Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිඞ්නි නැව්තොට පිහිටි කීර්තිමත් ඔපෙරා මන්දිරයේ කතාව

ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්හී සිඞ්නි නාගරික බලධාරීන් විසින් නගරාලංකාරය හා 
සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කරගැනීමේ අටියෙන් සිඞ්නි වරාය ආශ‍්‍රිතව ”ලලිත කලාගාරය”ක් තැනවීමට තීරණයක් ගනු ලැබුවේ 1957 වසරේදීය. ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන විසිතුනකට ආසන්න මුදලක් වෙන්කර ගැනීමට ද ඔවුහූ සමත් වූහ. ”ඔපෙරා භාරකාර පදනම” යනුවෙන් සුවිශේෂී ආයතනයක් ද පිහිටුවාගනු ලැබීය. අනතුරුව එවන් සෞන්දර්යාත්මක කලාගාරයක් හෙවත් ”ඔපෙරා” මන්දිරයකට උචිත සැලසුමක් සොයා දේශීය හා විදේශීය ගෘහනිර්මාණ ශිල්පීන්ගෙන් ඉල්ලූ‍ම්පත් කැඳවනු ලැබීය. ඒ අතුරින් රටවල් 23කින්  තෝරාගත් විශ්ව කීර්තියට පත් ගෘහ නිර්මාණ ශිල්පීන් 232 දෙනෙකු විසින් නිර්මාණාත්මක දක්ෂතාවන් ප‍්‍රදර්ශනය කළ ආකර්ෂණීය සැලසුම් රැුසක් ඉදිරිපත් කොට තිබුණි. 
ඒ ස`දහා යෝජිත බිමකට හා පරිසරයට සුදුසුම නිර්මාණයක් ඩෙන්මාර්ක් ජාතික ”ජෝන් උට්ස්මාන්” අතින් නිර්මාණය වී තිබිණි. උට්ස්මාන් මේ ලලිත කලාගාරයේ බාහිර හැඩරුව ස`දහා යොදාගනු ලැබුවේ සිඞ්නි වෙරළේ තැන්පත් වී ඇති සිප්පි කටුවේ හැඩයයි. 
කරදිය හා මිරිදිය එකට් හමු වී මුසුවන ස්ථානය වෙලස ආදිවාසී අවබෝරිජින්වරුන් විසින් ඈත අතීතයේ සිටම හඳුනාගෙන තිබූ බිම්කඩකි සිඞ්නි නැව්තොට. 
 එම පුරාණය ජෝන් උට්ස්මාන්ට ඔපෙරා මන්දිරයේ සැලැස්ම පරිකල්පනයට ඉවහල් වන්නට ඇත යනු ඇතැමුන්ගේ මතයයි. 
ඉල්ලූ‍ම්පත් තේරීම් භාර කමිටුවේ ප‍්‍රවීණ ගෘහනිර්මාණ ශිල්පී විනිසුරුවන්ගේ ඒකමතික තීරණය වූයේ ඩෙන්මාර්ක් ජාතික ”ජෝන් උට්ස්මාන්” ගේ සැලැස්ම යෝජිත කලාගාරය ස`දහා උචිතම නිර්මාණය බවයි. 1954 වසරේ නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර ”ජෝසෆ් කාහිල්” විසින් ජෝන් උට්ස්මාන් ශිල්පියාගේ සැලැස්ම අනුමත කරමින් ගොඩනැගිලි වියදම ස`දහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 23ක ඇස්තමේන්තුවකට අත්සන් තැබීමට මැලිකමක් 
දැක්වූවේ නැත. 1959 වසරේ මාර්තු මස සත්වන දින අනාගත සිහින මන්දිරය හෙවත් ඔපෙරා මන්දිරය ගොඩනැගීමේ කටයුතු ඇරඹිණි. කාර්මික ශිල්පීන් 10,000 කගේ සහභාගීත්වයෙන් ගොඩනැගිල්ල ඉදිවන බිම, ගොඩනැගිල්ලේ පාදම සැකසීම හා අනෙකුත් මූලික වැඩ කටයුතු ස`දහා වසර 14ක් ගත වී ඇත. 
1959 වසරේ අග‍්‍රාමාත්‍ය ”කාහිල්”ගේ හදිසි අභාවයත් සමග ගොඩනැගිලි ඇස්තමේන්තුව පිළිබඳ දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගත වන්නට විය. බලධාරීන්ගේ සැලැස්මේ විවිධ අඩුපාඩු සොයාන්නට විය. ජෝන් උස්මාන්ගේ සැලැස්මේ හා ඇස්තමේන්තුවේ අඩුපාඩු රැුසක් ඔවුන් පෙන්වන්නට විය. 
අඩුපාඩු පිළිබඳව ඔහුගෙන් විමසීමක් කිරීමට කිසිදු බලධරයෙක් උන්නදුවක් දක්වා නොමැති බවද පොදු රහසකි. 
ජෝන් උට්ස්මාන්ගේ අනුදැනීමකින් තොරව සැලැස්මේ යම් යම් වෙනස්කම් කිරීමට බාහිර ගෘහ නිර්මාණ ශිල්පීන් කැ`දවීමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලය වූයේ මිලියන 23 ක ඇස්තමෙන්තුව මිලියන 103ක් දක්වා ඉහළ යෑම බවට තොරතුරු හෙළිදරව් වන්නට විය. සිය නිර්මාණය ගොඩනැගීමේ දී ජෝන් උට්ස්මාන්ගේ ක‍්‍රියාකාරී සහාය බලධාරීන්ට වැදගත් වූයේ නැත. 
