lakbima.lk

දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශනය වැනි ක්‍ෂේත්‍ර පිළිබඳ උනන්දුව දක්වන අය අතර කාල් මාක්ස් ගැන අසා නැති අයෙකු සිටිනු ඇතැයි සිතිය නොහැක. මාක්ස්වාදය හඳුන්වා දුන් ඔහු ලෝකයේ සිටි ජනප්‍රියම, කීර්තිමත්ම දාර්ශනිකයෙකු, න්‍යායාචාර්යවරයෙකු, විශ්‍ලේෂකයෙකු ලෙස සැලකිය හැකිය. නමුත් මාක්ස්ට වෛර කරන, ඔහු පිළිකුල් කරන, ඔහුගේ දාර්ශනික අදහස්, න්‍යායයන්  ප්‍රතික්‍ෂේප කරන විශාල පිරිසක් ද සිටින බව රහසක් නොවේ. ඒ ආකාරයෙන් ඔහුට වෛර කරන යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක හෝ කටයුත්තක් සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු විය. එනම් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ  දෙවතාවක්ම ඔහුගේ සොහොන් කොතට හානි පැමිණවීමයි.

කාල් මාක්ස් සහ ඔහුගේ පවු‍ලේ උදවිය වෙනුවෙන් ඉදි කරන ලද සොහොන් කොත පිහිටා ඇත්තේ උතුරු ලන්ඩනයේ 'හයිගේට්' නමින් හැඳින්වෙන සුසාන භූමියේය. ඉහත කී ප්‍රහාර දෙකෙන් පළමු ප්‍රහාරය එල්ල වී තිබුණේ පෙබරවාරි 4 වෙනිදාය. එහි දී මෙම සොහොන් කොතෙහි සවිකර ඇති, මාක්ස්ගේ සහ පවු‍ලේ අයගේ නම් ඇතුළු විස්තර සටහන් වන කිරි ගරුඬ ඵලකයට මිටියක් වැනි ආයුධයකින් පහර දී එයට හානි කර තිබිණි. මෙම මිටි පහර නිසා මාක්ස්ගේ නමෙහි කොටසක්ද, ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්ෆලන්  මිය ගිය දිනය සඳහන් කොටස ද පළුදු වී තිබෙනු දැකිය හැකි විය. එයට අමතරව ඔවුන් ගේ මුනුපුරා ගේ නමටද හානි සිදු වී තිබිණි. මෙම ස්මාරකය
අඩි 12ක් පමණ උසින් යුතු වන අතර එහි මුදුනෙහි මාක්ස්ගේ උඩු කය පිළිරුවක් ඉදි කර තිබේ. හානි සිදුකර ඇති ඵලකය සවි කර ඇත්තේ එහි පහළ ඇති කොටසේය.

දෙවෙනි ප්‍රහාරය එල්ල කර තිබුණේ පසුගිය 16 වෙනි සෙනසුරාදාය. එවර නින්දා සහගත වැකි කිහිපයක් රතු තීන්තෙන් ස්මාරකය පුරා ලියා තිබෙනු දැකිය හැකි විය. 'වෛරයේ දහම' , 'ජන සංහාරයේ නිර්මාණ ශිල්පියා' වැනි වදන් මේ ආකාරයෙන් ලියා තිබෙනු දක්නට ලැබිණි. කාල් මාක්ස් ගේ දර්ශනය මත පදනම් වෙමින් සිදු කරන ලද දේශපාලන විප්ලව නිසා ඇති වූ ගැටුම්ද, මිනිසුන් මිය යාම වැනි කාරණා ද සැලකිල්ලට ගනිමින් මෙවැනි වැකි ලියා ඇති බව පැහැදිලිය. මාක්ස් ගේ මෙම සොහොන් කොත සැලකෙන්නේ පළමු ශ්‍රේණියේ ස්මාරකයක් වශයෙනි. ඒ එහි ඓතිහාසික වැදගත්කම සලකා කරන ලද ශ්‍රේණිගත කිරීමකි. මෙය සංචාරකයන් විශාල වශයෙන් නැරඹීමට පැමිණෙන ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය කෝපය සහ අප්‍රසාදය පළ කර තිබෙනු ද දැකිය හැකි විය.

