lakbima.lk

“අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ

ජපානයේ නොකයිඩෝ පළාතේ ජීවත්වන “අයිනු” නමැති සුළුතර ජනවාර්ගික කොටස ජපාන රජය විසින් ආදිවාසී ජනකොටසක්සේ පිළිගෙන තිබේ.

ජපාන මහ ජාතියට අවශෝෂණය නොවී සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට හුදෙකලාව සටන් වැදුණ මෙම “අයිනු” ගෝත්‍රිකයන් ඒ නිසාම විවිධ හිරිහැර අතවරවලට ලක්වූහ.

“අයිනු” යනු දඩයම හා ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් සාම්ප්‍රදායික සිරිත් ගරු කරන ජන කොටසකි. 19 වැනි සියවසේ අග භාගයේදී “අයිනු” ගෝත්‍රිකයන්ට අයත් භූමියෙන් කොටසක් ජපන් රජය යටතට අත්පත් කරගත් අතර ඔවුන්ගේ භාෂාව හා සිරිත් විරිත්  භාවිත කිරීම නීතියෙන්ම තහනම් කළේය.  

කෙසේ වෙතත් 2017 දී කළ සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ “අයිනු” ගෝත්‍රිකයන් 12300 ක් පමණ එම ප්‍රදේශයේ සිටින බවයි. ඒත් මර්දනයට බියෙන් සිය අනන්‍යතාවය වසන් කරගෙන සිටින නිසා මෙම ප්‍රමාණය මීට වඩා විය හැකි බවද පැවැසේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.