lakbima.lk

නහයෙන් කතා කරමු

සමහරු කතා කරද්දී කටහඩ ඇහෙන්නේ හරියට නහයෙන් කතා කරනවා වගේ. ඒ නිසා ”මොකද නහයෙන් කතා කරන්නේ” කියලා අහන්න හිතෙනවා. ඒත් ඇත්තම කතාවත් එ්කම තමයි. අපි හැමෝම කතා කරන්නේ නහය නිසා. ඒ කියන්නේ මිනිසාගේ කටහ`ඩ තීරණය වෙන්නේ නහයේ හැඩය අනුවයි. ඒක තවත් ටිකක් මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. මිනිස් හ`ඩ උත්පාදනය වෙන්න බලපාන ප‍්‍රධාන ස්ථාන හතරක් තියෙනවා. ඉන් එකක් තමයි නාසය. අනිත් තුන තමයි දිව, උගුරු දණ්ඩ සහ කෝටරය. මේ ස්ථාන හතරේ හැඩය, ප‍්‍රමාණය සහ පිහිටා තිබෙන ආකාරය අනුව තමයි හෙඞ් ස්වභාවය තීරණය වෙන්නේ. එ් කියන්නේ කටහ`ඩ රළු ද, මෘදු ද කියන කාරණයත් හෙඞ් තීව‍්‍රතාවත් ප‍්‍රධාන වශයෙන්ම මේ ස්ථාන මත රඳා පවතිනවා. නාස්පුඩු දෙකට ඇ`ගිල්ල තියාගෙන කතා කරලා බලන්න. එතකොට මේ කතාවේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් වේවි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.