lakbima.lk

වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය

වෙන්ඩි කිලියන් කියන්නේ ඇමෙරිකානු ජාතික කාන්තාවක්. ඇය පෙර පාසල් හා ප‍්‍රාථමික පන්තිවලට උගන්වන ගුරුවරියක්. එ් නිසා වෙන්ඩිගේ ජීවිතය වැඩිපුරම ගත වුණේ සුරතල් කුඩා දරු දැරියන් සමගින්. ඇය මේ වෘත්තියේ යෙදී සිටියේද ඉතාමත් කැමැත්තෙන් හා උද්‍යෝගයෙන් යුතුවයි. එ්, ඇය කුඩා දරු දැරියන්ට අසීමිත විදියට ආදරය කරන සැබෑම ගුරු මවක්  වූ නිසයි.

වෙන්ඩිගේ ආදරය, රැකවරණය ඇයගෙන් ඉගෙන ගන්නා සෑම දරුවෙකුටම කිසිම වෙනසක් නැතිව එක සමානව ලැබුණා. එ්ත් මේ අතරින් එක් දැරියක් වෙත වෙන්ඩිගේ සුවිශේෂ අවධානයක් යොමු වී තිබුණා.8 හැවිරිදි ඇය නමින් නිකොලේ මිලර්. ඇයට තිබුණේ ඉතාමත් ප‍්‍රියමනාප, සුන්දර සිනහවක්. ඇය ඉතාමත් අහිංසකයි. මේ ලක්ෂණ නිසා වෙන්ඩිගේ සිත ඇය කෙරෙහි වඩාත් ඇදී ගියා. ඇයත් වෙන්ඩිට ආදරය කළේ තමන්ගේ මවට වගෙයි. ඉහළ පන්තිවලට සමත් වෙද්දී නිකොලේට වෙනත් ගුරුවරියන් ලැබුණා. එ්ත් වෙන්ඩිගේ සිතින් නිකොලේව ඉවත් වුණේ නැහැ.

නිකොලේ උපතින්ම ජානගත රෝගයකින් පෙඵණා. තවත් කාරණයක් තමයි උපතින්ම ඇයට තිබුණේ එක් වකුගඩුවක් පමණයි. කලක් ගතවුණා. නිකොලේ ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. ඇයගේ රුධිර පීඩනය අසාමාන්‍ය අන්දමින් ඉහළ ගියා. ඇය ඉතාමත් ඉක්මනින් වෙහෙසට පත්වුණා. එ් නිසා ඇයගේ පාසල් ගමනටත් බොහෝ බාධා ඇතිවුණා. මව්පියන් ඇයව වෛද්‍යවරයෙකු වෙත යොමුකළා.

”ඉතාමත් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන්න වෙයි. එහෙම නොවුණොත් දරුවාගේ ජීවිතය නැති වෙන්නත් ඉඩ තියෙනවා” වෛද්‍ය නිගමනය වුණේ එයයි. නිකොලේගේ මව්පියන්ගේ ඉහ මොළ රත්වුණා. පියා වකුගඩුවක් ලබාදෙන්න ඉදිරිපත් වුණා. එ්ත් ඔහු අධිරුධිර පීඩනය තිබෙන කෙනෙක්. එ් නිසා ඔහුගෙන් එය ලබාගන්නට පුඵවන්කමක් තිබුණේ නැහැ. ශාරීරිකව දුර්වල තත්ත්වයක සිටි මවටත් වකුගඩුවක් දෙන්න පුඵවන් වුණේ නැහැ.

පියා සමාජ ජාල අඩවිවලට මේ පුවත යොමුකරමින් තම එකම දියණිය වෙනුවෙන් වකුගඩුවක් ලබාදෙන මෙන් කරුණාවන්ත හදවත් ඇති අයගෙන් ඉල්ලා සිටියා. එහි ප‍්‍රතිඵලයක් විදියට වකුගඩු ලබාදෙන්නට ‘සැබෑ  මිනිසුන්’ 18 දෙනෙක් ඉදිරිපත් වුණා. එ්ත් අවාසනාවක මහත. එ් එක් අයෙකුගේවත් වකුගඩු  මේ දැරියට ගැළපුණේ නැහැ. නිකොලේගේ මව්පියන් අසරණකමේ පතුලටම ඇද වැටුණා.

මේ අතර නිකොලේගේ තත්ත්වය ගැන වෙන්ඩිට දැනගන්නට ලැබුණා. ඇයට දැනුණේ දැඩි සිත් වේදනාවක්. ඇයට  ඕන වුණේ නිකොලේගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කළ හැකි උපරිම උදව්වක් කරන්නයි.
”මම නිකොලේගේ ජීවිතය බේරාගන්න මගේ වකුගඩුවක්  පරිත්‍යාග කරනවා.” වෙන්ඩි තීරණයකට එළඹුණා.
මීට කලින් වතාවකදී වෙන්ඩිගේ පුතාට ලේ හා සම්බන්ධ දරුණු රෝගයක් වැලඳුණා. එයින් ඔහු ඉතාමත් අසාධ්‍ය වුණා. ඔහුව සුවපත් කරන්නට නම් ඔහුට ගැළපෙන රුධිර පට්ටිකා අවශ්‍ය වුණා.

මේ පට්ටිකා වර්ගය බොහොම හිඟයි. එ් නිසා එ්වා සොයාගැනීම පහසු වුණේ නැහැ. ඉදිරිපත් වුණු බොහෝ දෙනෙක් අතරින් දරුවාට ගැළපෙන පට්ටිකා වර්ගය ලැබුණේ එක්කෙනෙකුගෙන් පමණයි. ඔහු නිසා වෙන්ඩිගේ දරුවාගේ ජීවිතය ආරත්ෂා වුණා.

මේ උතුම් පරිත්‍යාගය ආදර්ශයට ගනිමින් වෙන්ඩිටත් උවමනා වී තිබුණා කෙනෙකුගේ ජීවිතය බේරාගන්න තමාත් යම් පරිත්‍යාගයක් කරන්න. එ් නිසයි ඇය තමාගේ වඩාත් සිත් ගත් දැරිය වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න කිසිම පැකිළීමක් නැතිව ඉතාමත් සතුටින් ඉදිරිපත් වුණේ.

වෙන්ඩිගේ වකුගඩුව නිකොලේට ඉතාමත් හොඳින් ගැළපුණා. 2013 අපේ‍්‍රල් 26 වැනිදා ඇමෙරිකාවේ ක්ලිව්ලන්ඞ්හි රේන්බෝ ළදරු හා ළමා රෝහලේදී වෙන්ඩිගෙන් ලබාගත් වකුගඩුව නිකොලේට බද්ධ කෙරුණා. අද මේ ගුරු ගෝල දෙදෙනාම සිටින්නේ ඉතාමත් නිරෝගී මට්ටමෙන්.

”මං හිතනවා මට ජීවිත කාලෙදී කරන්න පුඵවන් ලොකුම හා හොඳම පරිත්‍යාගය මම කරලා තියෙනවා කියලා. මට දැනෙන්නේ කෙළවරක් නැති සැනසීමක්” වෙන්ඩි පවසන්නේ අප‍්‍රමාණ සතුටකින්.   

නඳුන් අමන්ද
මනමේන්ද්‍ර ආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.