lakbima.lk

චීන අහසේ 'දෙ' හඳක් එය චීනාගේ තවත් හපන්කමකි

ඈත පටන් මිනිසාගේ සිත තුළ කුහුල ඉපිද වූ ආකාශ වස්තු අතරින් චන්ද්‍රයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. විටෙක එය දේවත්වයකින්ද අදහන ලද අතර පුරාතනයේ එය දෙස මිනිසා බැලූයේ ගෞරව සම්ප්‍රයුක්ත ඇසකිනි.

කමෛන් එය දෙස විද්‍යාත්මකව බලන්නට පටන් ගැනීමත් සමග චන්ද්‍ර සංකල්පය පිළිබඳ අලුත් අදහස් මතු වන්නට පටන් ගති. 1969 නීල් ආම්ස්ටේ‍රා්ං සඳ මත පා තැබිම ගැන ඊට වසර 40කට පෙර එනම් 1929 දී පළවුණු Moon Strollers චිත්‍ර කතාව තුළින් ඉඟි පළ විය. එමෙන්ම සඳමත විවිධ ක්‍රියාකාරකම් ගැන ලියවුණු The Adventures of Tin Tin Destination Moon ද මෙහිලා සිහි කළ යුතුය. මේ සියලු අනාවැකි සැහැල්ලු සිතිවිලි අද වන විට වැඩිමනක් ප්‍රතිශතයක් වශයෙන් සාර්ථකව තිබේ. එහෙත් අලුතින් හඳක් නිර්මාණය වීමක් ගැන යමෙකු කතා කළ හොත් එය බොහෝ විට විමතියට හෝ හාස්‍යයට හෝ හේතු පාදක වන්නට ඉඩ තිබේ.

එහෙත් ඒ සියලු දුර්මත පසෙකට තල්ලු කළ චීන විද්‍යාඥයින් ලොව මවිතයට පත් කරන්නට සූදානම් වන්නේ කෘත්‍රිම චන්ද්‍රයකු නිර්මාණය කරමිනි. මේ කපේදි කරන්නට හැකි වැඩක් දැයි යමෙකු අසන්නට ඉඩ තිබුණද චීන බලධාරීන් පවසන්නේ එය තව අවුරුදු දෙකක් තුනක් යන්නට මත්තෙන් නිම කරන්නට පිළිවන් බවයි. 2020 වසරේ වැඩ කටයුතු අවසන් කරන්නට නියමිත මේ කෘත්‍රිම චන්ද්‍රයා සාමාන්‍ය චන්ද්‍රයා මෙන් අට ගුණයක දීප්තියෙන් යුතු බව පැවසෙයි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන පර්යේෂණායතන මැදිහත් වීමකින් යුතුවය. එනම් මේ චන්ද්‍රයා ස්ථාපිත කරන්නට නියමිත ඉසව්ව වූ චෙංග්ඩු හි Aerospace Science and  Technology Microelectronics System Research Institute corporation ය.

මේ පිළිබඳව  State media People's Daily වෙත අදහස් දක්වන ඔවුන් පවසන්නේ මේ චන්ද්‍රයා උපයෝගී කරගෙන චෙංග්ඩු නගරයේ රාත්‍රී ආලෝකකරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවය. මේ කෘත්‍රිම චන්ද්‍රයා වෙන් නිකුත් වේ යැයි බලා‍පොරොත්තු වන්නේ සාමාන්‍යයෙන් ගොම්මන් වේලාවකදී අපට දකින්නට ලැබෙන දිදුලන මන්දාලෝකයට සමාන ආලෝකයකි.

මතෛක් නගරාලෝකය සඳහා යොදා ගැණුනු වීදි ලාම්පු වෙනුවට ආදේශකයක් වශයෙන් යොදා ගන්නට සැලසුම් කෙරෙන මේ කෘත්‍රිම චන්ද්‍රයාගේ ආලෝකය සැතපුම් දහයේ සිට අනුව පමණ ප්‍රමාණයක් දක්වා විහිද යා හැකි බව පැවැසෙයි.

Chengdo Aerospace and Technology Microelectronics System Research Institute Corporation හි සභාපති වු චුංෆෙං (wu chun feng) පවසන්නේය. මේ තුළින් කිලෝමීටර් 50ක පමණ දුරකට ආලෝකය විහිදවා ගත හැකි වේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ නගරයේ රාත්‍රී ආලෝක වියදමින් යෙන් බිලියන 1.2ක් (ඩොලර් මිලියන 240) සෑම වසරකදීම ඉතිරි කර ගත හැකි බවය.

අනෙක් අතට මෙහි ඇති වාසිය නම් විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී මෙන්ම ස්වාභාවික ආපදා කාල සීමාවන් තුළදී මේ ආලෝකය නොවෙනස්ව ලබා ගන්නට හැකි වීමයි.

එහෙත් මුළු අහසක් එළිය කරන්නට මේ කෘත්‍රිම චන්ද්‍රයා ප්‍රමාණවත් නැහැ. සාමාන්‍යයෙන් රාත්‍රී විදුලි පහනකත් මෙහිත් අතර වෙනස පහට එකක් පමණ වෙයි කියලා හිතන්නට පුළුවන් චූ පවසයි.

