lakbima.lk

මිනිසා සඳ තරණය කොට අඩසියවසකට ආසන්නය. එතැන් සිට ඔහු සිය බුද්ධිය මෙහෙයවූයේ වෙනත් ග්‍රහලෝක ජයගන්නටය. එහෙත් කෙදිනක හෝ මිනිසා සූර්යයා ජයගනු තබා ඒ සමීපයට හෝ යන්නට සිතනු ඇතැයි කිසිවකුත් නොසිතුවේය. කිසිවෙකුත් නොසිතන දේ ප්‍රති නිර්මාණය කෙරෙනා සැලසුම් සදන්නට සැබෑ රුසියෝ අභ්‍යවකාශ විද්‍යාඥයෝය. නාසා ආයතනයේ එවන් විද්‍යාඥයන් පිරිසක් මිනිස් වර්ගයා සිතන්නටවත් නොපෙලඹුණු ක්‍රියාවකට පසුගිය 12 වැනිදා මුල් පියවර තැබිය. ඒ සූර්යාගේ වායුගෝලයට ඇතුළුවිය හැකි අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කිරීමය.
2009දී ප්‍රකාශයට පත් කරන ලද මේ ව්‍යාපෘතිය සාදනු ලැබුවේ ජෝන් ගොජකින් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේදීය. මෙම යානය නම්කර ඇත්තේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉවිජින් පාකර්ගේ නමිනි. ජීවතුන් අතර සිටිනා කෙනෙකුගේ නමින් නාසා ආයතනය අභ්‍යවකාශ යානයක් නම් කළ මුල්ම අවස්ථාව මෙය ලෙසින් හැඳින්වෙයි. 'පාකර් සෝලර් ‍ප්‍රොබේ' ලෙසින් හැඳින්වෙන මෙම යානයට හිරුගේ වායුගෝලයට ඇතුළුවීමට මෙන්ම එහි (සූර්යයාගේ) මතුපිට සිට කිලෝ මීටර් මිලියන 6.2ක් දුරට සමීප විය හැකි වීම
විශේෂත්වයකි. පසුගිය 12 වැනිදා කානවරල් තුඩුවෙන් මෙම යානය ගුවන් ගත කළේ 'Delta IV Heavy' නම් රොකට්ටුව යොදාගෙනය. සෙල්සියස් අංශක 1000ක් තරම් ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන මෙම යානය සූර්යා ගැන පරීක්ෂණ කිරීමට අත්‍යවශ්‍ය Solar wind Electrons Alpbas and protons investigetors වැනි උපකරණවලින්ද සමන්විතය.
පෘථිවිවාසීන් මිලියන 1.1කගේ නම් සඳහන් මයික්‍රෝ චිපයක් මෙහි ඇතුළත් කර ඇත. මේ පිරිස තෝරාගෙන ඇත්තේ අයැදුම්පතක් කැඳවීමෙන් බව වාර්තා වන අතර එම මයික්‍රෝ චිපයට Solarphysics  පිළිබඳ මහාචාර්ය පාකර් ලියූ ලිපියක්ද ඇතුළත් බව වාර්තා වෙයි.

තරුෂ ප්‍රනාන්දු

  1. පාකිස්තාන අගමැතිගේ නොදන්න කතා
  2. කැස්පියන් මුහුද රටවල් පහක් බෙදා ගනී
  3. අරුම පුදුම ගෙවල් පහක්
  4. හිට්ලර් නිසා අපූරු හෝටලයකුත් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?
  5. මිනිස් මිතුරන්ට උදව්කොට ඔවුන් නිසාම මෙලොවින් සමුගත් සුනඛ වීරයා
  6. මගේ දුව දැන් ඉන්නේ බය වෙලා වගේ මේගන් මාර්කල්ගේ පියා පවසයි
  7. ගම් යටකරමින් බිඳී ගිය ලා ඕසයේ වේල්ල
  8. වසරක් තුළ ලොව වැඩිම ආදායම් ඉපැයූ රංගන ශිල්පියා ජෝජ් ක්ලූනි
  9. මී වධය නැති නගරය
  10. කුඩා දේවල් අස්ථාන ගතවීම වළක්වන උපකරණයක්
  11. ලොකකුසලාන පාපන්දුව යට සැඟවුණු මේ කතා ටිකත් දැනගමු
  12. විලියම් මුත්තම්මා බලන්න ගිහින්
  13. ස්වීඩනය විදුලි මෝටර්රථ සඳහා විදුලිය කැවූ මාර්ග ඉදි කරයි
  14. පළමු බබා සමග දෙවෙනි මනමාලි
  15. ආදරණීය බැක්ටීරියා
  16. ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් පිටිය දෙවනත් කරන පාපන්දුවේ වසන්ත කාලය
  17. රුසියාවෙන් අපූරු පාපන්දු සැමරුමක් පිදුරුවලින් පාපන්දු පිටියක්
  18. හදිසියේ මතුවූ ග්‍රහකයක් නිසා ලෝකයට අලුත් තර්ජනයක්
  19. බරක් සහ මිෂෙල් ඔබාමා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට
  20. ලෝකයෙන් තුරන් වී ගිය සත්වයෙකු චිනයෙන් මතුවෙයි
  21. සඳෙහි නොපෙනෙන පැත්තට යන පළමු යානය චීනයෙන්
  22. වෙඩිං හැංගි මුත්තන්
  23. ඉන්දියාව භීතියට පත්කළ ලිංගික අපරාධ රැල්ලක්
  24. හැරී සහ මේගන් මධු සමය කල් දමති
  25. ගූගල් කැමරාවට හසුවූ අරුම පුදුම ඡායාරූප කිහිපයක්

Page 1 of 99

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.