුකමෙන් 50 ක වගකීම් දරන අතර දිනකට මිලියන 11 මගීන් වෙනුවෙන් සිය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීමට නීතියෙන්ද බැඳී සිටියි. එහි සේවකයෝද සිය රාජකාරියෙහි ගුණාත්මක අගය රඳවා ගැනීමට අපමණ වෙහෙසක් ගනිති. 
හරියටම හතරට බෘක්ලින් බලා බි පථයට ඇදෙන උමං දුම්රිය වේදිකාවට ළඟාවීමත් සමග ලුයිසා සිය ග්‍රහණයෙන් මිදෙන බවක් ජෝජ්ට නොතේරුනේ මගීන් එක ‍පොදියට දුම්රිය මැදිරියට ගොඩවැදීමේ ‍පොරයට ලකලෑස්තිවීමත් සමගය. 
ලුයිසා කියමින් හඬ තැලුවද ඒ වන විටත් ඈ ඔහුගේ අතින් ගිලිහී ගොස්ය. දුම්රිය වේදිකාවටත් සීරුමාරුවට වේදිකාවට ළඟාවන දුම්රියටත් අතර ඇති හිඩැසට ඇය පය ලිස්සා වැටී ඇති බැව් දැන ගන්නා විට සියල්ල සිදුවී හමාරය. යමෙක් වේදිකාවෙන් ලිස්සා ඇද වැටෙනු දුටු රියැදුරුද දුම්රියේ වේගය අඩාල කළද ඉන් පලක් නොවීය. සෙසු මගීන්ගේ ලතෝනියත් අනතුරක් වූ සැනින් දුම්රිය අක්‍රීය වීමේ ක්‍රමවේදයත් එක්වරම ක්‍රියාත්මක විය. 
තෙරපීමත් සමග ඈට ක්ලාන්තයක් හැදී දුම්රිය මගට ඇද වැටී ඇති බැව් පසුව උසාවි වාර්තා අතර ලියැවී තිබුණි. 
දුම්රියටත් වේදිකාවටත් අතර හිර වූ ඇගේ දකුණු අතත් පාදයත් ඇඹරී ගොස් මුළු ගතම ලෙයින් නැහැවී ගොසිනි. ගත කීරි ගැසෙන ඉවසුම් නොදෙන වේදනාවෙන් අසරණ වූ ඇගේ අඩවන් දෙනෙත් ජෝජ්ගේ දෙනෙත් ළඟ නැවතිණි. ඒ මොහොතේ සිටින එකම නෑයා හිතවතා ආරක්ෂකයා වන ජෝජ් තමා ළඟින්ම සිටිනු දුටු ලුයිසාගේ වේදනාව විඳ දරා ගැනීමේ ශක්තිය හා විශ්වාසය මහමෙරක් තරම් බලවත් විය. 
දෑස් අදහා ගත නොහැකිව ජෝජ් මොහොතක් ගල් ගැසී බලා සිටියේය. ලුයිසාගේ දකුණු අතත්, පාදයත්, කෑලි වලට ඇඹරී ගොසිනි. ඇගේ දෑස් අඩවන්ව තිබිණි. ඇගේ පණ නල රැක දීම පිළිබඳව දෙවියන්ට ස්තූති කල ජෝජ් කිසිදු කලබලයකින් තොරව ලුයිසා අස් වැසීමට සිය හද පත්ලෙන්ම සූදානම්ව සිටියේය. 
වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීහු සිඳී බිඳී ගිය අතපය සමග ලුයිසා හාගර් ඒ ආසන්නයේම පිහිටි බෙල්ලෙව් ආරෝග්‍ය ශාලාවට ඇතුළත් කෙරිණි. 
සැත්කම් රාශියකින් අනතුරුව දින 24කට පසු සුවය ලැබූ 21 හැවිරිදි ලුයිසාට දැක ගන්නට ලැබුණේ උපතින් හිමි වී තිබූ දකුණු අතත් පාදයත් තමාට අහිමි වී ඇති බවයි. ෙදෙවයට ජීවිතය භාර නොකළ ඈ නිව්යෝක් උමං දුම්රිය බලාධිකාරියට හා නගරාන්තර ප්‍රවාහන සේවාවට එරෙහිව නඩුවක් ගොනු කරමින් පවසා සිටියේ ප්‍රවාහන අධිකාරීන් මගීන්ගේ ආරක්ෂාවට පස්ස හරවා සිටින බවයි. 
අනතුරින් වසරකට පසුව එනම් 2017 අගෝස්තු 2 වන දින අනතුර පිළිබඳ පැවැති නඩු විභාගයේදී ද ඈ පවසා සිටියේ බිඳුණු මගේ දකුණු අත සහ පාදය දෑතින් ගත් ජෝජ් කිසිසේත් කබලබල වූ බවක් නොපෙන්වූයේ අත් පා බිඳී ගොස් සිටි මගේ ආත්ම ධෛර්ය සිඳී බිඳී යා නොදී රැක ගැනීමටයි. ඔහු ඒ  තරමටම ශක්තිමත්ව නොසැලී සිටියා. ඒ මොහොත ඔහු බුද්ධිමත් ලෙස හැසිරීම පිළිබඳව මට අද තියෙන්නේ ලොකු සතුටක්. එසේ නොවුණා නම් අද මේ ලබපු ජයග්‍රහණය නොලැබි යන්නට ඉඩ තිබුණා. ඔහුගේ ආදරය මිනිත්තුවෙන් මිනිත්තුවට පවසමින් මා අස්වසාලීමට ඔහුගේ භාෂාවේ ඔහු දන්නා සෑම වචනයක්ම පාවිච්චි කළා. ජෝජ්ගේ ආත්ම ශක්තිය මා දිරිමත් කළා. මගේ ජීවිත බලා‍පොරොත්තු තව තවත් ඉහළට නැංවුණා. ජෝජ්ගේ බලා‍පොරොත්තු සහිත මුහුණ මගේ ගතේ සහ හිතේ සියලු වේදනාවන් යටපත් කරමින් මා මුවගට සිහින් සිනහවක් ගෙන ඒමට සමත් වුණා. 