මේ කෘත්‍රිම චන්ද්‍රයා ස්ථානගත කෙරෙන්නේ පෘථිවියේ සිට සැතපුම් 310ක් පමණ ඉහළිනි. එය චන්ද්‍රයාත් පෘථිවියත් අතර දුර වූ සැතපුම් 238,900හා සසඳන කළ ඉතා කිට්ටු දුරකි.

මේ ඔවුන්ගේ එකම චන්ද්‍ර ව්‍යාපෘතිය නොවේ. 2022 වන විට මෙබඳු කෘත්‍රිම චන්ද්‍රයන් තුන් දෙනකු කක්ෂගත කරන්නට ඔවුන් සැලසුම් කර තිබේ. 2020 වර්ෂයේදී සිදු කරන මේ අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරි පියවරට යාමේ කිසිදු සැකයක් නැති බව ඔවුහු පවසති.

දුරස්ථ පාලකයක් යොදා ගනිමින් දීප්තිය අඩු වැඩි කිරීම පවා සිදු කළ හැකි මේ චන්ද්‍රයන් තිදෙනා 2022දී සාර්ථක ලෙස ස්ථානගත කර ගන්නට හැකි වුවහොත් වර්ග සැතපුම් 2,470 ප්‍රමාණයක් ඒ හරහා ආලෝකවත් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ ව්‍යාපෘතියට එරෙහි චෝදනා-යෝජනා නැතුවා නොවේ. රාත්‍රී අහසේ සොබා සිරියට මෙය හානි සිදු විය හැකි බව බොහෝ පරිසරවේදීන්ගේ මතයයි. එපමණක්ද නොව විධිමත් අධ්‍යයන මත පිහිටා මත පළ කළ ඇතැම් පරිසර සංවිධාන පවසන්නේ මෙමගින් ආලෝක දූෂණය හතළිස් හත් ගුණයකින් ඉහළ යා හැකි බවයි. එමෙන්ම එය එකී ප්‍රදේශවල පුද්ගලයන්ගේ නිදා ගැනීමේ පුරුදු වලට දැඩි බලපෑමක් ඇති කරන්නට හේතු විය හැකි යයි ඔවුහු කල්පනා කරති. 

අනෙක් අතට එය වනජීවීන්ගේ ජීවිත කෙරෙහිද අයහපත් අයුරකින් බලපාන්නට ඉඩ ඇතැයි පැවැසෙයි. උදාහරණයක් වශයෙන් සඳ කිරණ මෝරන කාලයේ බිජු ලෑමේ පුරුද්ද ඇති කැස්බෑවුන් වැනි සතුන්ට එය අහිතකර ලෙස බලපාන්නට පුළුවනැයි සැලකෙයි. මේ ප්‍රදේශයේ මුහුදු තීර දැක ගන්නට නොමැති බැවින් කැස්බෑ ප්‍රශ්නයක් නොනැගෙන මුත් වෙනත් බෙහෝ සතුනට එහි අනිටු පල විපාක විඳින්නට සිදුවෙතැයි බිය පළ කෙරේ.

මේ කෙසේ වන්නේ වී නමුදු මේ පිළිබඳව පරීක්ෂණ මාලාවක් සහ අත්හදා බැලීම් ගණනාවක් ඊට පළමුව සිදු කරන්නට නියමිත බව චයිනා ඩේලි වෙත අදහස් දක්වමින් වු චුංෆෙං +පවසා තිබේ. මේ සියලු පරීක්ෂණ ජන ශුන්‍ය ප්‍රදේශවලදී සිදු කරන්නට නියමිතය.

මේ ගැන මිනිස්සු ඒ හැටි කලබල වන්නට අවශ්‍ය නැහැ එයාලා හිතා ඉන්න විදිහට අහස වහගත්තු යෝධ හඳක් දකින්නට ලැබෙන්නේ නෑ. මේකෙදි ඒක බොහොම ඈත තියෙන තරුවක් විදිහටයි ‍පොළොවට පෙනෙන්නේ.

මෙබඳු කාරියකට නව තාක්ෂණයේ ඇස යොමු වූ පළමු වතාව මෙය නොවේ. 1990 ගණන් වලදී සෝවියට් රුසියාව දැවැන්ත අභ්‍යාවකාශ දර්පනයක් සවි කළේ සූර්ය බලය ලබා ගැනීමේත් දිවා කාලය දිගු කර ගැනීමේත් අරමුණින් යුතුවය. Znamya නමින් හඳුන්වන ලද මෙය සවි කර හෝරා කිහිපයකට පසුව කක්ෂයෙන් ගිලිහී අතුරුදන්ව ගිය බව පැවැසෙයි.

තාක්ෂණයේ ඇසින් පමණකුදු නොව කලාවේ ඇසින් ද ඇගයුම් ලද සඳ කෘත්‍රිමව නිමැවීම මේ දෙපාර්ශ්වයටම නැවුම් අත්දැකීමක් බව නිසැකය. මතෛක් කළ සඳ උවම් කළ නිර්මාණ කරුවන් මේ කාත්‍රිම චන්ද්‍රයා ගැන කවර පබැඳුම් කරත්දැයි විමසිල්ලද වටී.

පාලිත ජයකොඩි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.