Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි වීරයෙකු වන රජිනිකාන්ත් පසුගියදා සිනමා තිරයෙන් දේශපාලන කරළියටද පා තැබූ අතර එය ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් මහත් අමන්දානන්දයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබිණි. දිගු කාලයක සිටම ඔහුට දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබිණි. නමුත් වරින් වර එය කල් දමමින් සිටි රජිනිකාන්ත් තමාගේ දේශපාලන ආගමනය ගැන ස්ථිර වශයෙන් නිවේදනය කළේ පසුගිය දෙසැම්බර් 31 වෙනි දින තමිල්නාඩුවේ චෙන්නායි හි පැවැති රසික හමුවක් අතරතුරය. අති විශාල පිරිසක් මෙම හමුව සඳහා රැස්ව සිටි අතර ඔවුන් සියලු දෙනා මෙම පුවතින් දැඩි උදේ‍යාගයට පත් වූ බැව් සඳහන් විය.
රජිනිකාන්ත් මේ ආකාරයෙන් දේශපාලනයට පිවිසෙන්නේ තමිල්නාඩු දේශපාලන ක්‍ෂේත්‍රයේ කිසියම් රික්තයක් ඇති වෙමින් තිබෙන අවස්ථාවක බව පෙනේ. 2016 වසරේ දෙසැම්බරයේ, එවකට තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජෙයලලිතා ජයරාම්ගේ හදිසි අභාවයෙන් පසු එම ප්‍රාන්තයේ යම් අරාජික තත්ත්වයක් හටගෙන ඇති අයුරු පැහැදිලිව දැකිය හැකි වෙයි. ජයලලිතා නායකත්වය දුන් ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය තුළ නායකත්වය වෙනුවෙන් අභ්‍යන්තර බල අරගලයක් හටගත් අතර එය පක්ෂය තුළ විශාල අර්බුදයක් ඇති කිරීමට සමත් විය. එම පක්ෂය හැරුණු කොට තමිල්නාඩුවේ අනෙක් ප්‍රබලම පක්ෂය වන්නේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK)  පක්ෂයයි. එහි නායකයා වන මුතුවෙල් කරුණානිධිට මේ වනවිට වයස අවුරුදු 93කි. වියපත්ව, රෝගීව සිටින ඔහුට දැන් පක්ෂයට ප්‍රබල නායකත්වයක් දීමට හැකියාවක් නැත. ඔහුගෙන් පසු නායකත්වය භාර ගැනීමට සිටින ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් තම පියා තරම්  ආකර්ෂණීය චරිතයක් නොවන බව පෙනේ. මෙම තත්ත්වය තුළ තමිල්නාඩුව පසුවන්නේ ශක්තිමත් නව නායකයෙකුගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් වන අතර මෙය රජිනිකාන්ත්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කර ඇති බව පැවැසිය හැකිය. 
කෙසේ නමුත් ඔහු දේශපාලනයට පිවිසෙන්නේ දැනට පවතින පක්ෂයකින් නොවේ. තමා අලුත්ම පක්ෂයක් පිහිටුවන බව ඔහු මේ වනවිට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මෙම නව පක්ෂය හරහා තමුන් මීළඟ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරග කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ප්‍රාන්තයේ ආසන 234 සඳහාම තමුන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවද රජිනිකාන්ත් සඳහන් කර තිබිණි. ඉදිරියේදී ඔහු තමිල්නාඩු දේශපාලනය තුළ කවර ආකාරයේ පෙරළියක් ඇති කරනු ඇත්ද යන්න දැන් බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටින කාරණාවක් බවට පත්ව තිබේ. 
