lakbima.lk

උලූරු හෙවත් අයර්ස් රොක් නැගීම ලබන වසරේ සිට තහනම්

වසර මිලියන 550 කට පමණ පෙර මධ්‍යම  ඕස්ටේ‍්‍රලියාවේ  ස්වාභාවික පාරිසරික වෙනස්කම් මත වැලි කඳු ඝනීබවට පෙරළුණු මහා වැලිකන්ද හෙවත් තනි ශෛලයකින් නිමැවුණු ලොව ඇති විශාලතම ”එකාශ්මය” (MONOLITH) පර්වතය ලෙස ලැයිස්තුගත කොට ඇත්තේ මධ්‍යම  ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි ”උලූ‍රු” පර්වතයයි. ”උලූ‍රු” වැලිකන්ද හෙවත් පාෂාණිභුත වැලි කන්ද වර්ග කිලෝ මීටර් 9.4ක වපසරියක් වසා නැගී සිටින මිටර් 348 ක උසකින් යුත් තිරිවාන ගල් පර්වතය දිගින් හා පළලින් වර්ග සැතපුම් දෙකකින් යුක්තය.  ප‍්‍රංශයේ අයිෆල් කුලූනට හා ඇමෙරිකාවේ ලිබර්ටි ප‍්‍රතිමාවට වඩා උසකින් යුත් උලූරු පර්වතය මත හිරු රශ්මිය දැවටෙන රිද්ම යට අනුව රත්පැහැති පර්වතයේ පැහැය දිනකට තෙවරක් වෙනස් වේ.

අරුනළු උදාවත් සමග රත් පැහැති උලූරු පර්වතය මුළුමනින්ම තද රෝස  පැහැයකට හැරෙයි. එම පැහැය හිරු මුදුන්වීමත් සමග කහ පැහැයක් ගනී. හිරු අවරට යාමත් සමග උලූරු පර්වතය ලා කහ පැහැය මුසු වූ අළු පැහැයකට වෙස් මාරු කර ගනියි. පාෂාණ සංයුතියේ එම සුවිශේෂී වර්ණ ප‍්‍රභේද උලූ‍රු පර්වතයට පමණක් ආවේනික වූ හැඩතල මැවීමක් බැව් භූ විද්‍යාඥයන්ගේ මතයයි. මෙය උලූ‍රු පර්වතයේ ඇති ගුප්ත බලයක් සක‍්‍රිය වීමක් බව ඇබෝරිජින්වරුන්ගේ මතය වී ඇත. පසුකාලීනව වසර 60,000 ක් පමණ පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ඇබෝරිජින්වරුන්ගේ ස්වාධිපත්‍ය හා ඔවුන්ගේ නිජබිමේ පරවේණි උරුමය සංක‍්‍රමණික ඉංග‍්‍රීසින් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව ”උලූ‍රු” පර්වතය හඳුන්වනු ලැබුයේ ”අයර්ස් රොක්” (AYERS ROCK) යන නමිනි.

මධ්‍යම  ඕස්ටේ‍්‍රලියාවේ ජීවත්වන ඇබෝරිජිනල් ගෝත‍්‍රිකයන්ගේ ඥාති ගෝත‍්‍රික කුලයකට අයත් ”පිජන් ජරා” සහ ”අතන්ගුරා” නම් ආදිවාසීන්ගේ පරම පූජනීය දෙවොලක් සේ බහුමානයට පාත‍්‍රවී ඇති මෙම උලූ‍රු වැලිගල් පර්වතය ඇබෝරිජිනල්වරුන්ගේ ඇදහීම්, නීතිරීති හා ප‍්‍රාසාංගික කලාවන් අන්තර්ගත වූ මහා සංස්කෘතිය විචිත‍්‍රවත් කොට ඇති

කලාගාරයක් මෙන්ම වන්දනීය පුදබිමක් ලෙස ද පුරාවිද්‍යා හා මානව විද්‍යාඥයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත‍්‍රව ඇත. දඩයම්කරුවන් වූ ඇබෝරිජින්වරුන්ගේ ආගමික, සංස්කෘතික ජීවන රටාව රූපකලාවක් හෙවත් චිත‍්‍රාක්ෂර (චිත‍්‍රාක්ෂර හෙවත් ගුහා චිත‍්‍ර - දස දහසකට වැඩි ගුහා චිත‍්‍ර ප‍්‍රමාණයක් එකම මිනිස් වාසයක් තුළ දැකිය හැකි එකම ස්ථානය  ඕස්ටේ‍්‍රලියාවේ උලූරු පර්වතය බැව් විද්වතුන්ගේ නිරීක්ෂණයයි.) රටාවක් තුළින් ලොවට කියා පෑමට ගත් උත්සාහයේ රේඛා සටහන් තුළ ඔවුන්ගේ සියලූ‍ විශ්වාස ඇදහීම් හා හැඟීම් උලූ‍රු පර්වතය පුරා දැකිය හැක. එම ගුහා චිත‍්‍ර ඇබෝරිජින්වරුන්ගේ සංස්කෘතික හැඩරුව පිළිබඳ සංකීර්ණ තොරතුරු හෙළිකරන විශ්ව කෝෂයක් බඳුය යන්න පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි.

