lakbima.lk

පසුගිය 21වන දින සිදුවු මිලේච්ච ප්‍රහාරයෙන් මිය ගිය ක්‍රිෂ්තු භක්තිකයන් වෙනුවෙන් හැටන් තරුණ බෞද්ධ සංගමයේ ශෝකය ප්‍රකාශ කිරිමට එහි නිලධාරින් පිරිසක් හැටන් ක්‍රිෂ්තු දෙව් මැදුරට 05වන දින යන ලදි.

එම බෝම්බ ප්‍රහාරයත් සමග හැටන් ක්‍රිෂ්තු දෙව් මැදුරේ ආරක්ෂාව සදහාද ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් දිවා රාත්‍රියේ රැදි සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යද එම නිලධාරින් විසින් එදින හැටන් සිරි කුරුස දෙවස්ථායේ මීසම් පාලක නිවුමන් පිරිස් පියතුමන් වෙත බාර දෙන ලදි.

මෙහිදි අදහස් දැක්වු හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක හැටන් තරුණ බෞද්ධ සංගමයේ පැවදි අනුසාසක දර්ශනපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් පවසන ලද්දේ හැටන් නගරයේ සියලුම ජාතින් සියලුම ආගමිකයන් එක මවකගේ දරුවන් ලෙස කටයුතු කරන බවත් මෙවන් අවස්ථාවේදි හැටන් ප්‍රදේශයේ කිතුන් භක්තිකයන් තනි නොකරන බවත් ඔවුන්ට අවශ්‍ය ඕනැම උදවුවක් කිරිමට කටයුතු කරන බවත්ය.

එහිදි අදහස් දැක්වු හැටන් සිරිකුරුස දේවස්ථානයේ මිසම් පාලක නිවුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමය හැටන් විහාරාධිපති ගරුතර ස්වාමින් වහන්සේ සමග මෙම දේවස්ථානයට පැමිණිම පිළිබදව තමන් මෙන්ම ප්‍රදේශයේ කිතුනු ජනතාව සතුටට පත්වන බවත් මෙම ප්‍රදේශයේ සියලුම දෙනා එකට එක්ව කටයුතු කිරිම අගය කල යුතු බවත්ය.

එමෙන්ම හැටන් සිරි කුරුස දේවස්ථානයට සම්බන්ධ කිතුනු ජනතාවද නිරන්තරයෙන් අන් ජාතින් අන් ආගමිකයන් සමග ඉතාමත් සුහදව ලෙන්ගතුව කටයුතු කිරිමට නිරන්තරයෙන් පියවර ගන්නා බවද පවසන ලදි.

සුදත් සෙල්ලහේවා  - හැටන්  


හෙට (06) දින දිවයිනේ  පාසල් ආරම්භ කිරීමට ප්‍රථම අද (05) දින පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ මගින් පාසල් පරීක්ෂා කිරීමේ ජාතික වැඩ සටහනට සමගාමිව මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත් සියලුම සිංහල, ද්‍රවිඩ, මුස්ලිමි පාසල්, ළදරු පාසල් හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි.

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත් මස්කෙළිය, සාමිමලේ, ලකඹේ යන නගර හා උප නඟරවල පිහිටි සියලුම පාසල් හා ළදරු පාසල්, බල ප්‍රදේශයට අයත් තේ වතුවල පිහිටි පාසල් සියල්ලම පොලිස් නිලධාරීන් හා  යුද හමුදා නිලධාරීන්ද සමග 35 කින් සමන්විත පිරිසක් කණ්ඩායම් 05 කට වෙන්කර  අද දවස පුරා පුලුල් පරීක්ෂාවට ලක්කිරීමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.

ඡායාරූප හා සටහන - මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය සදහා අද (03) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රින්ස් පියතුමා සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් ඇතුළු පියතුමන්ලා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

අන්තවාදයට සහ 21 දින පාස්කු මංගල්‍යය දින සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයට එරෙහිව නාවලපිටිය ප්‍රදේශයේ පාරම්පරික මුස්ලිම් ජනතාව අද (03) දහවල් නිහඩ විරෝධතාවයක නිරත විය.