මුල් කාලයේ බැංගලෝරයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරමින් සිටියදී සිනමාවට පිවිසෙන්නට වරම් ලැබූ රජිනිකාන්ත් පවසා සිටින්නේ තමිල්නාඩු දේශපාලනය තුළ ඔඩුදුවමින් ඇති වංචාව, දූෂණය අතුගා දමමින්, ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවමින් එහි විශාල දේශපාලන විප්ලවයක් කිරීම තම අභිප්‍රාය බවයි. තමුන් දේශපාලනයට පිවිසෙන්නේ මුදල් හම්බ කිරීමට හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ නොවන බව පවසා ඇති ඔහු මේවා දැනටමත් වුවමනාවටත් වඩා තමුන් සතුව ඇති බව පෙන්වා දෙයි. තමිල්නාඩු දේශපාලනය පිරිසිදු කිරීම සඳහා තමා සමග එක්වන මෙන් ඔහු දැන් කාලයක සිටම සිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලමින් සිටින අතර ඔහුගේ මෙම සටන්පාඨ මොන තරම් බලපෑමක් කරනු ඇත්ද යන්න ඉදිරියේදී බලා ගැනීමට හැකිවනු ඇත. 
කෙසේ හෝ වේවා, ඇතැම් නිරීක්ෂකයින්ගේ මතය වී  ඇත්තේ සිනමා තිරයේ මොනතරම් වීරයෙකු වුවද දේශපාලනය තුළ  සිතන තරම් ආකර්ෂණයක් ඇති කරගැනීමට රජිනිකාන්ත් සමත් නොවනු ඇති බවයි. මෙයට බලපාන එක් ප්‍රධාන කාරණාවක් බවට පත්ව තිබෙන්නේ ඔහු ඉන්දියාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු බවට යම් හැඟීමක්, පිළිිගැනීමක් 
පැතිරෙමින් තිබිමයි. ඔහුගේ පක්ෂය තීරණාත්මක අවස්ථාවල අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉහත කී පක්ෂයට සහය දෙනු ඇති බවට සැක පළවෙමින් තිබෙන අයුරුද දැකිය හැකි වෙයි. මෙය රජිනිකාන්ත්ට අවාසි සහගත ලෙස බලපානු ඇති බව සමහර විචාරකයින්ගේ මතයයි. ඉන්දියාවේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ වන භාරතීය ජනතා පක්ෂයට හෝ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට කවදත් තමිල්නාඩුව තුළ තහවුරු වීමට හැකියාව ලැබුණේ නැත. මෙය එක්තරා දුරකට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර කලක් තිස්සේ පවතින ගැටුම නිරූපනය කරන කාරණයක් ලෙසිනි සැලකෙන්නේ. මේ නිසා උතුරු ඉන්දියානු  පක්ෂයක් ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු ලෙස රජිනිකාන්ත් හංවඩු ගැසුණහොත් එය ඔහුට ගැටලුවක් වනු ඇතැයි බොහෝ දුරට බලා‍පොරොත්තු විය හැකිය.
1950 වසරේ උපන් රජිනිකාන්ත්ට මේ වනවිට වයස අවුරුදු 67 කි. රජිනිකාන්ත් යන නමින් ඔහු සිනමාව තුළ ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ නම වූයේ ෂිවාජි රාඕ ගයික්වාඩ්ය. පසුගිය දිනෙක ඔහු දැනට තමිල්නාඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයෙකු වන මුතුවෙල් කරුණානිධි හමුවීමට ගොස් සිය දේශපාලන ගමන සඳහා ඔහුගේ ආශීර්වාදය ලබා ගත් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. කරුණානිධි ද කලක් කතා සහ  තිරනාටක රචකයෙකු ලෙස ඉන්දියානු සිනමාව තුළ ප්‍රසිද්ධියක් දිනා සිටි කෙනෙකි.
 
