lakbima.lk

දවස් දෙකයි මඟුල ඉවරයි



දක්ෂිණ දිග කෙන්යාවේත් උතුරුදිග ටැන්සානියාවේත් මසායි කියන ජන වර්ගයට අයත් වැසියන් ජීවත්වෙනවා. මේ අය අතරේ අරුම පුදුම සම්ප‍්‍රදායන් වගේම සිරිත් විරිතුත් මහ ගොඩක් තියෙනවා. ඉන් එකක් ගැනයි මේ කියන්න යන්නේ. මසායි තරුණයෙක් සහ තරුණියක විවාහ වුණාට පස්සේ ඔවුන් ජීවත්වෙන්න  ඕනෑ වෙනම නිවසකයි. නිවසක් කිව්වාට මේවා නිකන්ම කුඩාරම් විතරයි. අලූත විවාහ වුණු යුවලක් මේ විදියට කූඩාරමක තනි පදිංචියට ගියාට පස්සේ සිදුවන දෙයක් තමයි මේ. මොකක් හෝ හේතුවක් නිසා මේ තරුණියගේ සැමියා පිට පිට රාත‍්‍රීන් දෙකක් නිවසට එන්නේ නැතිව වෙනත් කොහේ හෝ නතර වුණොත් මේ විවාහය එතනින්ම අවසන් වෙන්නත් පුළුවන්. සැමියා රාතී‍්‍රන් දෙකක් නිවසේ ගත නොකළොත් සැමියාගේ අම්මා ලේලි ඉන්න කූඩාරමට එනවා. ඒ එන්නේ හොඳකට නම් නෙවෙයි. එහෙම ඇවිදින් ඇගේ වර්ණවත් හිස පළඳනාව ගලවා ගන්නවා. ඒ කියන්නේ එතනින් විවාහය අවසන් වෙනවා කියන එකයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.