lakbima.lk

ගූග්ල් බයිසිකල්

ලෝකයේ වයස අවුරුදු 18 ත් 48 ත් අතර පිරිස අතර ශීඝ‍්‍රයෙන් ඇති වෙමින් පවතින රෝගී තත්ත්වයක් තමයි සිරුරේ අධික කොලෙස්ටරෝල් ප‍්‍රමාණයක් තැම්පත් වීම. මේ රෝගය ඇති වුණාට පස්සේ සුව කර ගැනීම ඉතාම අපහසුයි. එය හැදෙන්න කලින් ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ හොඳ කාර්යක්ෂම ශරීර සෞඛ්‍යයකින් පසුවෙනවා නම් විතරයි. ලෝක සෞඛ්‍යය සංවිධානය එහෙම කියනවා කියලා ගූග්ල් සමාගම වාර්තා කරලා තියෙනවා. මුළු සිරුරේම මාංශ පේශී හොඳින් ව්‍යායාමයට ලක් කරන්න පුළුවන් ක‍්‍රමයක් තමයි බයිසිකල් පැදීම. 
මේ රෝගී තත්ත්වය ගැන ලෝක ප‍්‍රජාව තුළ යම් අවධානයක් ඇති කිරීමේ පියවරක් විදියට ගූග්ල් සමාගම තම සමාගමේ සේවකයන්ට ගූග්ල් ලාංඡනයේ නිල වර්ණවලින් යුතු බයිසිකල් ලබා දීලා තියෙනවා. මේ විදියට බයිසිකල් පැදීමෙන් ඒ රෝගය ඇති වීමෙන් වැළකෙන්න පුළුවන් කියන කාරණය මුල් කරගෙනයි ඔවුන්ට මේ විදියට බයිසිකල් ලබා දීලා තියෙන්නේ. දැන් ගූගල් සේවකයන් වැඩට එන්නේ පාට පාට බයිසිකල්වලින්. බයිසිකල්වලින් එන්න බැරි තරම් දුරින් ඉන්න අයට ගූග්ල් සමාගමට කිලෝ මීටර් තුනක් දුරින් වූ ස්ථානයක තමන්ගේ වාහන ගාල් කරලා එතැන ඉඳන් බයිසිකල් එක පැදගෙන එන්න පුළුවන් විදියට සකස් කරලා දෙන්නත් ගූග්ල් සමාගම පියවර ගෙන තිබෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.