lakbima.lk

අලිම අලි අලිගැටපේර

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ පේන්න තියෙන්නේ අලි ගැටපේර ගෙඩියක්. මේ අලිගැටපේර ගෙඩිය හැදුණේ හවායිවල පලතුරු වගා කරමින් ජීවත් වෙන ෆෙසිලිඩා පැසලෝගේ වගාවේ. ෆෙසිලිඩා වයස අවුරුදු 60 ක ගෙවිලියක්. ඇගේ පලතුරු වගාවෙ හැදුණු විශාලම අලිගැටපේර ගෙඩිය තමයි මේ. සාමාන්‍යයෙන් අලිගැටපේර ගෙඩියක බර ග‍්‍රෑම් 150ක් 170ක් විතර වෙනවා. නමුත් ෆෙසිලිඩාගෙ වගාවේ හැදුණු අලිම අලි අලිගැටපේර ගෙඩියේ බර කිලෝ 2 කුත් ග‍්‍රෑම් 520 ක් විතර වුණා. ඇත්තටම කියනවා නම් මේ අලිගැටපේර ගෙඩිය ඇගේ වගාවේ හැදුණු ලොකුම අලිගැටපේර ගෙඩිය විතරක් නෙවෙයි, මුළු ලෝකයෙන්ම හමු වුණු ලොකුම අලිගැටපේර ගෙඩිය කියලත් වාර්තා වෙනවා. එහෙම කියන්නේ අපි නෙවෙයි ගිනස් ලෝක වාර්තා කමිටුවයි.

Comments  

+3 #1 විමලසිරි ගම්ලත් 2018-09-04 09:47
ඇත්තටම මේවාට ‘අලි ගැට පේර‘ කියන්නේ මේවා විශාල ප්‍රමාණයෙන් පේර කියන අර්ථයෙන් නෙවෙයි. මෙයට නම සෑදී ඇත්තේ Aligator Pear කියන යොදුමෙන්. කිඹුලකුගේ සමෙහි පැහැයට සමාන ලෙල්ලක් සහිත පෙයාර් ගෙඩියක හැඩයෙන් යුක්ත පලතුරක් කියන එක තමයි මෙහි අර්ථය. ඉංග්‍රීසි බසින් මෙය හඳුන්වන්නේ Avacado නමින්.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.