කිත්සිරි මල්වත්ත

සාමාන්‍යයෙන් ලොව වටිනාම ආභරණ වන්නේ දියමන්ති යොදා නිර්මාණය කළ ආභරණ ලෙස මතයක් තිබුණද එය එසේ නොවන බව ෆෝබ්ස් සගරාව වාර්තා කර තිබිණි. ඔවුන් පවසන අන්දමට පසුගිය වසරේ ලොව ජනප‍්‍රියම මුදු වර්ග දියමන්ති භාවිතයෙන් තොරව නිර්මාණය කරන ලද ඒවාය.
 
 මේ පසුගිය වසරේ ලොව ජනප‍්‍රියම මුදුව ලෙස වාර්තා වී තිබේ. සෝල්ට් ඇන්ඞ් පෙපර් ලෙස නම් කර ඇති මෙම මුදුවට එම නම ලැබීමට හේතු වී ඇත්තේ ගම්මිරිස් ඇටයක පැහැය සහිත ප‍්‍රමාණයෙන් විශාල මැණික් ගල සහ ලූණු කැටවලට සමාන පෙනුමක් ගන්නා මැණික් ගල් කීපයත් නිසාය. මෙය කහ රත‍්‍රන්වලින් නිමවා ඇති අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 968000 ක් ලෙස මිල කර තිබේ.
 
 නිල් පැහැති පුෂ්පරාගයකින් සහ සුදු පැහැ පුෂ්පරාග කීපයකින් නිමවා ඇති මෙම මුදුව මෙතරම් ජනප‍්‍රිය වීමට හේතු වී තිබුණේ පසුගිය වසරේ නිවුන් දරු උපතක් සිදු කළ හොලිවුඞ් ගායිකා බියොන්සේ වෙත ඇගේ සැමියා විසින් තිළිණ කිරීම නිසා වන්නට ඇති බව ෆෝබ්ස් වාර්තා කර තිබේ. ඔහු එය මිලදී ගෙන තිබුණේ ඇමෙරිකානු ඩොලර් එකොළොස් ලක්ෂ තිස් දහසකටය. 
 
 පෙයාස් ගෙඩියක් හැඩැති මැණික් වර්ග තුනක් භාවිත කර නිර්මාණය කර ඇති මෙම මුදුව පසුගිය වසර අවසානයේ පැවැත්වුණු විවාහ ගිවිස ගැනීමේ දී ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලි විසින් බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මාට පළඳවන ලද මුදුවයි. මෙහි මිල ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් විසිහත් දහස් තුන් සියයකි.
 
 ලෝකයේ ජනප‍්‍රියම මුදු අතර සිව් වැනි තැන ලැබෙන්නේ ළා නිල් පැහැති රිවිකත මැණික් ගල් 24ක් සහ හීමටයට් මැණිකක් සහිත මුදුවකට. මෙය ලෝක ප‍්‍රකට Doozy සමාගමේ නිර්මාණයක් වන අතර ඔවුන් එහි මිල ලෙස සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හතකි. මෙම වර්ගයේ මුදු 12ක් පසුගිය වසරේ අලෙවි වී තිබේ.
 
 එක මත එක තබන ලද මුදු කීපයක් ලෙස දැකිය හැකි මෙම මුදුවේ මිල ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දහසකි. කැරට් 22 ප්ලැටිනම් සහ රිදියෙන් නිර්මාණය කරනු ලැබූ මෙම මුදුවේ වටිනා පුෂ්පරාග මැණිකක් සවි කර තිබේ. එය ඇමෙරිකානු ජාතික ආභරණ නිර්මාණ ශිල්පිණී ජෙනිෆර් මේයර්ගේ නිර්මාණයකි.
 
 ඉතාමත් දුර්ලභ ආකාරයේ මෝස්තරයකට අනුව නිර්මාණය කර ඇති මෙම මුදුව බි‍්‍රතාන්‍ය නිර්මාණයකි. රිකාඩෝ බස්ටා ආභරණ නිෂ්පාදන සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම මුදුව 70 වන විවාහ සංවත්සරය වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ පිලිප් කුමරු විසින් එලිසබෙත් රැජිනට පැළඳවීම සඳහා නිර්මාණය කර තිබේ.
 
