lakbima.lk

මේගන් පළමු රාජකීය සම්ප‍්‍රදාය කඩයි

මේ වෙද්දී රාජකීය විවාහය ගැන තිබුණු කතාබහ අඩු වෙලා තිබුණත් දැන් ආයෙත් ඒ ගැන කතාබහක් ඇති වෙන්නයි යන්නේ. ඒකට හේතුව තමයි මේගන් මාකල් රාජකීය සම්ප‍්‍රදායයන් අතරින් එකක් පළමු වරට කඩා දැමීම. පහුගිය දවසක ලන්ඩනයේ වාර්ෂික තුරඟ තරග සමාරම්භක උත්සවය පැවැත්වුණා. රාජකීය සම්ප‍්‍රදායට අනුව මේ උත්සවයට එන හැම රාජකීයයෙකුම තමන්ගේ නම සඳහන් බැජ් එකක් පැලඳිය යුතු වෙනවා. මේ බැජ් නිර්මාණය කරන්නෙත් තුරඟ තරග සංවිධායකයන් විසින්මයි. මේ විදියේ බැජ් එකක් පලඳින්න  ඕනෙ නැත්තේ එළිසබෙත් රැජින විතරයි. කොහොම වුණත් මේ උත්සවයට ගිය විලියම්, කේට්, හැරී ඇතුළු සියලූම දෙනා බැජ් පැලඳ සිටියත් මේගන් විතරක් බැජ් එක පැලඳ ඉඳලා නැහැ. මේ නිසා බි‍්‍රතාන්‍ය මාධ්‍ය වගේම සාමාන්‍ය ජනතාවත් දැන් මේගල්ට ඇඟිල්ල දික් කරමින් තමයි ඉන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.