lakbima.lk

ඉන්දියානු රජය සුළුතරය මඩින මෙහෙයුමක ?



නිර්ආගමික ව්‍යවස්ථාවක් සහිත රාජ්‍යයක් ලෙස සැලකෙන ඉන්දියාව විසින් ඇසෑමයේ ඉන්දියානු පුරවැසිභාවය නීර්ණය කෙරෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පණත් කෙටුම්පතක් ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙම පණත 1985 දී රජීව් ගාන්ධි විසින් අත්සන් කළ ඇසෑම් ගිවිසුමේ ම දිගුවක් ලෙස සැලකේ. මේ අනුව ඉන්දියානු වාර්ගික සුළුතරය මර්දනය කෙරෙන  මෙකී ඊනියා මෙහෙයුම සම්බන්ධයෙන් ඇසෑමයේ ජනතාව සිය අප‍්‍රසාදය පළ කර සිටියි.
ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන්ට අනුව මෙවන් ලියාපදිංචි  කිරීමක් සිදු කරනුයේ  1951 සිට ඉන්දියානු ජාතික ලියාපදිංචි ක‍්‍රමවේදය  යාවත්කාලීන නොවූ බැවිනි. මේ හරහා බංග්ලාදේශයේ සිට පැමිණිය හැකි අනවසර සංක‍්‍රමණිකයින් තහනම් කිරීම මූලික අරමුණ වී ඇති බව ඔවුහු ප‍්‍රකාශ කර සිටිති.    


එ් අනුව දැනට එකී ලැයිස්තුවේ ලියාපදිංචි පුද්ගලයන් කෝටි 3 කට  අධික ජනකායකින් මිලියන 4 කට ආසන්න පිරිිසක් ඉවත් කර ඇති  බවත් මෙය හුදෙක් ඉන්දියානු බෙංගාලි ජාතිකයින් මර්දනය කිරීම සඳහා ගත් පියවරක් බවත් ක‍්‍රියාකාහු පවසා සිටිති. මෙම සිදුවීමෙන් මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට වූ අභාග්‍ය සම්පන්න ඉරණම ම ඇසෑමයේ ජනතාවට සිදුවිය හැකි බවට විවිධ අනාවැකි පළවෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.