lakbima.lk

මිනිස් දිව ගැන මේ කරුණු දන්නවාද?

මිනිස් සිරුරේ පිහිටා තිබෙන මාංශ පේශි අතරින් ශක්තිමත්ම මාංශ පේශිය තමයි මිනිස් දිව. සාමාන්‍යයෙන් මිනිස් දිව සෙන්ටි මීටර් 10ක් විතර දිගින් යුතු වෙනවා. හැබැයි දිව එළියට දාන්න කියලා කිව්වොත් සෙන්ටි මීටර් 10 ක් දිග දිවක් එළියට දාන්න බැහැ. එළියට එන කොටස දිවේ සම්පූර්ණ දිගින් තුනෙන් දෙකක විතර ප‍්‍රමාණයක්.
මිනිස් දිවට රස දැනෙන්නේ රස අංකුරවලින්. සාමාන්‍යයෙන් රස අංකුර 2000 ක් 10000ක් විතර ප‍්‍රමාණයක් මිනිස් දිවේ තියනවා. සෑම දින 10 කට හෝ 14 කට වරක් මේ රස අංකුර සම්පූර්ණයෙන්ම මිය යනවා. හැබැයි ඒ වෙනුවට අලූත් රස අංකුර හට ගන්නවා.
ලෝකයේ දිව රෝල් කිරීමේ හැකියාව තියන අය ඉන්නේ මුළු ජනගහනයෙන් සියයට 30 කටත් අඩු ප‍්‍රමාණයක්. ඒ හැකියාව ඇති වෙන්නේ ජාන සැකැස්ම අනුවයි. දැන් ඉතින් උත්සාහ කරලා බලන්න දිව රෝල් කරන්න පුළුවන් ද කියලා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.