lakbima.lk

සත්ව ලෝකයේ අපූරු තොරතුරු

සත්ව රජදහන හරිම පුදුමාකාරයි මිනිසුන්ට පමණක් සීමා නොවුණු අපූරු හැසිරීම් ඔවුන්ගේ චර්යා රටා තුලත් එක ලෙසම පවතියි. එවන් අපූරු  තොරතුරු  රාශියක් ගෙන එන්නයි මේ වෑයම. නිරතුරුව හමුවන මේ සතුන් පිළිබඳව මේ තොරතුරු ඔබ මින් පෙර දැන සිටියා දැයි සිතන්න. 

අප සුලබව ආහාරයට ගන්නා ඉස්සන් ගේ හදවත තිබෙන්නේ ඔවුන්ගේ හිස  තුල බව මින් පෙර දැන සිටියා ද ? ගොළුබෙල්ලන් හට නිදාගත හැකි උපරිම කාලය වසර 3ක් බව නවතම පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. සෑම ජීවියෙක්ට ම එක් නාසයක් බැගින් තිබුණත් හම්බෙල්ලාට නාස් 4ක් පිහිටා ඇත. සියලූම සතුන්ට පැනීම ඉතා පහසු කාර්යයක් වුණත් සත්ව ලෝකයේ දැවැන්තයා වන අලියාට පමණක් පැනීම අපහසු කාර්යයකි.

රයිනෝසිරස් ගේ නාමය ඇසුණු පමණින් මතකයට නැෙඟන්නේ ඔවුන්ට ම ආවේණික රයිනෝ අඟ යි.  මේ සුවිශේෂී අඟ නිර්මාණය වී ඇත්තේ කෙරටීන් සංඝටකයෙනි. එ් අනුව කෙස් ගස් රැසක් ඝන වීමෙන් මෙම අඟ සැකසී ඇත.පර්යේෂණයකට අනුව ගෙම්බෙකු පහසුවෙන් නිදි ගැන්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ ගෙම්බා ගේ උදරය උඩු අතට හරවා සෙමෙන් පිරිමැදීම පමණී.

සාමාන්‍යයෙන් සතෙකු ගනු ලබන ආහාර දිරවීමට පැය 24ක් ගත වුව ද ස්ලොත් සතෙකු ගේ ආහාර දිරවීමට සති 2ක කාලයක් ගත වන බව සොයා ගෙන ඇත. සීතලෙන් මිදුණු ඇනටාර්ටික්  ග්ලැසියරයෙන් 3%ක් අඩංගුව ඇත්තේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ මුත‍්‍රා ය. එමෙන් ම එළදෙනෙක් තම ජීවිත කාලය තුල දී කිරි වීදුරු ලක්ෂ 2කට ආසන්න ප‍්‍රමාණයක කිරි ප‍්‍රමාණයක් ලබා දෙයි. සත්ව ලෝකයේ ශබ්දයක් නිකුත් කිරීමට නොහැකි ගොළු සත්වයා ජිරාෆ් ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.