කාල් මාක්ස් උපන්නේ ජර්මනියේ වුව ද ක්‍රි.ව. 1883 දී ඔහු ගේ මරණය සිදු වූයේ ඔහු එංගලන්තයේ ජීවත් වෙද්දීය. ඔහුට එංගලන්තයට පැමිණීමට සිදු වූයේ  දේශපාලන කටයුතු හේතුවෙන් රටවල් කිහිපයකින්ම ඔහු නෙරපා හැරීම නිසා ය. 1849 වසරේ එංගලන්තයට පැමිණි මාක්ස් අවසන් කාලයේ බරපතළ ලෙස රෝගාතුරව සිටි බව ද සඳහන් වේ.  මිය යන විට ඔහුගේ වයස අවුරුදු 64ක් විය. ඔහු ගේ මෙන්ම බිරිඳ ජෙනී ගේද සොහොන් කොත මුලින් ඉදි කර තිබි ඇත්තේ දැන් එය පවතින ස්ථානයේ නොවේ. මෙම සුසාන භූමියේ ම වෙනත් කෙළවරකය. නමුත් 1954 දී ඔවුන්ගේ සිරුරු කොටස් එම ස්ථානයෙන් ගොඩ ගෙන වඩාත්  සුදුසු තැනක නැවත භූමදානය කර මෙම නව ස්මාරකය ඉදි කර තිබේ. මෙම ස්මාරකය ඉදි කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.

කෙසේ වෙතත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ඉහත කී සිදුවීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. නමුත් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වෙමින් ඇති බව බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර සුසාන භූමියේ පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ මෙය ඉතාම අසංවේදී, මුග්ධ, අශිෂ්ට ක්‍රියාවක් බවයි. මාක්ස් ගේ ඉගැන්වීම් ගැන කෙනෙකුට ගැටලු තිබිය හැකි වුවත් එය ප්‍රකාශ කළ යුතු විදිය මෙය නොවන බවත් ඔහු සඳහන් කර තිබිණි. මෙම ස්මාරකයට මෙවැනි ප්‍රහාර එල්ල වූ පළමු වතාවද මෙය නොවේ.

මෙයට පෙර අවස්ථාවක ද මේ ආකාරයෙන්ම මේ මත තීන්ත තවරා හානි කර තිබූ අතර 1970 වසරේ එයට බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල වී තිබිණි.

කිත්සිරි මල්වත්ත

  1. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  2. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  3. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  4. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  5. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව
  6. අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල
  7. ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල
  8. අරුම පුදුම ගහගැනිලි උත්සවය
  9. කාර්ය මණ්ඩලයක් නැති පැය 24 පොත් සාප්පුව
  10. ලොවට උපන් එකම පුංචි යකඩ කෙල්ල
  11. එක් මිනිසෙක් ජීවත් වන හුදකලා නගරය
  12. ඩුබායි අඩ සඳ කුලූණේ විස්මිත තතු
  13. තිදෙනෙකුට පමණක් කතා කළ හැකි ලොව එකම භාෂාව
  14. ගිනස් පොතෙන් බිහි වූ අපූරු වාර්තා 5ක්
  15. වියට්නාමයේ ඉදි වූ රන් පාලම
  16. ලෝකයේ ජනගහණය අධිකතම කුඩා දූපත
  17. චීනයේ ඉදි වූ නිදහස් පොත් ගුල
  18. චීනය හා ඇමෙරිකාව අතර පුරවැසි අරගලයක්
  19. මාස හයක ගමනකින් පසු අඟහරු වෙත ළඟා වූ 'ඉන්සයිට්' යානය
  20. මගීන් 104 ක් සමඟ අතුරුදහන් වූ අබිරහස් දුම්රිය ඛේදවාචකය
  21. ලෝකයේ විහිලු සහගත වන ජීවී ඡායාරූප - 2018
  22. ලෝක කාලගුණ ඡායාරූප තරඟය - 2018
  23. දස දහස් ගණනින් දරුවන් මියයන ලොව බිහිසුණුම දුර්භික්ෂය
  24. ලෝකයේ නිවුන් දරු උපත් වැඩිවෙනවාලු
  25. උලූරු හෙවත් අයර්ස් රොක් නැගීම ලබන වසරේ සිට තහනම්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.