නාවලපිටිය නගරයේ සොයිසාකැලේ ජුම්මා මස්ජිත්පල්ලියේ සිකුරාදා යාඥාවට සහභාගි විමෙන් අනතුරුව එම යාඥාවට සහභාගි වු මුස්ලිම් ජනතාවගෙන් පිරිසක් සහ නාවලපිටිය ප්‍රදේශයේ තවත් මුස්ලිම් පල්ලි කිහිපයක මුස්ලිම් ජනතාව එක් වි නාවලපිටිය සොයිසාකැලේ ජුම්මා මස්ජිත් පල්ලිය ඉදිරිපිට මෙම නිහඩ විරෝධතාවයේ නියලුණි.

විරෝධතාවයේ නියැලි සිටි නාවලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔහුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි. 

එම සිද්ධිය පදනම් කර ගනිමින් සමස්ත මුස්ලිම් ජනතාවට පිඩා නොකරන ලෙසටද එම නිහඩ විරෝධතාවයේ නියැලි සිටි මුස්ලිම් ජනතාව පැවසූ අතර විරෝධතාව සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක්ද සලසා තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ 

 

රටේ උද්ගතව පවතින් ආරක්ෂක තත්වයත් සමග සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාත්මකව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිගිරි නැරඹුම් කලාපය මෙන්ම නගරයද පාළු ස්වභාවයක් දක්නට  ඇත.

ඉකුත් පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවී සතියක කාලයක් ඉක්ම ගොස් ඇතත් සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස්  සංචාරකයින් සංඛ්‍යාව දිනකට 300 - 400 අතර ප්‍රමාණයකට සිමාවී තිබෙනු  දැකිය හැක.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පැවති ව්‍යපාර සියල්ල අඩපණවී ඇත. ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් මෙන්ම ගෘහාශ්‍රිතව පවත්වා ගෙන් ගිය බොහෝ සංචාරක ලැගුම්හල් පාලුවට ගොස් ඇත.

අලි සෆාරි, ගොන් කරත්ත සෆාරි සේවා සියල්ල අඩපනවී ඇති අයුරු දෑකගත හැක. සෆාරි සේවයට යොදාගත් අලි ඇතුන්ට මෙන්ම ගොනුන්ටද විවේකයක් ලැබී අයුරු දැකගත හැක.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබාගත් පිරිස් ණය වාරික ගෙවා දැමීමට නොහැකිව අසරණවී සිටින බව  සිගිරිය සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් ගුණසේකර මහතා පවසයි.

සංචාරක මඟ පෙන්වන්නන් මෙන්ම සංචාරක කරමාන්තය ආශ්‍රිතව සුළු රැකියාවන්හි නිරතවුවන්ද  අදායම් මාර්ග අහිරියමෙන් පිඩාවට මුහුණදී සිටිති.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරිය ව්‍යාපෘති කළමනාකරු අනුර නිශාන්ත මහතා කියා සිටියේ වෙනත් දිනයන්හි දේශීය සංචාරකයින් 3000-4000 ක් දිනපත් පැමිණි බවත් විදෙස් සංචාරකයින් 1000-1500 ක් දෙන දිනපතා සිගිරිය නැරඹීමට පැමිණි බවය.

වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්වය හමුවේ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 150-200 දක්වාත් දේශීය සංචාරකයින් සංඛ්‍යාව 100-150 අතර සංඛ්‍යාවට පහත වැටි ඇති බවය.

එසේම සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය ආරක්ෂක පහසුකම්  ඉහල නංවා ඇතැයිද සිගිරිය ගුවන් හමුදාව හා පොලිසියේ ආරක්ෂාවට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරක්ෂකයින්ද ඒ සදහා යොදවා ඇති බැවින් සිගිරිය නැරඹීමට කිසිදු බියක් ඇතිකර ගතයුතු නැතැයිද ඒ මහතා කියා සිටියේය.

සීගිරියේ සංචාරකයින්ගේ ආරක්ෂාව පිලිබදව තහවුරු කිරීමක් ලබාදිය හැකි බැවින් සිගිරිය නැරඹීමට පැමිනෙන ලෙස ඒ මහතා සියලු සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.