lakbima.lk

අරුම පුදුම ගහගැනිලි උත්සවය

 

එදිනෙදා ජීවිතයේ වූ සිත් රිදවීම් හා නෝක්කාඩු පිරිමසා ගැනීමට සිය ප‍්‍රජාවට වෙනම ම දිනයක් වෙන් කර ඇති අපූරු රටක් මේ ලෝකයේ ඇත. මෙම ඉපැරණි චාරිත‍්‍රය හදුන්වනුයේ ‘ටකානාකුයි’ ලෙසයි.

ඒ ලතින් ඇමරිකානු රාජණයක් වන පීරු හි ප‍්‍රාන්තයක් වන චමබිවිලකස් හි සැන්ටෝ ටෝමස් හි ය. එහි වෙසෙන ජනතාව සෑම දෙසැම්බර් 25 එක් රොක් වී මෙම උත්සවය සැමරීම ඉතා ඉහළින් සිදු කරයි. මෙම අපූරු චාරිත‍්‍රය මේ වන විට මධ්‍යම පිරුහි බොහෝ ස්ථාන වෙත පැතිරී ඇත. ඒ අනුව සෑම දෙසැම්බර් 25 වනදා ම  පැරණි කෝන්තර පියවාගැනීම සදහා සටන් වැදීමට එකිනෙකා ඉදිරිපත් වෙයි. මෙහි බොහෝ සටන් පැවතෙන්නේ නැටුම්, ඉඟි බිඟි හා යුගල වශයෙන් වන ගහ ගැනීම් වලිනි.

සටනට එන්නවුන් සදහා විශේෂිත ආභරණ හා ඇදුම් පැළදුම් වර්ග 5 ක් ඇතැයි සැළකේ. ඒවා නම් ලැන්ගොස් , නිග්‍රෝ, ක්වාරවට්නා, මැජෙනෝ හා ක්වාරා ගැලෝ ය. ඉන් බොහෝමයක් ම අන්දීස් කදුවැටි වල ප‍්‍රජාවට සම්බන්ධිත සංස්කෘතිකාංග පෙන්නුම් කරයි. මෙයින් බොහෝමයක් ම රතු, කොළ, කහ, සුදු වර්ණ වීම කැපී පෙනෙයි. ඔවුන්ට අනුව මෙම වර්ණ විශ්වයේ පැවැත්ම සංකේතවත් වේ.

සටන් වැදීමේදී මුහුණු ආවරණ පැළඳීමක් සිදු කරයි. ඒ හරහා ඔවුන්ගේ අනන්‍යතාවය අන් අයගෙන් සඟවාලීම සිදුවේ. එමෙන් ම මෙලෙස සටන් වැදීමෙන් අනුරුව ඔවුනොවුන්ගේ සිත් රිදවීම් නව වසර වෙත නොයන බව විශ්වාසයයි.

සටන් වැදීමේදී අත් රෙදි කැබලි වලින් ඔතා ගැනීමට ඉඩ ලබා දෙයි. සටන අතරතුරේදී සැපීම, ඔසවා බිමට ගැසීම හා කෙස් ඇදීම සපුරා තහනම් ය. සටන අවසානයේ දී එකිනෙකා අත් වලින් ආචාර කිරීම හා සිප ගැනීම අනිවාර්ය වේ.

කෙසේවෙතත් මේ වන විට පීරු රජය විසින් මෙම අමුතු චාරිත‍්‍රය තවදුරටත් පවත්වා ගැනීමට විවිධාකාරයෙන් අඩපණ කිරීමට විිවිධ කටයුතු සිදු කරමින් සිටියි. 2018 වසරේ පැවති ටකානුකුයි සටන් සදහා මිනිසුන් 3000 ක් සහභාගි වී ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.