lakbima.lk

ලෝකයේ 'දිගම නියපොතු' වල හිමිකාරිය වී ඇත්තේ ඇමෙරිකාවේ හුස්ටන්හි ජීවත්වන අයානා විලියම්ස් ය. ඇය සතු නියපොතු වල දිග සෙන්ටිමීටර් 576.41 වේ. ඇය ගිනස් වාර්තාවට ඇතුළත් වූයේ 2017  පෙබරවාරි 7 වන දා ය. ය.

පුද්ගලයෙක් සතු මෙතෙක් වාර්තා වූ 'දිගම නාසය' පවතිනුයේ ඉතාලියේ රෝමයේ වෙසෙන මෙහමට් ඔස්යුරෙක් හටයි. ඔහුගේ නාසයේ දිග  සෙ.මී 8.8ක් වේ. මොහු ගිනස් වාර්තාව තැබුවේ 2010 මාර්තු 18 වන දා ය.

දැනට ජීවත්වන 'මිටිම මිනිසා' ලෙස සැළකෙන්නේ නේපාලයේ පොක්හාරාහි වෙසෙන කගේන්ද්‍ර තාපා මගර් ය. ඔහු ගිනස්පොතට ඇතුලත් වනුයේ 2016 අප්‍රේල් 21 වන දා ය.

කිම් ගොඩ්මන් විසින් නෙරා ආ 'විශාලම ඇස් බෝල' වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව පිහිටු වූයේ 2007 නොවැම්බර් 2 වන දා ය. ඇය තූර්කි ජාතික කාන්තාවකි.

1999 ඔක්තෝබර්29 වන දා ගැරී ටර්නර් ගිනස් පොතට ඇතුළත් වූයේ මිනිසෙකුට 'මෙතෙක් ඇදිය හැකි උපරිම සම' ඔහු සතු වීමෙනි. මෙලෙස ඔහුට ඇදිය හැකි සමේ පරිමාව වන්නේ සෙ.මී 15.8 කි. ඔහුට මෙම හැකියාව ලැබී ඇත්තේ කලාතුරකින් සෑදෙන  සමේ රෝගයක් වන Ehlers-Danlos Syndrome හේතුවෙනි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.