එවකට ඇමැතිවරයෙකු වූ ඬේවිස් හියුස්” සමග රජයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් උට්ස්මාන් හට ලබාදිය යුතු ගෙවීම් ද නවතා දැමීමට තීරණය කෙරිණි. වැඩ බිමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම අඩාල වන්නට් විය. දැඩි කලකිරීමට පත් ජෝන් උට්ස්මාන් වැඩ නිමකළ  සිය සිහින මන්දිරය සියැසින් දැකබලා ගැනීමට වාසනාවන්ත    නොවීය. යළි  ඕස්ටේ‍්‍රලියාවට නොඑන බවට සපථ කරමින් ඔහු සිය රට බලා ගියේය. 2008 නොවැම්බර් 29 දින කීර්තිමත්, සුන්දර ඔපෙරා මන්දිරයට සදාතනික ශෝකාන්තයක් ද එකතු කරමින් එහි නිර්මාතෘ ගෘහ නිර්මාණ ශිල්පී ඩෙන්මාර්ක් ජාතික 90 හැවිරිදි ජෝන් උට්ස්මාන් සඳහටම නෙත් පියා ගත්තේය.
බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබත් මහ රුජින විසින් 1974 වසරේ ඔපෙරා මන්දිරය විවෘත කරමින් පවසා ඇත්තේ ”මෙම ආකර්ෂණීය කලා මන්දිරය  ඕස්ටේ‍්‍රලියාවේ 
අභිමානය ලොවට ගෙනයන සන්නාමයක්” වන බවයි. එහෙත් එම ඔපෙරා මන්දිරය විවෘත කිරීමේ උත්සවයේ දී නිර්මාතෘවරයාගේ නම පවා ස`දහන් නොකිරීමට වගබලාගත් බවට සාධක හමුව ඇත.
”නවීන තාක්ෂණයටත් කාලයටත් ඉදිරියෙන් සිට ගනිමින් අනාගත ගෘහ නිර්මාණ ශිල්පීන්ට අභියෝගයක් වෙමින් සමස්ත  ඕස්ටේ‍්‍රලියාවේම ප‍්‍රතිරූපය වෙනසකට හසුකරගත් යන හේතු පාඨය ඇතිව 2003 වසරේ ලොව විශිෂ්ඨතම ගෘහනිර්මාණ ශිල්පියාට හිමි ”ප‍්‍රරයිට්ස්කර් සම්මානය” පිරිනමමින් ලියා ඇත්තේ සිඞ්නි ඔපෙරා මන්දිරයේ නිර්මාතෘ ඩෙන්මාර්ක් ජාතික ”ජෝන් උට්ස්මාන්”ගේ නම ඉදිරියෙනි.
ඇමෙරිකාවේ ”හයාට්” පදනම මගින් ”ප‍්‍රයිට්ස්ක්ර් සම්මානය” නමින් වාර්ෂිකව ලොව ගෘහනිර්මාණ ශිල්පීන් අතරින් විශිෂ්ටයාට පිරිනමන සම්මානය සම කළ හැක්කේ නොබෙල් ත්‍යාගයට පමණි.
මේ වන විට  ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය ලාංඡුනය පවා අභිබවා යමින්  ඕස්ටේ‍්‍රලියානු අනන්‍යතාවය ලොවට කියාපාන ජනප‍්‍රිය සන්නාමය වී ඇත්තේ ඔපෙරා මන්දිරයේ සේයාරුවයි.
ගෘහ නිර්මාණ ශිල්පයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ට නිර්මාණයක් වූ  ඕස්ටේ‍්‍රලියානු ඔපෙරා මන්දිරයට වශී වූ මිලියන අටහමාරක දෙස් විදෙස් සංචාරක පිරිසක් වාර්ෂිකව සිඞ්නි නගරයට ඇදී එන බැව් ඔපෙරා භාරකාර මණ්ඩලය පවසයි. එ් තුළ ර`ගදක්වන ගීත නාටක ඇතුළු ප‍්‍රසාංගික කලාවන්ගේ අසිරිය විඳගැනීමට වසරකට ලක්ෂ තුනහමාරක රසික පිරිසක් නෘත්‍යාගාරය තුළ අසුන් ගනිති. එතෙක් මෙතෙක් ලොව පුරා විසූ හා වසන කීර්තිමත් රංග ධරයන්, සංගීතඥයන්, ගායක ගායිකාවන්, කවියන්, ලේඛකයන්, රාජ රාජ මහාමාත්‍යවරුන් දේශපාලනඥයන් හා සමාජ ක‍්‍රියාකාරීන් විසින් සිඞ්නි ඔපෙරා මන්දිරයට පැමිණ වාද්‍යවෘන්දයක හෝ සංධ්වනියක රස වි`දීම ඔවුන්ගේ  ඕස්ටේ‍්‍රලියානු සංචාරක වැඩසටහනේ සුවිශේෂී අංගයක් ලෙස පිළිගැනීමක් ඇත.
 
සරත් අමරකෝන් 
 ඕස්ටේ‍්‍රලියාවේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.