වසරකට අවම වශයෙන් වටිනා ජීවිත පනහක් පමණ මේ අයුරින් දුම්රිය හා ගැටීම නිසා අහිමි වන බව පෙන්වා දෙන ලුයිසා එවන් අනතුරු වළක්වා ගැනීමට නම් දුම්රිය වේදිකා කෙළවර කිසියම් ආරක්ෂක වැටක් හෝ වෙනත් සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බවයි. 
පසුගිය වසර 15ක් පමණ කාලයක් තුළ මෙවැනි බරපතළ ආපදාවන් 750ක් පමණ සිදුවී ඇති බව දුම්රිය අනතුරු ‍පොතේ සටහන් වී ඇති අතර දහසකට ආසන්න සාමාන්‍ය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති මුත් බලධාරීහු නෑසූ කන්ව සිටිතැයි පැවැසුවාය. 
ඈ තවදුරටත් කරුණු ගෙනහැරපාමින් කියා සිටියේ නිව්යෝක් ප්‍රවාහන අධිකාරිය හා නගරාන්තර දුම්රිය අධිකාරියේ නොසැලකිලිමත් බව නිසා සිදුවන ජීවිත හානි සහ මගීන් අබ්බගාතයන් ලෙස සමාජ ගත වීමේ භයංකර උවදුර ලෙහෙසියෙන්ම මගහැර සිටින බවයි. එසේ අනතුරට පත්වන මගීන්ගේ ජීවිතවල අනාගතයට වගකියන්නේ කවරෙක්දැයි අධිකරණය හමුවේ ලුයිසා දැඩිව ප්‍රශ්න කර සිටියාය. 
නිව්යෝක් ‍පොස්ට් පුවත්පත හා ඩේලි මේල් වබේ අඩවිය යන මාධ්‍ය මෙම නඩුව පිළිබඳ වාර්තා කරමින් කියා සිටියේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කිරීම අනිවාර්ය සාධකයක් වී ඇති බවයි. ලුයිසා හැග්ර් තවදුරටත් උදාහරණයක් ගෙනහැරපාමින්  පැවැසුවේ බැරියර් (ආරක්ෂක වැටවල්) යොදා ඇති ජෝන් එෆ්. කෙනඩි ගුවන් පර්යන්තයට සම්බන්ධ වන ජැමෙයිකා උමං දුම්රිය ස්ථානයෙන් මතෛක් කිසිදු අනතුරක් වාර්තා වී නැති බවයි. 
නොසැලකිලිමත් බව නිසා වසරකට අහිමි වන ජීවිත හා අසරණ වන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වූ බ්‍රසීල ජාතික ලුයිසා හාර්ගර් ද සිල්වා ශිෂ්‍යාව උසාවිය ඉදිරියට පැමිණීමට ධෛර්යමත් වූයේ තමාට අහිමි වී ගිය අත් පා නිසාම නොවේ. ‍පොදුවේ මග මානවක සංහතියටම අකා‍ලේ්  අහිමි වන අහිංසක ජීවිතවලට කිසියම් හෝ පිළිසරණක් සොයා ගිය ගමනක් ලෙස නීති ‍පොතට ඇතුළත් කිරීමටයි. 
අවසානයේ ඇගේ ඉල්ලීම ඉවතලිය නොහැකි වූ තැන සමස්ත ඇමෙරිකාවේම දුම්රිය වේදිකා සඳහා ආරක්ෂක වැට යෙදීමට පිරිවැය වශයෙන් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලර් බිලියනයක් අවශ්‍ය බැව් ප්‍රවාහන අධිකාරිය විසින් උසාවියට පෙන්වා දෙන ලදී. 
දැනට ක්‍රියාත්මක වන ප්‍රවේශපත් ගාස්තුවල මිල ගණන් වල සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍ය වන අතර කේවල ප්‍රවේශ පත්‍රයක් සඳහා   2.50 සිට 2.75 දක්වාත් ශීඝ්‍රගාමි සේවා පත්  6.00 සිට 6.50 දක්වාත් මාසික මෙටේ‍රා් කාර්ඩ් සඳහා   112 සිට 116 දක්වාත් වැඩිකොට එම ඉල්ලීම් ඉටු කිරීමට පිඹුරුපත් සැකසීමට තීරණය විය. 
 
සරත් අමරකෝන් 

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 918

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1699

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2819

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4044

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5019

Please publish modules in offcanvas position.