lakbima.lk

ඇඟිල්ල නැත්නම් දිවටත් පුළුවන්



අපි දන්නා විදියට එකිනෙකාගේ ඇඟිලි සලකුණු සම්පූර්ණයෙන්ම එකිනෙකාගෙන් වෙනස් වෙනවා. එක් අයෙකුගේ ඇඟිලි සලකුණක් තවත් කෙනෙකුට පිහිටන්නේ නැහැ. නමුත් මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ ඇඟිලි සලකුණුවලින් විතරක්ම නෙවෙයි. මිනිසාගේ දිවේ සලකුණක් ගත්තොත් ඒකත් සම්පූර්ණයෙන්ම  එකිනෙකාගෙන් වෙනස් වෙනවා. නමුත් දිවේ සලකුණ ලබා ගන්න නිසි ක‍්‍රමවේදයක් තවමත් සොයාගෙන නැති නිසා එය නීතිමය කටයුතුවලට පාවිච්චි කරන්නේ නැහැ. දිවේ සලකුණ විතරක් නෙවෙයි, ජීවන සුවඳ කියන්නෙත් එක් එක් පුද්ගලයාට ආවේණික ලක්ෂණයක්. එක් අයෙකුගේ ළඟින් වහනය වන ගන්ධය ඔහුට හෝ ඇයට විතරක් ආවේණිකයි. එය තවත් කෙනෙකුට නැහැ. සුවඳ කියන්නේ මැන බලන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ නිසා ඒකේ ප‍්‍රමිතියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේ විදියට බැලූවොත් පුද්ගලයන් එකිනෙකාගෙන් වෙන්කර හඳුනා ගන්න ඇඟිලි සලකුණුවලට අමතරව දිවේ සලකුණත්, ජීවන සුවඳත් වැදගත් වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.