lakbima.lk

දුලබ නිල් දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

යුරෝපයේ රජ මැදුරුවල වසර තුන්සියයක් පැවැති දුලබ නිල් දියමන්තියක් ජිනීවා හි පැවැති වෙන්දේසියකදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 කට විකිණීගොස් තිබේ. ෆානීස් බ්ලූ නමින් හැඳින්වෙන මෙම නිල් දියමන්තිය පාමා හි ඩියුක්වරයාගේ දියණිය  වූ එලිසබෙත් ෆානීස් 1715 වසරේදී ස්පාඤ්ඤයේ පස්වැනි පිලිප් රජු සමග විවාහ වන අවස්ථාවේ ඇයට තෑග්ගක් ලෙස ලැබුණකි. පසුව පරම්පරා ගණනක් තිස්සේ එය එරට සිට ප්‍රංශය, ඉතාලිය හා ඔස්ට්‍රේලියාවට යවා තිබේ.
ඉන්දියාවේ සුප්‍රකට ගොල්කොන්ඩා නිධියේ තිබි ලැබුණු මෙම දියමන්තිය කැරට් 6.1ක වටිනාකමකින් යුතුය. සොතෙබිස්හි මේ සඳහා පැවැති වෙන්දේසිය ඇරඹී විනාඩි හතරක් තුළ මෙම දියමන්තිය විකිණී ගිය අතර වෙන්දේසි සමාගම ඒ සඳහා නියම කළ වටිනාකම වූ මිලියන පහක මුදල ඉක්මනින් පසුකරන්නට එයට හැකිවිය.  
 
බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.