lakbima.lk

පසුගිය වසර ගණනාවක් තිස්සේ ලොව කුසගින්නේ සිටින හා මන්ද ‍පෝෂණයෙන් පෙළෙන ජනතාව ප්‍රමාණයෙන් අඩුවෙමින් තිබුණි. නමුත් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ වාර්තාවකින් කියැවුණේ දැනට වසර තුනක පමණ සිට ක්‍රමයෙන් නැවතත් මෙම ප්‍රමාණය වැඩිවෙමින් යන බවය.පසුගිය වසරේ මෙම ප්‍රමාණය මිලියන අටසිය විසි එකකි.එනම් හැම නවදෙනෙක්ගෙන්ම එක් අයෙක් කුසගින්නෙන් හා මන්ද‍පෝෂණයෙන් පෙළෙයි. ලෝක ජනගහනයෙන් සියයට විසිදෙකක් වන වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් මිලියන එකසිය පනස් එකකගේ වැඩීම බාල වී ඇත්තේ මෙලෙස නිසි ‍පෝෂ්‍යදායී ආහාර නොලැබිම නිසාය. මෙම ආහාර හිඟයට දේශගුණික විපර්යාසද බලපා ඇති බව පෙන්වන ඉහත වාර්තාව වහාම මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් තත්ත්වය දරුණු විය හැකි බවට අනතුරු අඟවයි.මීට අමතරව ‍පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් දිනෙන් දින ක්ෂණික ආහාර ගන්නා ජනතාවගේ ස්ථුල භාවය වැඩි වන බවද මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව වැඩිහිටියන් අටදෙනෙක්ගෙන් එක් අයෙක් එනම් ලෝක ජනගහනයෙන් මිලියන හයසිය හැත්තෑ දෙකක් ස්ථුල භාවයෙන් පෙළෙති.

ගංවතුර, දැඩි උණුසුම, සුළි කුණාටු සහ නියඟය බෝගවලට කරන හානියද ලොව කුසගින්න වැඩි කරන අතර 1990 මුල් භාගයේ සිට මේ වනවිට එවැනි ස්වාභාවික විපත් ප්‍රමාණය දෙගුණ වී තිබේ. කුසගින්න හා මන්ද‍පෝෂණය වළක්වාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රකට සංවිධාන ගත් සියලු උත්සාහයන් ආපිට හැරවීමට මෙම ස්වාභාවික විපත් හේතු වී තිබේ. දේශගුණික විපර්යාසයන් වගාවන්ට හානිකොට ආහාර නිෂ්පාදනය අඩුකරනවාට අමතරව එය තවත් ආකාරයකින් ජනතාවට බලපායි. ආහාර හිඟය නිසා නිරෝගී බව අඩු ජනතාවකට ආහාර වගා කිරීමට වෙහෙස දරන්නට නොහැකිවීම මෙන්ම ‍පෝෂ්‍යදායක හා ආරක්ෂාකාරී ආහාර සොයාගැනීමට කාලය හා මුදල් වෙන්කිරීමට ජනතාවට ඇති අපහසුව ඒ අතර වෙයි. මෙහිදී කුසගින්න වඩාත්ම දරුණු ලෙස බලපා ඇත්තේ කෘෂිකර්මාන්තය මත තම ජීවන රටාව ගොඩනැංවී ඇති, වැස්සෙන් හා දැඩි උණුසුමින් වගාවන්ට නිරතුරු හානි සිදුවන රටවලටය.

මෙහිදී ලොව පුරා ඇති යුදමය තත්ත්වයන්ද ආහාර හිඟයට බලපායි. මෙය වළක්වාලීම අසීරු බැවින් ඉහත වාර්තාව පෙන්වාදෙන්නේ වළක්වාගත හැකි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ස්වාභාවධර්මයේ විපත් අවමකොට වගාවන් ආරක්ෂාකරගැනීමට කටයුතු කළයුතු බවය. ලොව උණුසුම වැඩි වූ තරමට කුසගින්නද වැඩිවන බව මෙම වාර්තාව උපුටා දක්වමින් ආහාර විශේෂඥයෝ අනතුරු අඟවති. මෙලෙස ස්වාභාවික විපත් හේතුවෙන් නිරතුරු වගාවන් විනාශ වන රටවලට හැකි ඉක්මනින් ආධාර අවශ්‍ය බවද, අනවශ්‍ය කරුණු සඳහා මුදල් වැයකිරීමෙන් වැළකී බලවත් රටවල දේශපාලන නායකයන් සොබාදහමින් වගාව විනාශවන රටවලට ආධාර ලබාදිය යුතු බවද මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ තවත් වාර්තාවකින් පෙන්වා දුන්නේ උතුරු කොරියාවේ හැම පස්දෙනෙකුගෙන් දෙදෙනෙක් මන්ද ‍පෝෂණයෙන් පෙළෙන බවය. එරට ජනතාවගෙන් සියයට හැත්තෑවක් පමණ ආහාර මුද්දර මත යැපෙන බවද එහි කියැවිනි. එහිදීද බොහෝ විට බලපා ඇත්තේ ගංවතුර හා නියඟයයි.ජනගහනය මිලියන විසිපහක් වන උතුරු කොරියාවේ මිලියන දහඅටක්ම මන්ද ‍පෝෂණයෙන් පෙළෙන බව මෙහි පෙන්වාදී තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු හේතුවෙන් එරටට එක්සත් ජාතීන් විසින් පනවා ඇති සම්බාධකද දැඩි ලෙස බලපා තිබේ.මේ වනවිට ආහාර හිඟය දැඩි ලෙස හෝ සැලකියයුතු ආකාරයෙන් දැනෙන රටවල් පනස් දෙකක් ඇති අතර එම සියලු රටවල යම් ආකාරයේ සිවිල් අර්බුදයන් තිබේ.