 ඉන්දියානු ආභරණ නිර්මාණ ශිල්පිණී සුහානි පැටී විසින් මෙ නිර්මාණ කර තිබුණේ ආදිත්‍ය චොප්රාට ය. ඒ ඔහුගේත් රානි මුකර්ජිගේත් තුනවන විවාහ සංවත්සරය වෙනුවෙනි. කැරට් 14 චන්ද්‍රකාන්ත මැණික් ගලින් නිර්මාණය වුණු මෙය ඇමෙරිකානු ඩොලර් 18000 ක් ලෙස මිල නියම කර තිබේ.
 
 ඔප නොදමන ලද නිල් මැණික් ගලකින් නිර්මාණය කර ඇති මෙම මුදුව 2017 වසරේ ලොව ජනප‍්‍රියම මුදු අතර අට වන ස්ථානයට පත්ව තිබේ. එහි මිල ඇමෙරිකානු ඩොලර් හැට දහසක් වන අතර ටැරන්ටිනෝ සමාගම විසින් නිර්මාණය කළ මෙවැනි මුදු දුසිම දින තුනක් තුළ විකිණී ගිය බව වාර්තා වී තිබේ. 
 
 නුහුරු හැඩයකට අනුව නිර්මාණය කර ඇති මෙම මුදුව විවාහ ගිවිස ගැනීමේ මුදුවක් වුව ද එය අයිෂ්වර්යා රායිගේ 44 වන උපන් දිනය වෙනුවෙන් භච්චන් පවුලෙන් ලද තිළිණයකි. එහි මිල ඇමෙරිකානු ඩොලර් දොළොස් දහසක් වන අතර බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් එය නිර්මාණය කර තිබේ.
 
 වාසනාව ගෙන දෙන බවට විශ්වාසයක් පවතින රෝස් ගෝල්ඞ්වලින් නිමවූ මෙම මුදුව ස්ටෙෂන් වෙබ්ස්ටර් සමාගමේ නිර්මාණයකි. මුලදී මෙම වර්ගයේ මුදු තුනක් පමණක් ඔවුන් විසින් නිර්මාණය කර තිබූ අතර එයට තිබූ ඉල්ලූම අනුව මුදු දුසිමක් දක්වා නිර්මාණවී තිබිණි. ඉන් මුදු තුනක්ම මිලදී ගෙන තිබුණේ චීන ජාතික ව්‍යාපාරිකයෙකු විසිනි. එහි මිල ඇමෙරිකානු ඩොලර් අනූ දහසක් පමණ වී තිබේ.
 
