lakbima.lk

තිදෙනෙකුට පමණක් කතා කළ හැකි ලොව එකම භාෂාව

 

මේ වන විට ලෝකයෙන් කෙතරම් භාෂා ප්‍රමාණයක් මළ භාෂාවන් බවට පත් වී ඇත් ද? මේ තොරතුරු ලොවෙන් තුරන් වීමට නියමිත අපූරු භාෂාවක් පිළිබඳවයි.

ලෝකයේ නැති වී යන භාෂා අතර උතුරු පාකිස්තානයේ ඉතා රළු කඳුකර ප්‍රදේශය තුළ තිදෙනෙකු පමණක් භාවිතා කරන බදේෂි භාෂාව ප්‍රමුඛ ය. බදේෂි භාෂාව ඉන්දු ආර්ය භාෂා කාණ්ඩයට අයත් දුර්ලභ නමුත් ඉපැරණි භාෂාවකි.

බොහෝ කලෙකට පෙරාතුව නම් බදේෂි භාෂාව කතාකරන පවුල් 10 ක් පමණ මේ ගම්මානයේ සිටි බවට වාර්තා වේ. නමුත් එහි වෙසෙන  ගම්වාසීන්

මෙම භාෂාව විනාශයට යෑම සඳහා විවාහ සබඳතා බලවත් හේතුවක් වී ඇත.  ඒ වෙනත් ගම්මාන වලින් ගෙන ආ මනමාලියන් ගේ භාෂාව වූ තොර්වාලී භාෂාව පසුකාලීනව ඔවුන්ගේ දරු පරම්පරා හුරු වීම තුළ හුරු වීම තුළ බදේෂි භාෂාව අභාවයට යෑම ඉක්මන් වීමයි.

එමෙන් ම ඈත ප්‍රදේශ වල රැකියාවට ගිය මිනිසුන් එම ප්‍රදේශ වල සුලබව  පවතින පශ්තුන් වරුන්ගේ භාෂාව ද ගෙනාවෙන් බදේෂි භාෂාව ආක්‍රමණය කිරීමට පශ්තුන් භාෂාව සමත් විය.   

මෙම අපූරු භාෂාව දන්නා පුරුෂයන් තිදෙනාගෙන් දෙදෙනෙකු වන්නේ රෙහිම් ගුල් සහ අලි ශේර් ය. ඔවුන්ගේ බිරින්දෑවරු හා දරු පරම්පරා ද භාවිත කරනුයේ ද තොර්වාලි භාෂාවයි.

ඉතින් ඔවුන් තිදෙනා ද මියගිය දිනෙක බදේෂි භාෂාව ද මෙලොවින් සදහට සමුගනු  ඇත.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.