lakbima.lk

මීට වසර දොළහකට පෙර එනම් 2007 වර්ෂයේ එක්තරා දවසක පිලිපීනයේ කැලෝඩා නමින් හැඳින්වෙන ගුහාවකින් සොයාගත් යමක් මානව ඉතිහාසයට අලුත් තොරතුරක් එක් කරන්නට සමත් විය. කැණීම් කටයුතුවල යෙදෙද්දී පිලිපීනයට අයත් මේ දූපත් ගුහාවෙන් මතු වූයේ මිනිසකුගේ පතුල් අස්ථීයකි. එහි වූ විශේෂය නම් කාලනිර්ණය කිරීමේදී එයට වසර 67,000ක අතීතයක් හිමි බව තහවුරු වීමය.
 
පිළිවෙළින් තවත් වසර 4කදී (2011) හා වසර 8කදී (2015) දී නැවතත් අත්වල හා පාදවල අස්ථි කොටස් දොළහක් පමණද මේ පාංශු තට්ටුව තුළින්ම සොයා ගන්නට පුරා විද්‍යාඥයන්ට හැකිවිය. මේ අස්ථි කැබලි අතර එක් කලවා ඇටයක්ද දත්ද තිබුණූ බව පැවැසුණි. මේ ශේෂයන් හමුවූ ගුහාව පිහිටා තිබුණේ පිලිපීනයට අයත් ලුසින් දූපතේ බැවින් විද්‍යාඥයන් මේ සාක්ෂි ඉතිරිකර ගිය මානව වර්ගය ලූසනෙන්සිස් යනුවෙන් හඳුන්වන්නට පියවර ගත් බව පැවැසෙයි.
 
දැන් එනම් ඉන් තවත් හතර වසරකට පසුව කළ අධ්‍යයනයක් තුළින් මීට වසර 50,000-67,000 අතර Homo luzonensis නම් මානව විශේෂයක් ජීවත්ව සිටි බව තහවුරු වී තිබේ. මේ අධ්‍යයනයන්ට පාදක වූ ෆොසිල මීට වසර පනස් දහසකට පමණ එපිට මේ ගුහා ආශ්‍රිතව ජීවත් වූ  වැඩිහිටියන් දෙදෙනෙකුගේ හා දරුවකුගේ බව තහවුරු කර ගන්නට පුරා විද්‍යාඥයන් සමත්ව සිටින බව අසන්නට ලැබේ.
 
මේ කාලනිර්ණය අනුව තහවුරු වී තිබෙන්නේ Homo luzonensis නියැන්ඩර්තාල්, ඩෙනිසෝවියන් මෙන්ම හෝමෝ සේපියන් හා කුඩා සිරුරින් යුතු හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස් ජීවත් වූ කාල සීමාව තුළම සිටි මානව විශේෂයක් බවයි.
 
මෙහිදී හමු වී තිබෙන දත් හෝමෝ සේපියන්ගේ දත්වලට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ ලිහිල් පෙනුමෙන් යුතු බවත් හඳුනාගැනීමට අධ්‍යයනය කරන්නන් සමත්ව තිබේ. මේ සමගම Homo luzonensis පිලිපීනයෙන් හමු වූ ආදිතම මිනිස් සාක්ෂිය වශයෙන් සැලකෙයි. මීට පෙර එහි පැරණිතම මානව විශේෂය ලෙස සැලකුණේ වසර 30,000-40,000ත් අතර එහි විසුයේ යැයි කියන හෝමෝ සේපියන් මානවයාය.
 
මේ අධ්‍යයනයන් තුළින් සොයාගන්නට සමත්ව ඇති තවත් නළල රැළි ගන්වන තොරතුරක් වන්නේ මෙකී Homo luzonensis ගේ මහපටැඟිලි අස්ථිය ඔස්ට්‍රලෝපිනිකස් මානවයා නොඑසේනම් ප්‍රසිද්ධ ඹ්භජර ෆොසිලයට බෙහෙවින් සමානකම් දක්වන බවය. ඔස්ට්‍රලෝපිනිකස් ජීවත් වූයේ මීට වසර මිලියන 2.9ත් 3.9ත් අතර කාලය තුළය. එහෙත් මොවුන්ගේ ඇඟිලි අස්ථි ඔස්ට්‍රලෝපිනිකස්ගේ මෙන්ම හෝමෝ මානව වර්ගවල ලක්ෂණද පෙන්නුම් කරන බව පැවැසෙයි.
 
පර්යේෂකයන්ගේ මීළඟ උත්සාහය වන්නේ මේ ෆොසිල සාක්ෂි හරහා Homo luzonensis ගේ හැසිරීම කෙසේ වී දැයි අධ්‍යයනය  කිරීමයි. එනම් ඔවුන් එහා මෙහා ගමන් කළ ආකාරය, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් කෙසේ සිදුවන්නට ඇත්දැයි අධ්‍යයනය කිරීමටය. එමෙන්ම මේ ගුහාවේ කැණීම් කටයුතු තවදුරටත් සිදුකරගෙන යන අතරේ ඊට නුදුරේ තිබෙන්නට පුළුවන් තවත් කැණීම් බිම් හඳුනාගන්නටද ඔවුන්ගේ උනන්දුව යොමුවී තිබේ.
 
 පාලිත ජයකොඩි

 පාලිත ජයකොඩි

  1. ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්
  2. බ්‍රෙක්සිට් නිසා මේ තවත් අමාරුවේ
  3. රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට
  4. කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි
  5. වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?
  6. ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය
  7. රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි
  8. ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ
  9. අල්කයිඩාවේ මීළඟ නායකයා ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සාද?
  10. “අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ
  11. කාල් මාක්ස්ගේ සොහොන්කොතට සති දෙකක් තුළ ප්‍රහාර දෙකක්
  12. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  13. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  14. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  15. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  16. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව
  17. අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල
  18. ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල
  19. අරුම පුදුම ගහගැනිලි උත්සවය
  20. කාර්ය මණ්ඩලයක් නැති පැය 24 පොත් සාප්පුව
  21. ලොවට උපන් එකම පුංචි යකඩ කෙල්ල
  22. එක් මිනිසෙක් ජීවත් වන හුදකලා නගරය
  23. ඩුබායි අඩ සඳ කුලූණේ විස්මිත තතු
  24. තිදෙනෙකුට පමණක් කතා කළ හැකි ලොව එකම භාෂාව
  25. ගිනස් පොතෙන් බිහි වූ අපූරු වාර්තා 5ක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.