lakbima.lk

ජූනියර් ට‍්‍රම්ප්ට චෙල්සිගෙන් පහරක්

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකාවෙ ජනපතිවුණාට පස්සේ ට‍්‍රම්ප්ලා ඇමෙරිකානු ආර්ථිකය එක්ක පිස්සු නටන්න පටන් අරන් කියලා පහුගිය දවසක හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙකු වුණු බිල් ක්ලින්ටන්ගේ දුව චෙල්සි, වොෂිංටන් පෝස්ට් පත්තරේට කියලා තිබුණා. 
ඇය එහෙම කියන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජූනියර් නම් වුණු ඇමෙරිකානු ජනපතිවරයාගේ පුත‍්‍රයා ඉන්දියානු සංචාරයක නිරත වෙමින් සිටියදී ඇමෙරිකානු ආර්ථිකය හා සම්බන්ධව පවත්වපු කතා කීපයක් නිසයි. වැටෙමින් තිබුණු ආර්ථිකය වසරක් තුළ යථා තත්ත්වයට පත් කරන්න වත්මන් රජයට පුළුවන් වෙලා තියනවා කියලා ට‍්‍රම්ප් පුත‍්‍රයා ඉන්දියාවෙදී කියලා තියෙනවා.
ඇමෙරිකාවේ ආර්ථිකය ගැන ට‍්‍රම්ප් පුතාට වඩා හොඳින් දන්නා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඒ වෙලාවේ කට කොනකින් හිනා වුණු හැටි ඒ දවස්වල පත්තරවල ලොකුවට පළ වෙලා තිබුණා.
ජූනියර් ට‍්‍රම්ප්ගේ කතාව හෙළා දකින චෙල්සි කියන්නේ තාත්තා ජනාධිපති වුණා කියලා පුතාට ඔය විදියේ කතා ලෝකෙ වටේ කිය කියා ඇවිදිමින් ඇමෙරිකාව දෙකේ කොලේට දාන්න කිසිම අයිතියක් නැහැ කියලයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.