 ඕස්ටේ‍්‍රලියාවේ දකුණුකරයේ මධ්‍යම ප‍්‍රාන්තයේ අක්කර 3,27,414ක් පුරා විහිදුණු රතු වැලි සහ පස් සහිත භුමි භාගයක පිහිටි ස්වභාව ධර්මයේ නිර්මාණයක් වූ උලූරු යුනෙස්කෝ ආයතනය විසින් 1987 වසරේ දී  ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.

විශාල ගුප්ත බලයක් සහිත භූමාටු දෙවියන්ගේ වාස භුමිය ලෙස  සලකන  උලූරු පර්වතය කෙරෙහි ගෞරව සම්පන්න භක්තියකින් පසුවන උලූරු පර්වතයට කිලෝ මීටර් 30 කට  ආසන්නව පිහිටා  ඇති ”කටා ජුටා” නම් ගෝත‍්‍රික ගම්මානය තුළ ඇබෝරිජින්වරුන්ගේ මුලිකත්වයෙන් අතීත මතක සටහන් එකතුවකින් පිරිපුන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ද පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇත. උලූරු පර්වතය සංචාරකයන්ගෙන් බේරා ගැනීමට ඇබෝරිජින්වරු බලවත් උත්සාහයක යෙදී  සිටිති. තම සංස්කෘතියේ විශිෂ්ටත්වය හුවා දැක්වෙන උත්සව පැවැත්වීමටත් පාරම්පරික සංගීතය හා නැටුම් කලාව සජීවීව පවත්වාගෙන යාමටත් උලූරු පර්වතය කෙරෙහි ඉදිරි පරම්පරාවේ නොවියැකෙන අවධානය රැුකගැනීමටත් ඉංගී‍්‍රසි සංක‍්‍රමණිකයන්ට එරෙහිව වැඩිහිටි ඇබෝරිජින්වරුන් විසින් නිහඬ අරගලයක ද යෙදී  සිටිනු දැකගත හැකිය. මෙම අරගලයන්ගේ මූලස්ථානයන් වූයේ උලූ‍රු (පර්වතය) දේව මන්දිරය හා ”කටා පුජා” නම් ගෝත‍්‍රික ගම්මානයයි.

ලෝකයේ පැරණිම සංස්කෘතියකත් නැටුම් ගැයුම් සහිත ප‍්‍රාසාංගික කලාවකත්  උරුමක්කාරයන් වන්නේ ද ඇබෝරිජින්වරුන් යැයි පැවැසේ. වසරකට ලක්ෂයකට අධික සංචාරකයන් රැුසක් උලූරු පර්වතය තරණය කිරීම සඳහා පැමිණෙතැයි ”උලූ‍රු සංරක්ෂණ පදනම” පවසයි. උලූරු පර්වතය නැරඹිය හැක්කේ ශිත ඍතුවට පමණක් සීමා වී ඇත. වසරේ අනෙකුත් ඍතුවල දී එම ප‍්‍රදේශය සෙල්සියස් අංශක 35කට වඩා ඉහළ අගයකින් යුත් උෂ්ණාධික වට පිටාවකින් යුක්ත වේ. ගෞරවනීය පුදබිමක් මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති උලූ‍රු පුදබිම ඇතැම් සංචාරකයන්ගේ නොදැමුණු හැසිරීම් හමුවේ කෙලෙසා දැමීම පිළිබඳ ඇබෝරිජින්වරු සිය දැඩි අප‍්‍රසාදය පලකරමින් සිටිති. උලූරු පර්වතය කේන්ද්‍ර කරගනිමින් පැතිරී ඇති වර්ගකිලෝ මීටර් තුන් ලක්ෂයක් පමණ ප‍්‍රදේශය ”උලූ‍රු-කටා ජුටා  ජාතික උද්‍යානය” නමින් ආදිවාසී භූමි පුත‍්‍රයන් හා එකමුතුව  ඕස්ටේ‍්‍රලියානු රජය විසින් පිහිටුවා ගත් මහාභාරකාර මණ්ඩලයක් මගින් උලූ‍රු පර්වතය සංරක්ෂණය කිරීම අරඹන ලදී.

ඓතිහාසික නොඉඳුල් සංස්කෘතියක් සහිත හුදකලා ජිවන රටාව රැක ගැනීමේ අරගලය ඔස්සේ සිය ගෝත‍්‍රික ආචාර ධර්ම හා නීතිරීතිවලට එරෙහිව යන්නන් හට බරපතළ කරදර රැසකට මුණ දීමට සිදුවනු ඇති බවට ඇබෝරිජින්වරු අනතුරු හඟවා ඇත. සිය  ගෞරවනීය සංස්කෘතියට හෝ ඇවතුම් පැවතුම්වලට නිගරුවන අයුරින් නොහැසිරෙන ලෙස  සංචාරකයන්ගෙන් දැන්වීමක් මගින් ගෞරවනීය  ඉල්ලීමක් ද කර ඇත. උලූ‍රු පර්වතය තරණය කිරීම දැඩි අවදානම් සහගත ක‍්‍රියාවක් වන අතර මේ වන විට උලූරු පර්වතය තරණය කිරීමේ දී හදිසි අනතුරුවලින් මියගිය ගණන 35 කට වඩා  වැඩි බැව් මාධ්‍ය මගින් හෙළිදරව් කොට ඇත. සියලූ‍ කරුණු  කාරණා  සැලකිල්ලට ගනිමින් ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට උලූරු කන්ද තරණය කිරීම තහනම් කිරීමට උලූරු සංරක්ෂණ පදනම විසින්  පියවර ගෙන ඇත.

සරත් අමරකෝන් ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.