lakbima.lk

අංගම්පොර සටනේ නියැලෙන 74 වියැති අත්තම්මා

ඇය නමින් මීනක්ෂි ගුරුක්කල් ය. උපන් බිම කේරලයට නුදුරු කැලිකට්හි වඩකාරා ය. ඇයගේ සම වයස් දැරියන් බෝනික්කන්ටත් පාට කොණ්ඩ කටු වලටත් ප්‍රිය කරන විටදී ඇ‍යගේ සිත ඇදී ගියේ නොසිතූ විරූ  දෙයක් වෙතටය.  ඒ කේරලයේ අතිශය ඉපැරණි ‘කාලරිපත්තු’නම් අංගම්පොර කලාව වෙතට ය. ඇ‍යගේ පියා නොපසුබටව තම දියණියන් දෙදෙනා කාලරිපත්තු ඉගැන්වීමට යැවූයේ  අතිශය උද්දාමයකිනි. පන්තියේ ගැහැණු ළමුන් සිටියේ ද ඉතා අල්පවය. එමඟින් නොපසුබට වූ ඇයගේ පියා ඔවුන් වැඩි වියේ කෙල්ලන් වූ විට දී පවා කලාරිපත්තු ඉගැන්වීමට යොමු කර වූයේ ඔවුන් තුළ තිබු දක්ෂතා මැනවින් අවබෝධ කරගත් පියෙකු ලෙසිනි.

ඇයගේ ජීවිතයේ මේ ලෙවී යන්නේ කලරිපයත්තු ඉගෙන ගත් සහ ඉගැන්වූ 68 වැනි වසරයි. බොහෝ පරිශ්‍රමයෙන් ඉගෙන ගත් දේ ඇය නූතන පරපුරට දෙනුයේ අපිරිමිත සෙනෙහසිනි. මේ වන විට ඇය කලරිපයත්තු කලරි සංඟම්හි සිසුන් 150කට මෙ‍ලෙස පුහුණුව ලබා දෙන්නී ය. මෙ‍ම අධ්‍යාපනායතනය නිර්මාණය වන්නේ 1949 දී වන අතර එය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ  ඇයගේ සැමියා වන රාඝවන් මාස්ටර් හට ය. ඔහුගේ අභිමතය පරිදි දේශීය කලාවක් වූ කලාරි කලාවේ දැනුම සියල්ලන්ටම සමීපස්ථ කිරීම සඳහා  අවැසි සියලු පහසුකම් මේ හරහා ගොඩනැඟීමට උත්සුක වී ඇත.

මෙම කලාරි  පුහුණුවීම් වලදී ඇය පවසා සිටින්නේ ශිෂ්‍යයන් තුවාල වීම අනේකව සිදුවන නමුත් ඒවා මෙම කලාව ප්‍රගුණ කරන විට දී ඉබේම සුව වන බවයි. ඒ කිසිවකින් අධෛර්යමත් නොවිය යුතු යැයි ඇය වැඩිදුරටත්  පවසා සිටින්නී ය. මේ වන විට ඇයගේ පුතුන් දෙදෙනාත් දියණියන් දෙදෙනාත්  මෙම කලාව ප්‍රගුණ කර ඇති අතර එය ඉදිරියට රැගෙන යාම සඳහා ඔවුන්ගෙන් ලැබෙන පිටුබලය අතිමහත් ය.

කලාරි ඉගැව්වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙතත් සිසුන් විසින් ගුරු ප්‍රදක්ෂිණාවක් සිදු කර ගුරු පඩුරු ඇයට ලබා දෙයි. සෑම ජුනි හා සැප්තැම්බර් කාලයේ දී ම ඇය විසින් දවසකට පන්ති වාර තුන බැගින් ආරම්භ කෙරේ.   ඇයගෙන් ගුරුහරුකම් ලබා ගැනීම සඳහා ස්ත්‍රී පුරුෂ කුල භේද නොමැත. සියල්ලන්ට ම එක සමානව උගන්වන   ඇය  ඕනෑම වයසක හා තරාතිරමක පුද්ගලයෙකුට වුව මෙ‍ම පාරම්පරික කලාව ප්‍රගුණ කිරීම සඳහා විවෘතව ආරාධනා කර සිටින්නී ය. මේ වන විට ඇයගේ දක්ෂතම ශිෂ්‍යයන් රැසක් වෙනත් ගුරු කුල ආරම්භ කර ඇති අතර ඇයට ඒ පිළිබඳව පවතින්නේ නිහතමානීව සතුටකි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.