lakbima.lk

අදෘශ්‍යමාන ශ‍්‍රවණාධාරකයක්



කන් ඇසීම අඩු අයට සාමාන්‍යයෙන් කරන්නේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන්ට ගැළපෙන ආකාරයේ ශ‍්‍රවණාධාරකයක් පාවිච්චි කරන්නට ඉඩ සලස්වන එකයි. මුල් කාලේ භාවිතා කළ ශ‍්‍රවණාධාරක තරමක් විශාල වුණත් තාක්ෂණයේ දියුණුවත් සමග එ්වා කෙමෙන් කුඩා වන්නට පටන් ගත්තා. නමුත්, එ්වා කුඩා වුණත් ශ‍්‍රවණාධාරකයක් පැල`දගෙන සිටිනවා නම් සාමාන්‍යයෙන් එ්ක පෙනෙන්නට තිබෙනවා. එවිට ඇතැම් අය ඔවුන් දිහා වෙනස් විදියට බලනවා. මෙන්න මේ ගැටලූවට විස`දුමක් විදියට තමයිEargo Plus Invisible Hearing Aid කියන අලූත්ම ශ‍්‍රවණාධාරකය හ`දුන්වා දී තිබෙන්නේ. මෙය ජංගම දුරකථනයක හෙඞ් සෙට් එකක කනට රුවා ගන්නා කොටසට බොහෝ දුරට මෙය සමානයි. කන් දෙකටම මේවා දෙකක් රුවා ගත යුතු අතර, එය සාම්ප‍්‍රදායික ශ‍්‍රවණාධාරකයක් සේ පිටතට දිස් වන්නේ නැහැ. මෙහි පාලක උපකරණ වෙනම පවතින අතර එය ඔබේ ඇ`දුමේ වෙනම තැනක ර`දවා ගත හැකි අතර කනට රුවා ගන්නා කොටස් දෙක සහ මේ පාලක උපකරණය බ්ලූටූත් ඔස්සේ එකිනෙක සම්බන්ධව පවතිනවා. මෙය නැවත ආරෝපණය කළ හැකි බැටරිවලින් යුක්තයි. මෙයින් ග‍්‍රහණය කර ගන්නා ශබ්ද සංඛ්‍යාත, වර්ධනය කිරීමෙන් පසු කන්් බෙරය වෙත කෙළින්ම යොමු වෙනවා. මේ ශ‍්‍රවණාධාරකය වටා ඇති කෙ`දි විශේෂය නිසා කන තුළට වාතයට ගමන් කරන්නට බාධාවක් ඇති වන්නේ ද නැහැ. මේ උපකරණයේ එකිනෙකට වෙනස් ශබ්ද උපක‍්‍රම හතරකින් යුක්තයි. කනට සෙමින් තට්ටුවක් දැමීමෙන් මේ උපක‍්‍රම මාරු කළ හැකියි. අධික ශබ්දයක් පවතින තැනක නම් කනට තට්ටුවක් දමා ඔබට පහසුවක් වන ආකාරයට ශබ්දය අඩු කරගන්නටත් ඉතා අඩු ශබ්දයක් පවතින තැනක ඉන්නවා නම් කනට තට්ටුවක් දමා එ් හ`ඩ තවත් වර්ධනය කරගන්නට වශයෙන් මේ ශබ්ද උපක‍්‍රම සකස් කොට තිබෙනවා. ඊට අමතරව මෙය හො`දින් නඩත්තු කරන්නට අවශ්‍ය මෙවලම් කට්ටලයක් ද මේ සමග ලැබෙනවා. පේටන්ට් බලපත‍්‍රයේ ගැටලූවක් පවතින නිසා තවමත් මෙහි මිල නම් දැනුම් දී නැහැ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.