lakbima.lk

චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව

ඒ දෙවෙනි යුධ සමයයි. ජපන් අධිරාජ්‍ය නිර්මාණය කරමින් සිටි ජපන් යුධාංක 731 විසින් චීනයේ හීලොන්ග්ජියැන්ග්  ප‍්‍රාන්තයේ කෝබින්හි නිර්මාණය කළ වධකාගාරය වූයේ යුනිට් 731 යන්නයි. මෙය ජර්මානුවන් නිර්මාණය කළ පෝලන්තයේ අවුස්විස්ට් වධකාගාරයට නොදෙවනි විශාල වධකාගාරයකි.

මෙම වධකාගාරය නිර්මාණය කර  ඇත්තේ චීන ජාතිකයින් විවිධ රසායන පරික්ෂණ සඳහා යොදා ගැනීමෙන් අනතුරුව කෲර ලෙස ඝාතනය කිරීම සඳහා ය. මෙය අනවසරයෙන් හා රහසිගතව පිහිටා තිබුණි. 

මෙම වධකාගාරය ඇසුරින් සිදු කළ කබාරොව්ස්ක් යුධ අපරාධ අධිකරණ පෙන්වා දෙනුයේ 1930 ත් 1945ත් අතර කාලයේ දී මෙම වධකාගාරයේ වූ අමානුෂික වධ බන්ධන හේතුවෙන් ගැහැණුන් හා කුඩා ළමුන් 3000ක් හා මිනිසුන් 12 000ක  ප‍්‍රමාණයක් මිය ගොස් ඇති බවයි.

මෙම වධකාගාරය ජනතාවට විවෘත වූයේ චීනය 70 වැනි දෙවෙනි ලෝක යුධ සැමරූ 2015 වර්ෂයේ දී ය. එතෙක් මෙම කලාපය අතිශය රහසිගත කලාපයක් ලෙස පැවතුණි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.