දුලාංජලී මුතුවාඩිය

බි‍්‍රතාන්‍ය රැජිනගේ මුනුපුරෙකු සහ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු ඇමෙරිකානු කාන්තාවක සමග විවාහ ගිවිස ගත් බවත් මේ වනවිට රහසක් නොවේ. මේගන් මාකල් නම් වූ ඇය ඇමෙරිකානු නිළියක වන අතර පළමු විවාහයෙන් දික්කසාද වූ කාන්තාවකද වේ. මුල් කාලයේ දී හැරී සහ මාකල්ගේ පෙම් සබඳතාව පිළිබඳ රජ පවුල වැඩි කැමැත්තක් නොදැක්වුවද මේ වනවිට එම අකමැත්ත මගහැරී ගොස් ඇති අතර ඇය වෙනුවෙන් රාජකීය සම්ප‍්‍රදායයන් පවාවෙනස් වී ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ.
සාමාන්‍යයෙන් රජ පවුලේ ගැහැනු හෝ පිරිමි සාමාජිකයෙකු විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණිය හෝ තරුණයා නිල වශයෙන් එලිසබෙත් රැජින බැහැ දකින්නේ විවාහයට පෙර එක් අවස්ථාවකදී පමණක් වන අතර නැවත වරක් ඔහු හෝ ඇය රැජිනට දකින්නට ලැබෙන්නේ විවාහය සිදුවන දිනයේදීය. නමුත් මේගන් මාකල් වෙනුවෙන් මෙම සම්ප‍්‍රදාය බිඳී තිබුණේ බි‍්‍රතාන්‍ය වැසියන් පවා පුදුමයට පත් කරවමිනි. නමුත් මේගන් මාකල් පළමු වරට එලිසබෙත් රැජින මුණගැසුණේ හැරී විසින් ඇය සිය මිත්තනියට හඳුන්වාදුන් දිනයේදීය. ඒ 2017 වසරේ සැප්තැම්බර් මාසයේය. ඉන් පසු දෙසැම්බර් මාසය මුලදී හැරී සහ මේගන් අතර විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙම විවාහය 2018 වසරේ සිදුකිරීමට නියමිතව තිබේ. පැරණි රාජකීය සම්ප‍්‍රදායයන්ට අනුව නැවත වරක් මේගන් මාකල් විසින් එලිසබෙත් රැජින හමුවිය යුතු වන්නේ විවාහය සිදුවන දිනයේය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
පසුගිය නත්තලට රාජකීය පවුලේ ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන දිවා භෝජන සංග‍්‍රහය එලිසබෙත් රැජිනගේ මූලිකත්වයෙන් බකිංහැම් මාලිගයේදී පවත්වන ලදී. රාජකීය සම්ප‍්‍රදායයන් බිඳ දමමින් එම දිවා භෝජන සංග‍්‍රහය සඳහා ආරාධනා ලැබ තිබුණේ මේ දක්වා විවාහ නොවුණු හැරීගේ පෙම්වතිය මේගන්්ය. රජ පවුලේ සාමාජිකයෙකුගේ බිරිඳ හෝ සැමියා නොවන, පෙම්වතිය හෝ පෙම්වතා පමණක් වන කෙනෙකු භෝජන සංග‍්‍රහයක් සඳහා බකිංහැම් මාලිගයට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස මේවනවිට ඉතිහාස ගත වී තිබේ. මෙය රජ පවුලේ සාමාජිකයන් කොයි ආකාරයෙන් දුටුවද, රජ පවුලට හිතවත් පුද්ගලයින් සහ බි‍්‍රතාන්‍ය වැසියන් මෙම සිදුවීම පිළිබඳව කිසිම පැහැදීමක් නැති ආකාරයක් පෙනෙන්නට තිබේ. සමහර වෙබ් අඩෙවි පවසා සිටින්නේ දික්කසාදවූ ඇමෙරිකානු නිළියකට රජ පවුලේ උදවිය මෙතරම් සැළකිලි දක්වන්නේ මන්ද යන්න පිළිබඳව ඔවුන්ට ද සිතාගත නොහැකි බවයි.
මේ අතර නත්තල් දිවා ආහාරය අතරතුර රජ පවුලේ සමහර ඥාතීන් මේගන් මාකල් කෙරෙහි සිය අප‍්‍රසාදය පළ කළ ආකාරයක්  පිළිබඳව ද ඉන්ඩිපෙන්ඩන්ස් සගරාවේ වාර්තා වී තිබිණි. ඒ මයිකල් කුමරුගේ බිරිඳ විසින් තම ඇඳුමේ පැලඳ සිටි කටුවක් මගිනි. නත්තල් දිවා භෝජන සංග‍්‍රහයට ආරාධනා ලැබුණු මයිකල් කුමරිය ඇඳ සිටියේ ලා කහ පැහැති ඇඳුම් කට්ටලයකි. ඇය සිය බ්ලවුසයේ රඳවාගෙන සිටි කටුව රත‍්‍රන් පැලඳ සිටින අප‍්‍රිකානු කාන්තාවකගේ උඩුකය දැක්වෙන්නකි. ඇය මෙම කටුව පැළඳ සිටියේ මේගන් මාකල් වෙත සිය අප‍්‍රසාදය පළ කරන්නට බව බොහෝ වෙබ්අඩවි වාර්තාකර තිබේ. එයට හේතුව මේගන් මාකල් අප‍්‍රිකානු සම්භවයක් සහිත කාන්තාවක බවට මතයක් පැතිර තිබීමය. ඇය රජ පවුලට සම්බන්ධ වීම පිළිබඳව අකමැත්ත පළකරන්නන් විසින් ඇය රජ පවුලට සම්බන්ධ වීමෙන් රත්තරන් පැලඳ ගන්න ලැබුණු කළු ජාතික ගැහැනිය’ ලෙස අපහාසයට ලක් කිරීමට මෙම කටුව මයිකල් කුමරුගේ බිරිය විසින් පැල`ගෙන ආ බව කියැවේ. කෙසේ වුවද තම කටුව නිසා කවුරුන් හෝ අපහසුතාවට පත්වූයේ නම් ඒ පිළිබඳව තමා සමාව අයදින බව මේ පිළිබඳව විවිධ ජනමාධ්‍ය විසින් මයිකල් කුමරියගෙන් ඇසූ විට ඇය පවසා තිබිණි. නමුත් මෙම සමාව අයැදීම නිසා මෙම කාරණයට වඩාත් ප‍්‍රසිද්ධියක් ලැබුණු බවත් ඒ හේතුවෙන් රජ පවුලේ අය තව තවත් අපහසුතාවට පත්වූ බවත් ඉන්ඩිපෙන්ඩන්ස් ස`ගරාව වැඩිදුරටත් වාර්තා කර තිබේ. 
 
