lakbima.lk

සිනහවේ රහස්

 

සිනා නොමසෙන් දසන් දක්වා යැයි කීව ද නූතන පර්යේෂණ රාශියකින්  සොයා ගෙන ඇත්තේ සිනාමුසුව දවස ගෙවීමෙන් මහත් ලාභ ලැබෙනා බවකි.

නිරතුරුව සිනා මුසුව සිටීමෙන් ආයු අපේක්ෂාව ඉහළ යයි. මන්ද සිනාසීමෙන්  අධික රුධිර පීඩනය සෑදීම අවම වන බැවිනි. එමෙන් ම සිනහව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ද වැඩි දියුණු කරයි. දිනයේ වෙහෙසකර බව අවම කිරීමට හොඳම ඖෂධය වන්නේ ද සිනහවයි.

විද්වත් වාර්තා වලට අනුව සිනහ වර්ග රැසකි. එනම් ප‍්‍රභේද 19කි. ලෝකය පුරා විසිරී සිටින මිනිසුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගන්නා මාධ්‍යයක් වශයෙන් ද සිනහවට වැදගත් ස්ථානයක් හිමි වී ඇත.

උපතින් පසු බිළිඳන් හට පහසුවෙන් කළ හැකි සන්නිවේදන මාධ්‍යය වන්නේ ද සිනාසීමයි. මව් කුස පිළිසිඳ ගත් දිනයේ සිට දරුවෙක් සිනහසීම ආරම්භ කරයි.  ස්තී‍්‍ර පුරුෂ වශයෙන් ගත් කළ පිරිමින්ට සාපේක්ෂව ස්තී‍්‍රන් සිනාසෙන බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

70% වඩා මිනිසුන් අලංකාර වන්නේ මේකප් දැමීමෙන් නොව සිනහසීමෙනි. සිනා වීමට මාංශ පේශීන් අවශ්‍ය වන්නේ 26 ක් පමණී. අඩි 300 ක් ඇතුළත සිට වුව ද මිනිසුන් හට අනෙකාගේ සිනහව සන්නිවේදනය වේ. බොහෝ සිනහසෙන්නන් බොහෝ කලක් ජීවත් වන බවට සොයා ගෙන ඇත.

සිනහ සීමෙන් එකිනෙකා අතර සුහදත්වය වර්ධනය වේ. ඉන් මහඟු ප‍්‍රතිලාභ ලබා ගැනීමට අද දින සිට ම ඔබ  ද නිරතුරු සිනාසීම අරඹන්න.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.