lakbima.lk

තූතන්කාමන්ගේ රහස් කුටිය මිථ්‍යාවක් බව හෙළිවෙයි

තූතන්කාමන් රජුගේ යැයි සැලකෙන රහස් කුටියක් සෙවීමට දිගු කලක් උත්සාහ කළ ඊජිප්තු බලධාරීහු එවැන්නක් නොමැති බව පවසමින් එම සෙවීම අවලංගු කොට තිබේ. මෙම ළදරු රජුගේ වසර තුන්දහසක් පැරණි ආදාහන කුටිය පසුපස රහස් කාමරයක් ඇති බවට තමාට සියයට අනූනවයක් විශ්වාස බව මුලදී ඔවුහු කියා තිබිණි. ඇතැමකුගේ මතය වූයේ එය තූතන්කාමන්ගේ මව වන නෙෆ්ටි ටී රැජිණගේ ආදාහන කුටිය බවය.
කෙසේවුවද නවතම සොයාගැනීම්වලින් කියැවෙනුයේ එවැනි රහස් කුටියක් නොමැති බවය. මෙම රහස් කුටිය සෙවීම ඇරඹුණේ බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ නිකලස් රීව්ස් විසින් තූතන්කාමන්ගේ කුටිය නිරීක්ෂණය කරද්දී එහි පසුපස බිත්තියක වෙනත් කුටියක් දොරක් වැනි සලකුණු සොයාගැනීම සමගය. 
 
බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.