දුලාංජලී මුතුවාඩිය

ඇමෙරිකාවේ ඇට්ලන්ටා හි හාට්ස්ෆිල්ඩ් ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විදුලිය ඇනහිටීමක් හේතුවෙන් එය අර්ධ ලෙස වසාදැමීමට සිදුව ඇති අතර මේ හේතුවෙන් මගින් දහස් ගණනක් අතරමංව සිටින බව වාර්තා වෙයි. ලොව කාර්යබහුලම ගුවන් තොටු‍පොළ වන මෙය දිනකට මගීන් 250,000 ක් හා ගුවන්යානා 2500ක් සමග කටයුතු කරන බව පැවසෙයි. මගීන් බොහෝදෙනා අඳුරු පර්යන්තවල හෝ ගුවන්යානා තුළ සිටිනු දක්නට ලැබෙන බව වාර්තා විය.

පසුව ගුවන් තොටුපළේ ඇතැම් ස්ථානවල විදුලිය යථා තත්ත්වයට පත්කළද ගුවන්යානා දහසක පමණ ගමන් වාරයන් නතර කිරීමට සිදු වූ බවද ඊයේ දිනයේ තවත් ගුවන් ගමන් නතර කළ බවද කියැවිණි. වෙනත් ගුවන්තොටු‍පොළවල සිට පැමිණීමට නියමිත වූ ගුවන් යානා හරවා යැවූ බවද ඇතැම් යානා නතරකරගෙන සිටින බවද කියැවේ.

