lakbima.lk

වෙනිසියුලන් සංක‍්‍රමණ අර්බුදය උත්සන්න අතට

මේ වන විටත්  900 කට අධික වෙනිසියුලානුවන් රැසක් බ‍්‍රසීලයේ රොරයිමා ප‍්‍රදේශයට ඇතුල් වීමෙන් දැවැන්ත සංක‍්‍රමණ අර්බුදයක් නිර්මාණය වී ඇත. කාලයක සිට වෙනිසියුලාවේ පවත්නා දැඩි ආර්ථික උද්ධමනය හේතුවෙන් බොහෝ වෙනිසියුලානුවන් ප‍්‍රමාණයක් මේ වන විටත් වෙනිසියුලාවෙන් පළා  ගොස් ඇති අතර ඔවුන්ගේ මෙම අනවසර සංක‍්‍රමණයෙන් සමස්ත ලතින් ඇමරිකානු කලාපයම කැළඹී ඇත.

මෙලෙස පැමිණෙන සංක‍්‍රමණිකයින් බොහෝ කුසගින්නේ පසුවෙන බවත්  වෙනිසියුලාව තුළ මේ වන විටත් වෛද්‍ය ප‍්‍රතිකාර අඩපණ වී ඇති බවත් සඳහන්  වේ. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් බ‍්‍රසීලියානුවන් ඔවුන්ට අයත් බඩු බාහිරාදිය හා ක`ඳවුරු රාශියක් ගිනි තබා ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

බ‍්‍රසීලයට පමණක් නොව මෙම සංක‍්‍රමණ අර්බුදය පීරු, කොලම්බියා හා ඉක්වදෝරය වැනි රටවල් වෙතට ද බලපා ඇතැයි වාර්තා වේ. කොලොම්බියාවේ තාවකාලික වාසිකත්වය හිමි වෙනිසියුලානුවන් ගණන 800 000 ඉක්මවයි. පසුගිය කාල වකවානුව තුළ චිලී රාජ්‍යයට ඇතුල් වූ වෙනිසියුලානුවන් ගණන ද  20 000 කට අධික ය.

කෙසේවෙතත් වෙනිසියුලාවට අවට කලාපීය රටවල් 'දැඩි සංක‍්‍රමණ ප‍්‍රතිපත්තියකට' අනුව කටයුතු කිරීමට සූදානම්ව හිඳී.

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.