lakbima.lk

2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්

ලබන වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරගවල ජයග්‍රාහකයන්ට පිරිනමන පදක්කම් සඳහා අවශ්‍ය රන්, රිදී සහ ලෝකඩ භාවිතයෙන් ඉවත දමා ඇති ජංගම දුරකථන හා වෙනත් ඉලෙක්ටේ‍රානික උපාංග මගින් ලබාගැනීමට ජපානය සැලසුම් කර තිබේ.

මේ සඳහා රත්‍රන් කිලෝ 30.3, රිදී කිලෝ 4100 ක් හා ලෝකඩ කිලෝ 2700 ක් පමණ අවශ්‍ය වන අතර ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තිහක් පමණ වේ. මේ සඳහා ඉවත ලන ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය ටොන් 47,488 ක් පසුගිය නොවැම්බර් වනවිටත් ටෝකියෝ නාගරික බලධාරීන් විසින් එකතු කර අවසන් කර තිබූ බවද කියැවේ.

මේ සඳහා අවශ්‍ය ලෝකඩ ප්‍රමාණය පසුගිය ජුනි වන විට එකතු කරගෙන තිබූ අතර අවශ්‍ය රත්‍රන්වලින් 90ක් හා රිදීවලින් 85 ක්ම මේ වනවිටත් සොයාගෙන අවසන් බවද ටෝකියෝ බලධාරීහු කියති. එසේම එළැඹෙන මාර්තු මාසය වන විට සිය ඉලක්කය සියයට සියයක්ම සපුරාගත හැකිවනු ඇති බවද ඔවුහු කියති.

2016 රියෝ ඔලිම්පික් උළෙ‍ලේදී ප්‍රදානය කළ රිදී හා ලෝකඩ පදක්කම්වලින් 30 කට අවශ්‍ය ලෝහ ප්‍රමාණය ලබාගෙන තිබුණේද ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉලෙක්ටේ‍රානික උපකරණ මගිනි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.