බි.බි.සී.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස තරගවලින් විරාත් කෝලි නිවාඩු ගැනීම මුලපටන්ම බොහෝ දෙනකු තුළ මහත් කුතුහලයක් ජනිත කළ සිදුවීමක් විය. එයට ප්‍රධානම හේතුව වූයේ විරාත් මේ ආකාරයෙන් නිවාඩු ගත්තේ ඔහුගේ පෙම්වතිය වූ, සිනමා නිළි අනුෂ්කා ෂර්මා සමග විවාහ වීම සඳහාය යන කටකතාවක් විවිධ මාධ්‍ය තුළ සැරිසරන්නට පටන් ගැනීමයි. නමුත් මෙය ඇත්තක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලොකු අවිනිශ්චිතතාවක් පැවැතියේ එවැනි විවාහයක් පිළිබඳ අදහසක් නැති බව අනුෂ්කාගේ වෘත්තිය කටයුතු කළමනාකරණය කරන ආයතනයේ ප්‍රකාශකයින් මාධ්‍ය වෙත පැවැසීම නිසාය. නමුත් ඉහත කී ආරංචි සත්‍ය බව මේ වනවිට සනාථ වී අවසන්ව ඇති අතර විරාත් සහ අනුෂ්කා පසුගිය 11 වෙනිදා ඉතාලියේ ඉතා සුන්දර ප්‍රදේශයක් වන ටස්කනි හිදී යුග දිවියට ඇතුළත් වූහ. 
සම්ප්‍රදායික ඉන්දියානු විවාහ උත්සවයක් ලෙස පැවැති මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත්තේ ඔවුන්ගේ පවුල්වල කිට්ටුම ඥාතීන් ඇතුළු සමීපතමයින් 45 දෙනකු වැනි සුළු පිරිසක් පමණක් බවද සඳහන් වේ. මෙම සුපිරි තරු දෙපළ සිය විවාහ උත්සවය ඉන්දියාවේ නොපවත්වා ඉතාලියේ පැවැත්වීමට තීරණය කිරීමට ප්‍රධාන හේතුව මාධ්‍යවලින්, පැපරාසීන්ගෙන් සහ සිය රසික රසිකාවියන්ගේ උදේ‍යාගය නිසා  ඇති විය හැකි පීඩනය අවම කිරීම විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. මෙය ඉන්දියාවේ පැවැත්වී නම් දැවැන්ත මාධ්‍ය අවධානයක් සහ රසික ආකර්ෂණයක් එල්ල වීම නිසා තමුන්ට නිස්කලංකව මෙම අවස්ථාව සමරන්නට ඉඩක් නොලැබෙනු ඇතැයි යන හැඟීමක් විරාත් සහ අනුෂ්කා තුළ තිබුණා විය හැකිය. ඔවුන්ට ඉතාලිය පිළිබඳ යෝජනා කර ඇත්තේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු වන ආදිත්‍ය චොප්රා බවටද කතාවක් තිබේ. (ඔහු සහ සිනමා නිළි රාණි මුඛර්ජි දෙදෙනා අතර විවාහය සිදු වූයේ ද ඉතාලියේදීය.)
ඉතාලියේ පැවැති උත්සවය සීමිත පිරිසක් සහභාගි වූ එකක් වී නමුත් සිය සෙසු ඥාතීන්, හිතමිතුරන්, වෘත්තීය සගයින් වෙනුවෙන් ඉන්දියාවේදී තවත් ප්‍රිය සම්භාෂණ දෙකක් පැවැත්වීමට විරාත් සහ අනුෂ්කා සැලසුම් කරගෙන සිටිති. දෙසැම්බර් 21 දින නව දිල්ලියේදීද, 26 වෙනි දින මුම්බායි හිදීද මෙම සාදයන් පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි. විරාත් වාසය කරන්නේ නවදිල්ලියේ වීමත්, අනුෂ්කා මුම්බායි හි පදිංචිකාරියක වීමත් එම ස්ථානවල මෙම සම්භාෂණ පැවැත්වීමට හේතුව විය හැකිය. අනතුරුව ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා විරාත් දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතව සිටින අතර අනුෂ්කාද ඔහු සමග එහි යනු ඇතැයි සඳහන් වේ. නමුත් දින කිහිපයකින් පසු ඇය පෙරළා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ ඇය  බාරගෙන ඇති සිනමා නිර්මාණවල කටයුතු සඳහාය. මේ අතර ඇගේම නිෂ්පාදනයක් වන 'පාරි' සිනමා පටයේ ප්‍රචාරක කටයුතු සඳහාද ඇය එම කාලය තුළ සම්බන්ධ වනු ඇත. 
නව යුවළ ඉදිරියේදී අලුත්ම අධි-සුඛෝපභෝගී නිවසක පදිංචිවීමට නියමිතව ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ''ඕම්කාර් ටවර්ස්'' යනුවෙන් හැඳින්වෙන, මුම්බායිහි ඉහළම පෙළේ තට්ටු නිවාස සංකීර්ණයක, මුහුදට මුහුණලා පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 7000කට ආසන්න, සියලු නව අංගෝපාංගවලින් සමන්විත වූවකි. විරාත් මෙය මිලදී ගෙන ඇත්තේ  2016 වසරේ බවද සඳහන් වෙයි.  මතෛක් කලක් සිය 'උපන් ගම' වන නවදිල්ලියේ වාසය කළ විරාත්ට මේ අනුව දැන් නව පළාතක පදිංචියට ඒමට සිදුවෙයි. අනුෂ්කා  නම් පසුගිය කාලය පුරා දිගටම ජීවත් වූයේ මුම්බාහිය. 
කාලයක් පුරා කාගේත් අවධානය දිනාගෙන තිබූ විරාත්- අනුෂ්කා  ආදර කතාව සුන්දරත්වයෙන් මෙන්ම විවිධ හැලහැප්පීම්වලින්ද සමන්විත වූවකි. මේ දෙදෙනා මුල්වරට එකිනෙකා මුණ ගැසුණේ 2013 වසරේ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටි අවස්ථාවකය. පසුව පෙම්වතුන් බවට පත් වූ ඔවුන් අතර ඇසුර 2015 සහ 2016 වසරවල දෙවතාවක්ම  බිඳ වැටුණු බවට කතා පැතිරුණු බවද රහසක් නොවේ. එක් අවස්ථාවක කිසියම් සඟරාවක් සඳහා අනුෂ්කා          පෙනී සිටි සරාගී ඡායාරූප වගයක් සම්බන්ධයෙන් ඇති වූ මතගැටුමක් නිසාද ඔවුන් අතර විරසකයක් ඇති වූ බවට කතන්දර පැතිරුණි. කෙසේ වෙතත් පසුකාලයේ මේ සියලු ප්‍රශ්න විසඳාගෙන දෙදෙනා ඉතා සමීප, ආදරණීය ආදරවන්තයින් දෙදෙනකු බවට පත්ව සිටිනු දැකිය හැකි විය. තමාගේ දුෂ්කර අවස්ථාවල අනුෂ්කාගෙන් ලැබුණු සහය සහ ධෛර්යය සම්බන්ධයෙන් විරාත් නිතර ඇය අගය කරමින් කතා කරනුද මාධ්‍ය තුළ දැකිය හැකි විය.
 
