lakbima.lk

මෙහෙමත් බීමක්



මේ පින්තූරේ ඉන්න කෙනාගේ  නම බෘස් මාස්ටර්ස්. ඉන්නේ එක්සත් රාජධානියේ ෂ්ලිට්වික් කියන ප‍්‍රදේශයේ. මේ වෙද්දී වයස අවුරුදු 78ක් වෙනවා. මෙයා බීරවලට හරිම කැමති කෙනෙක්. එයා එයාගෙ ජීවිත කාලය තුළ වැඩියෙන්ම ගිහින් තියෙන්නේ බීර සැල්වලට. එයා පළමුවෙනි වතාවට බීර සැලකට ගිහින් තියෙන්නේ 1960 අවුරුද්දේ. ඒ වෙද්දී එයාගෙ වයස අවුරුදු 20 ක් පිරුණා විතරලූ. ඉතින් එදා ඉඳලා මේ වෙනකන් එයා බීර බොන්න ගිහින් තියන බීර සැල් ගණන 46495 ක් කියලයි වාර්තා වෙන්නේ. මේ හැම බීර සැලකින්ම බිල්පතක් ලබා ගන්නත් ඔහු අමතක කරලා නැහැ. ඒ විදියට බිල් 46495ක් ඔහු ළ`ග තියනවා. ඉතින් ලෝකයේ වැඩිම බීර සැල් ගණනකට ගිය කෙනා විදියට මෙයාව ගිනස් වාර්තා පොතට පවා ඇතුළත් කරන්න කටයුතු කරලයි තියෙන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.