lakbima.lk

එක්ස් මෙන් මේනියා

අපිට හොඳට දැකලා පුරුදු එක්ස් මෙන්ගේ ඇඳුම ඇඳගෙන මේ ඉන්න කෙනාගේ නම එරික් ජැස්කොල්කා. එරික් ඉන්නේ ඇමෙරිකාවේ. මේ වෙද්දී වයස අවුරුදු 48ක් වුණත් එයා පුංචි කාලේ ඉඳලා එක්ස් මෙන් ලෝලියෙක්. එයා එක්ස් මෙන්ට කොච්චර කැමතිද කියනවා නම් එක්ස් මෙන්ගේ සමරු එකතුවක් පවා දැන් එයා ළඟ තියෙනවා. මේ එකතුවේ තියන විවිධාකාර සමරු ගණන 15400ක් විතර වෙනවා. ඔහු වෘත්තියෙන් පොත් සාප්පු හිමියෙක්.
ඔහුගේ පොත් සාප්පුවට විකුණන්න ගෙනාපු එක්ස් මෙන් පොත් කියවලා තමයි එරික්ට මේ අමුතු ආශාව ඇති වෙලා තියෙන්නේ.
1994 අවුරුද්දේ එක්ස් මෙන් සමරු එකතු කරන්න පටන් ගත්තු එරික් ළඟ මේ වෙද්දී එක්ස් මෙන් පොත්, එක්ස් මෙන් ඞීවීඞී, එක්ස් මෙන් සෙල්ලම් බඩු, එක්ස් මෙන් වීඩියෝ ගේම්, එක්ස් මෙන් ඇඳුම්, එක්ස් මෙන් කතාවේ ඉන්න අනිත් චරිතවල රූප වගේ දේවල් එකතුවෙලා තියනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.