lakbima.lk

වර්තමාන අගමැති නරේන්ද්‍ර මූදි ගේ සංකල්පයක් වන “Make in India” අනුවකොරියානු ජනාධිපති මූන් ජේ සමඟ සිදු කළ  රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවක ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර තලයේ කීර්තිමත් කොරියානු ජංගම දුරකථන සමාගමක් වන සැම්සුන්ග් ආයතනය විසින් සිය සුවිශාලතම කර්මාන්තශාලාව ගොඩ නැඟීමට තීරණය කර තිබුණි. ඒ 2018 ජූලි මාසයේ ය.

මෙම සුවිසල් කර්මාන්තශාලාව ඉදි කෙරමින් පවතින්නේ උත්තර්  ප‍්‍රදේශයෙහි නොයිඩා ප‍්‍රදේශයේ 81 කොටසේ ය. මේ සඳහා වැය වන මුලූ  මුදල ඉන්දීය රුපියල් කෝටි 5000 කට ආසන්න ය. අපේක්ෂිත රැකියා ජනනය ලක්ෂ 4 ත් 5 ත් අතර ය. අදියර  කිහිපයකින් නිමා වන මෙම යෝධ ව්‍යාපෘතිය මඟින්   වසරකට ජංගම දුරකථන  කෝටි 12 ක් නිකුත් කිරීමට  අපේක්ෂිත ය. දැනට නොයිඩා කර්මාන්තශාලාව මඟින් වසරකට නිෂ්පාදනය   ජංගම දුරකථන ප‍්‍රමාණය මිලියන 30 කි.

ඉන්දියාව විසින් විදේශයෙන් ගෙන්වන ලද භාණ්ඩ සඳහා  10% ක තීරු බදු ගාස්තු අය කිරිමත් සමඟ බොහෝ දුරකථන සමාගම් ඉන්දියාව තුළ හිඳිමින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ ය. කෙසේවෙතත් සැම්සුන්ග් සමාගම නොයිඩා තෝරාගෙන ඇත්තේ මෙම ප‍්‍රදේශය ජංම දුරකථන නිෂ්පාදනයේ සිට අලෙවිය තෙක් ඉතා ලාභදායී ක‍්‍රමවේදයක් පවතින හෙයිනි. මෙම ප‍්‍රදේශයේ දියුණු යටිතල පහසුකම් ඉහළ තරුණ ප‍්‍රතිශතය  හා තීරු බදු ඉතා ලාභදායී වීම වැනි කාරණා සළකා බලමිනි. මුල් අදියරේ දී  ජංගම දුරකථන සඳහාත් පසුව එහි වෙනත් විද්‍යුත් උපකරණත් නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඉන්දියාවේ නොයිඩා හි දැනටමත් විවිධ දුරකථන කර්මාන්තශාලා 25 කට අධික සංඛ්‍යාවක්   ස්ථාපනය වී ඇත. මෙම කර්මාන්තශාලාව මුල්වරට හඳුන්වා දෑ ඇත්තේ 1990 දශකයේ මුල් භාගයේදී ය. ඉතා සිඝ්‍රයෙන් දියුණු වූ මෙම කර්මාන්තශාලාව මේ වන විට අක්කර 25 කට අධික ප‍්‍රදේශයක් තුළ පිහිටා ඇත. මෙම සුවිශාල සැම්සුන්ග් කර්මාන්ත ශාලාවෙන් සෙත සැලසෙන්නේ ඉන්දියාවට පමණක් නොව සමස්ත සාර්ක් කලාපයටම බව එහි මෙහෙයුම් අධ්‍යක්ෂක පවසා ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.