lakbima.lk

ඩුබායි අඩ සඳ කුලූණේ විස්මිත තතු

ඩුබායි හි නිම වී ඇති මේ අපූරු අඩ සඳ කුලූණ පිිහිටා ඇත්තේ සබීල් පාර්ක් හි ය. මෙයට ආසන්නයෙන් ම ගොඩ නැගී ඇත්තේ සුප‍්‍රසිද්ධ බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල යි.   මෙම අඩ සඳාකාර  කුලූණ තට්ටු 33 කින් සමන්විත ය. අඩ සඳ කුලූණු ආකෘතිය මඟින්  ඉස්ලාම් ආගමත් ඔවුන්ගේ නොසැළෙන ආර්ථික ශක්තියත් පිලිඹිබු වේ.

මෙය කැස්පියන් මුහුදට නුදුරින් හෙක්ටයාර 220 ක පරිශ‍්‍රයක පිහිටා ඇත. අඩ සඳ කුලුණ තුළ කුඩා දරුවන්ට පුස්තකාලයක් , ශ‍්‍රවණාගාර පහසුකම් , විවිධ ආපන ශාලා , කැෆේ විවෘත ආකාශ අංඟන රැසක්, තට්ටු 3 ක වාහන නැවතුම්පළවල්, නාගරික නිවාස  තට්ටු 2 ක් හා තට්ටු 25 කින් සමන්විිත  සුඛෝපභෝගී මහල් නිවාස  රැසක් පිහිටා ඇත.

මෙය බර්ජ් කලීෆා කුලූණෙන් අනතුරුව ලෝක ප‍්‍රකට වූ අපූරු ගොඩනැඟිල්ලි ආකෘතියකි. මේ වන විටත් මෙය ගෘහ නිර්මාණ කුසලාන රැසක් දිනා ගෙන ඇත. ඒ අතර මෙම ගොඩනැඟිල්ල වෙත පිරිනැමූ Elevator Architecture Award වැදගත් ය.

මෙම අඩ සඳ ගොඩනැඟිල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිනිසුන් වැඩියෙන් වෙසෙනා හත් වන ස්ථානය බවට පත්ව ඇති අතර වඩාත් ඩුබායි හි ප්‍රබල සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙස ද සළකනු ලබයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.