කිත්සිරි මල්වත්ත

තම නගරය බිහි වී වසර එකසිය පනහක් පිරීම සම්බන්ධ වසර වරද්දාගෙන එය සැමරීමට සැලසුම් කළ ඕස්ට්‍රේලියාවේ නගරයක් ගැන වාර්තාවෙයි. ඒ අනුව සැබැවින්ම නගරය වසර එකසිය පනහක් සැමරිය යුතුව තිබුණේ මීට වසර තුනකට පෙරය. කුවින්ස්ලන්ඩ්හි චාලෙවිල් නම් නගරය මෙම අකරතැබ්බයට මුහුණ දුන් අතර 1868 නිල ලෙස පිළිගත් තම නගරයට වසර එකසිය පනහක් පිරීම මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට ඔවුහු සූදානම්ව සිටියහ. කෙසේවුවද පසුව දැනගන්නට ලැබි ඇත්තේ නගරය නිල වශයෙන් පිළිගෙන ඇත්තේ 1865 දී බවය. මෙය නගරවැසියන්ගේ බලා‍පොරොත්තු දැඩි ලෙස බිඳ වැට්ට වූ බව කියන පුරපතිනිය මේ සඳහා විශාල මුදලක් ඒ වනවිටත් වැයකොට තිබූ බවද කියයි. නියම වසර දැනගන්නට ලැබිමෙන් තමන් සියලුදෙනාම මහත්සේ කම්පනයට පත් වූ බව ඇය කියා තිබිණි.
             
නිශානි දිසානායක

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1173

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1041

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1626

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3164

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4015

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4147

Please publish modules in offcanvas position.