අප්‍රිකානු රටවල් අතර දැඩි ලෙස කුසගින්නෙන් ජනතාව පෙළෙන රටවල් වන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජය,චැඩ් හා සැම්බියාවයි. ඒ අතරින් සැම්බියාව හැරුනුවිට ඉතිරි රටවල් දෙකම දැඩි යුදමය වාතාවරණයකට මැදිවු රටවල්ය.දකුණු සුඩානය, කොංගෝව හා සිරියාවේද දැඩි ලෙස මන්ද ‍පෝෂණය බලපවත්වන බව කියැවුණද එහි ඇති අර්බුදකාරී තත්ත්වයන් නිසා නිසියාකාරව දත්ත එක්රැස්කර ගැනීමට නොහැකි වී තිබේ. පෙර සිතා සිටි ආකාරයට 2030 වසර වනවිට කුසගින්න හා දිළිඳුකම තුරන්කරන්නට නොහැකි වී ඇත්තේ ද සාමය ඇතිකරන්නට ඇති නොහැකියාව හේතුවෙනි. ආසියාවේ රටවල් බහුතරයකින් මන්ද‍පෝෂණය වාර්තාවන අතර ඉන්දියාව හා බංග්ලාදේශය එහි ඉදිරියෙන් සිටියි. සංවර්ධනය වන රටවල කුසගින්නෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව සියයට විසිහතකින් පසුගිය වසර කිහිපය තුළ අඩුවුවද ලෝක මට්ටමින් ගත්කල වසර තුනක සිට කුසගින්න හා මන්ද‍පෝෂණය වැඩිවීම භයානක ලෙස ඉහළ ගොස් හා යමින් තිබේ. ‍පෝෂණයෙන්යුතු ආහාර නොලැබිම හේතුවෙන් එවැනි රටවල දරුවන් වයසට වඩා උසින් අඩුවීමද දක්නට ලැබේ. මන්ද ‍පෝෂණය නිසා වසරකට ලොව මියයන ළමුන් ගණන මිලියන 3.1කි.

නිශානි දිසානායක

  1. රටකජු ගොවියෙකුගේ සිට ධවල මන්දිරය දක්වා...
  2. ගූග්ල් බයිසිකල්
  3. වසර 65කට පසු හැඟුම්බර හමුවක්
  4. අලිම අලි අලිගැටපේර
  5. සිනහවේ රහස්
  6. මිනිස් සිරුරේ විස්මිත රහස්
  7. මහා ගල් කන්දක් තනිවම කඩා ගමත් නගරයත් එකට යා කළ දශ්රාත් මාන්ජි
  8. ෆොටෝ ගහලා මේල් කරන අපූරු කැමරාවක්
  9. සාමය සඳහා මැදිහත් වූ සංවේදි මිනිසා කොෆී අන්නන්
  10. වෙනිසියුලන් සංක‍්‍රමණ අර්බුදය උත්සන්න අතට
  11. කොෆී අනන් ගේ ජීවිත වියමන
  12. ප්‍රංශය විසිපස් වසරක් සොයන රන් බකමූණා
  13. ලොව වටා ආහාර ගැන නොදත් දේ
  14. බංගලාදේශයම නතරකළ රිය අනතුර
  15. ලොව පුරා රූපවාහිනී නාලිකාවලට අලුත් අභියෝගයක්
  16. සත්ව ලෝකයේ අපූරු තොරතුරු
  17. පීටර් රැබිට් චිත‍්‍රපටයේ නොපෙණුනු කතාව
  18. පලතුරු රස රහස්
  19. ඉන්දියානු රජය සුළුතරය මඩින මෙහෙයුමක ?
  20. ලොව පළමු නළ බබා කියන අපූරු කතාවක්
  21. මනාලයාට ගුටි බැට දෙන දකුණු කොරියානුවෝ
  22. දවස් දෙකයි මඟුල ඉවරයි
  23. අදෘශ්‍යමාන ශ‍්‍රවණාධාරකයක්
  24. යුනෙස්කෝවේ ලෝක උරුමයන් අතරට එක්වූ අලූත් සාමාජිකයෝ
  25. තෝරු මෝරු එළියට හාල් මැස්සන් ඇතුළට

Page 1 of 99

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.