lakbima.lk

ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල

 

තමන් ඇණවුම් කරන ලද ආහාර වේල නොව වෙනත් ඇණවුමක් පිළිගන්වන අපූරු අවනහල් සංකල්පයක් ජපන් ජනතාව ලොවට හඳුන්වා දුණි. ඒ අනුව ජපානයේ ටෝකියෝ හි තොයෝසු දිස්ත‍්‍රික්කයේ පිහිටි මෙම අපූරු අවන්හල අවුරුද්දකට විවෘත වනුයේ ජුනි 02 හා 04 යන දිනයන් හි දී පමණී. 

ඒ ඩිමෙන්ෂියා රෝගයෙන් හා ඇල්ෂෙමිර් නම් රෝග මගින් දුක් විඳින්නා වූ රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක්  යොමු කිරීමේ අදිටනින් හා ඔවුන් හට  සමාජයේ වැදගත් භූමිකාවක් නිරුපණය කිරීම සඳහා නිසි අවස්ථාවක් සළසා දීම යන උදාර අරමුණිනි.

මෙය නම් කර ඇත්තේ ‘the restaurant of order mistakes’ ලෙසයි. මෙහි යනෙන පුද්ගලයන් හට සංග‍්‍රහ හා ඇණවුම් සකසන්නේ ද ඩිමෙන්ෂියා රෝගීන් වීම විශේෂත්වයකි.

මෙම අවන්හලට මෙම දින දෙකේදී ම බොහෝ පිරිසක් යනුයේ අපූරු ආහාර අත්දැකීමක් විඳගැනීමට ය. එම දින දෙකේ දී එක්වන ආදායමෙන් මෙම රෝගීන්ගේ සුබ සාධක කටයුතු කිරීම සිදු කරයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.