lakbima.lk

ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ

ලෝකයේ අතිශය දූෂිත නගර විස්සෙන් දහ අටක්ම ඇත්තේ දකුණු ආසියාවේ බව ග්‍රීන්පීස් හා එයාර් විෂුවල් යන ජාත්‍යන්තර සංවිධාන මගින් සිදුකළ අලුත්ම සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

මෙම නගර අතරට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය, පාකිස්තානයේ ලාහෝරය හා බංග්ලාදේශයේ ඩකා අගනුවර අයත් වීමද  විශේෂත්යයකි.

එසේම ලොව පරිසර දූෂණය අතින් ඉහළම තැන ගන්නා නගර දහය අතරට ඉන්දියාවේ නගර හතක්ම අයත් වන බවද එම සමීක්ෂණය පෙන්වා දෙයි. මේ අනුව ඉන්දියාව ලොව දූෂිතම නගර වැඩිම ප්‍රමාණයක් ඇති රට බවටද පත්වී ඇත.

මීට පෙර මෙම වාර්තාව හිමිකරගෙන තිබුණේ චීනයයි. එහෙත් චීනය ඒ අභියෝගයට මුහුණ දී ඉන් ජයගෙන ඇතැයිද ඉහත සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව ලෝකයේ දූෂිතම නගරය වීමේ අගෞරවය හිමිකරගෙන ඇත්තේ ඉන්දියාවේ අග නගරයේම උප නගරයක් වන ගුරුග්‍රාම් නගරයයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.